ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 මැයි 30 පි.
  • මේ සතුට සරල ජීවිතයක් ගත කරන නිසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ සතුට සරල ජීවිතයක් ගත කරන නිසයි
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අභියෝග තිබුණත් ඒවා සතුටට පෙරළුණා
  • එයාලට තියෙන ලොකුම සතුට
  • ‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් පොත සහ ඔබ
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දෙවිගේ දූතයෙකුගෙන් ශක්තිය ලැබීම
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 මැයි 30 පි.
ඩැනියෙල් සහ මිරියම් පැනමාවේ කෙනෙක්ට සාක්ෂි දරමින්

මේ සතුට සරල ජීවිතයක් ගත කරන නිසයි

විවාහයෙන් පස්සේ ඩැනියෙල් සහ මිරියම් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පදිංචි වුණා. ඩැනියෙල් මෙහෙම කියනවා. “අපි දෙන්නම කළේ හොඳ රස්සාවල්. අපි හොඳ තැන්වලින් කෑවා බිව්වා. නිවාඩුවට වෙන රටවලට ගියා. හොඳ ඇඳුම් ඇන්දා. සේවය අතපසු කළෙත් නැහැ.” ඒත් එයාලගේ ජීවිතවල වෙනසක් කරගන්න එයාලා තීරණය කළා.

2006 තිබුණ සමුළුවේ දේශනයක මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. “‘මරණයට නියම කළ අයට’ සදාකාල ජීවනයට යන මාර්ගයට එන්න උදව් කරන්න අපිට පුළුවන් හැම දේම අපි කරනවද?” ඒ ප්‍රශ්නේ ඩැනියෙල්ගේ හිතට තදින්ම වැදුණා. (හිතෝ. 24:11) බයිබලේ තියෙන පණිවිඩය අනිත් අයට කියලා ජීවිත ගලවගන්න එයාලට උදව් කරන එක කොච්චර බැරෑරුම් වගකීමක්ද කියලා ඒ දේශනයේ පැහැදිලි කළා. (ක්‍රියා 20:26, 27) ඩැනියෙල් මෙහෙම කියනවා. “මට දැනුණේ යෙහෝවා දෙවි මටම කතා කරනවා කියලයි.” සේවය වැඩි කරද්දී සතුටත් වැඩි වෙනවා කියලා ඒ දේශනයෙන් මතක් කළා. ඒ වෙද්දීත් මිරියම් පුරෝගාමි සේවය පටන් අරන් හිටපු නිසා ඒක ඇත්තක් කියලා ඩැනියෙල් දැනගෙන හිටියා.

“දැන් මං තීරණයක් ගන්න ඕනෙ කියලා එදා මට තේරුණා” කියලා ඩැනියෙල් කියනවා. එයා වැඩ කරපු පැය ගාණ අඩු කරලා පුරෝගාමි සේවය පටන්ගත්තා. ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරද්දී අද්දකින්න පුළුවන් සතුට ගැන ඩැනියෙල් කල්පනා කළා.

අභියෝග තිබුණත් ඒවා සතුටට පෙරළුණා

2007 මැයි මාසේ එයාලා රස්සාවලින් අයින් වෙලා සේවය කරන්න පැනමාවට ගියා. එයාලට දේශනා කරන්න ලැබුණේ බෝකාස් ඩෙල් ටෝරෝ කියන දූපත් සමූහයට අයිති දූපත් කීපයක. ඒ දූපත්වල ඉන්න වැඩිදෙනෙක් න්ගාබෙ ආදිවාසීන්. පැනමාවේ මාස 8ක් විතර සේවය කරන්න එයාලා ඉතුරු කරගෙන තිබුණ සල්ලි ඇති වෙයි කියලා එයාලා හිතුවා.

එයාලා සේවය කරන්න ගියේ බෝට්ටුවෙන් නැත්නම් බයිසිකල්වලින්. මුල්ම බයිසිකල් ගමන එයාලට අදටත් මතකයි. ඒක කි.මී. 32ක ගමනක්. කඳුකර පැත්තක අව් කාෂ්ටකේ ගිය ඒ ගමන කොච්චර අමාරුද කියනවා නම් එදා ඩැනියෙල්ට කලන්තේ දාන්න වගේ ආවා. ඒත් ගමන අතරමඟ හම්බ වුණ න්ගාබෙ වැසියන් එයාලව ආදරෙන් පිළිගත්තා. වැඩි කල් යන්න කලින් ඒ දෙන්නා බයිබල් පාඩම් 23ක්ම පටන්ගත්තා.

සල්ලි ඉවර වේගන එද්දී ආපහු යන්න වෙයි කියලා හිතලා එයාලා දුක් වුණා. ඩැනියෙල් මෙහෙම කියනවා. “බයිබල් පාඩම් දාලා ආයෙත් යන එක ගැන හිතද්දී දැනුණේ ලොකු දුකක්.” ඒත් මාසෙකට පස්සේ ලැබුණ ආරංචිය නිසා ඒ දුක සතුටට පෙරළුණා. “අපිට විශේෂ පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. මේ රටේම ඉඳලා සේවය කරන්න පුළුවන් වුණ එක ලොකු සතුටක්” කියලා මිරියම් කියනවා.

එයාලට තියෙන ලොකුම සතුට

2015දී සංවිධානයේ කරපු වෙනස්කම් නිසා එයාලගේ පැවරුමේ වෙනසක් වුණා. ඒ දෙන්නා ගීතාවලිය 37:5 කියන මේ දේ ගැන විශ්වාසය තියලා වැඩ කළා. “ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.” ස්ථාවර පුරෝගාමි සේවය දිගටම කරගෙන යන්න පුළුවන් වෙන විදිහේ රස්සාවල් එයාලට හම්බ වුණා. දැන් එයාලා බෙරාග්වස් පළාතේ තියෙන සභාවක සේවය කරනවා.

ඩැනියෙල් මෙහෙම කියනවා. “සරල ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයි කියලා ස්පාඤ්ඤයෙන් එද්දී අපි හිතුවේ නැහැ. ඒත් අද අපේ ජීවිත සරලයි. අපිට අඩුවක් කියලා කියන්න දේකුත් නැහැ.” එයාලට තියෙන ලොකුම සතුට ගැන මිරියම් මෙහෙම කියනවා. “අවංක හදවත් තියෙන අයට යෙහෝවා දෙවි ගැන කියලා දෙන එක තරම් සතුටක් තවත් නැහැ!”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න