ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 5 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
  • දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?
  • දේවරාජ්‍යය
    2013 පිබිදෙව්!
  • ඔයා හිතන්නේ දේවරාජ්‍යය කියන්නේ මොකක් කියලාද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බලාපොරොත්තු සුන් කරන්නේ නැති ආණ්ඩුවක් මුළු පොළොවටම! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 5 16 පි.
ස්වර්ගයේ තියෙන සිංහාසනයකින් පොළොවට ආලෝකය විහිදෙයි

බයිබලයේ කියන්නේ මොනවාද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

සමහරු හිතනවා දේවරාජ්‍යය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් කියලා. තවත් අය හිතනවා දේවරාජ්‍යය කියන්නේ ලෝකයට සාමය ගේන්න මිනිසුන් එකතු වෙලා හදාගන්න ඕනෙ දෙයක් කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු [මිනිසුන්ගේ] රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’ (දානියෙල් 2:44) දේවරාජ්‍යය කියන්නේ සැබෑ ආණ්ඩුවක්.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දේවරාජ්‍යය පිහිටුවලා තියෙන්නේ ස්වර්ගයේ.—මතෙව් 10:7; ලූක් 10:9.

  • දෙවියන් තමන්ගේ කැමැත්ත ස්වර්ගයෙත් පොළොවෙත් ඉටු කරන්නේ දේවරාජ්‍යය මගිනුයි.—මතෙව් 6:10.

දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?

ඔයා කියන්නේ මොකක්ද?

  • කවුරුත් දන්නේ නැහැ

  • ළඟදීම

  • කවදාවත් එන්නේ නැහැ

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) ශුභාරංචිය ගැන හැමෝටම දැනුම් දුන්නාට පස්සේ දේවරාජ්‍යය මගින් මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න පියවර ගන්නවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියලා පොළොවේ ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ.—මතෙව් 24:36.

  • දේවරාජ්‍යය ළඟදීම පැමිණෙනවා කියලා බයිබලයේ අනාවැකිවල පැහැදිලිවම සඳහන් වෙනවා.—මතෙව් 24:3, 7, 12.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න