ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 4 3 පි.
  • ඇත්ත දැනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇත්ත දැනගන්න
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය
    2007 පිබිදෙව්!
  • A3 බයිබලය අපේ අතට ආපු විදිහ
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • දෙවි ඔහුගේ අරමුණු හෙළි කර තිබේ
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • දෙවියන් දුන්න ලියවිල්ල වෙනස් වෙලාද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 4 3 පි.

මුල් පිටුවෙන් | සුරැකුණු ඉපැරණි පොතක්

ඇත්ත දැනගන්න

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියා කල්පනා කරමින්

බයිබලය වෙන කිසිම ආගමික පොතකට සමාන කරන්න බැහැ. මොකද දිගු කාලයක් තිස්සේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරගන්න ඒ පොත උදව් වෙලා තියෙනවා. අනිත් අතට වෙන කිසිම පොතකට වඩා වැඩියෙන් බයිබලය සෝදිසියටත් විවේචනයටත් ලක් වෙලා තියෙනවා.

උදාහරණෙකට මුල් පිටපත්වල තිබුණ අදහස අද තියෙන බයිබල්වල ඒ විදිහටම තියෙනවද කියලා සමහර විශාරදයන් සැක කරනවා. ආගම් ගැන අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “අපි ළඟ තියෙන බයිබල්වල මුල් අදහස හරියටම දාලා තියෙනවද කියලා සැකයි. අපේ පිටපත්වල වැරදි ගොඩක් තියෙනවා. හුඟක් පිටපත් හදලා තියෙන්නේ මුල් පිටපත් හදලා අවුරුදු දහස් ගාණකට පස්සේ. ඒ නිසා මුල් පිටපත්වලට වඩා ඒවා හුඟක් වෙනස්.”

තවත් අය එයාලගේ ආගමික පසුබිම නිසාත් බයිබලයේ නිවැරදිභාවය ගැන සැක කරනවා. උදාහරණෙකට ෆයිසාල්ට එයාගේ පවුලේ අය උගන්වලා තිබුණේ බයිබලය ශුද්ධ පොතක් වුණත් ඒකෙ අදහස් වෙනස් කරලා තියෙනවා කියලයි. එයා මෙහෙම කියනවා “කවුරු හරි මාත් එක්ක බයිබලය ගැන කතා කරද්දී ඒ තොරතුරු ගැන මට සැක හිතුණා. මොකද එයාලා ළඟ බයිබලයේ මුල් පිටපත තිබුණේ නැහැ.”

බයිබලයේ මුල් අදහස වෙනස් වෙලාද නැද්ද කියන එක ඔයාට බලපානවද? ටිකකට මෙහෙම හිතන්න. බයිබලයේ තියෙන මුල් අදහස වෙනස් වෙලා නම් අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න ඔයාට පුළුවන් වෙයිද? (රෝම 15:4) රැකියාව, පවුල සහ නමස්කාරය වගේ වැදගත් කාරණා ගැන තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඔයා පෙලඹෙයිද?

බයිබලයේ මුල් පිටපත් දැන් නැහැ තමයි. ඒත් ඒවායේ අත්පිටපත් දහස් ගණනක් තියෙනවා. ඒ අත්පිටපත් දිරාපත් වෙන එකෙන්, විරුද්ධවාදීකම්වලින් වගේම තොරතුරු වෙනස් කරන්න දරපු උත්සාහයන්ගෙන් ආරක්ෂා වුණේ කොහොමද? ඒවා ආරක්ෂා වෙලා තියෙන එක බයිබලයේ තොරතුරු විශ්වාස කරන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද? අපි දැන් ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න