ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 4 8 පි.
  • බයිබලය සුරැකුණේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය සුරැකුණේ ඇයි?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ඇත්ත දැනගන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
    බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 4 8 පි.
බයිබලය කියවමින්

මුල් පිටුවෙන් | සුරැකුණු ඉපැරණි පොතක්

බයිබලය සුරැකුණේ ඇයි?

අද ඔයාට බයිබලය කියවන්න ලැබිලා තියෙන්නේ ඒක ආරක්ෂා වුණ නිසයි. ඔයා නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරගත්තොත් ඒකෙ තියෙන තොරතුරු බයිබලයේ මුල් පිටපත්වල තිබුණ තොරතුරුමයි කියලා නිසැක වෙන්න පුළුවන්.a දිරාපත් වෙන එකෙන්, විරුද්ධවාදීකම්වලින් වගේම අදහස වෙනස් කරන්න දරපු උත්සාහයන්ගෙන් බයිබලය පුදුමාකාර විදිහට ආරක්ෂා වුණේ ඇයි? බයිබලයේ තියෙන විශේෂත්වය මොකක්ද?

“බයිබලය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා දැන් මට තේරෙනවා”

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ කියලා බයිබලය අධ්‍යයනය කරන හුඟක් අය තේරුම් අරන් තියෙනවා. (2 තිමෝති 3:16) බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් නිසා ඔහු ඒක අද දක්වා ආරක්ෂා කළා කියලා එයාලා විශ්වාස කරනවා. මුල් ලිපියේ කතා කරපු ෆයිසාල් තමන්ට බයිබලය ගැන අනිත් අයගෙන් දැනගන්න ලැබුණ දේවල් ඇත්තද කියලා බයිබලයෙන්ම හොයලා බැලුවා. වැඩි කාලයක් යන්න කලින්, පල්ලියෙන් උගන්වන හුඟක් දේවල් බයිබලයට එකඟ නැහැ කියලා දැනගත්තම එයා පුදුම වුණා. ඒ විතරක් නෙමෙයි පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ ගැන දැනගත්තාම එයා හුඟක් සතුටු වුණා.

ෆයිසාල් මෙහෙම කිව්වා. “බයිබලය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා දැන් මට තේරෙනවා. මේ මුළු විශ්වයම නිර්මාණය කරන්න ඔහුට බලය තියෙනවා නම් ඔහුට බැරිද අපිට පොතක් දීලා ඒක ආරක්ෂා කරන්න? සියලු බලැති දෙවියන්ට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔහුට එහෙම කරන්න බලයක් නැහැ කියන්න මං කවුද?”—යෙසායා 40:8.

a 2008 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” කියන ලිපිය බලන්න.

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

බයිබලය සුරැකුණේ කොහොමද කියලා මේ සඟරාවේ මුල් ලිපිවල සඳහන් වුණා. ඒත් බයිබලයේ තියෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්” මිසක් මිථ්‍යා අදහස් නෙවෙයි කියලා නිසැක වෙන්න පුළුවන් කොහොමද? (1 තෙසලෝනික 2:13) www.pr418.com/si වෙබ් අඩවියෙන් ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන කෙටි වීඩියෝ එක බලන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න