පටුන
3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය
අගෝස්තු 28, 2017–සැප්තැම්බර් 3, 2017 සතිය සඳහා
7 කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න
යෙහෝවා දෙවි සහ යේසුස් එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න අපි සතු දේවල් යොදාගන්න පුළුවන් විදි ගැන මේ ලිපියේ කතා කරනවා. (ලූක් 16:9) ව්‍යාපාර ලෝකේ දාසයන් නොවී උපරිමයෙන් දෙවිට සේවය කරන්න පුළුවන් විදි ගැනත් සාකච්ඡා කරනවා.
සැප්තැම්බර් 4-10, 2017 සතිය සඳහා
ආදරේ කරන කෙනෙක්ගේ මරණය දරාගන්න කෙනෙක්ට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවි වියෝදුකෙන් ඉන්න අයව යේසුස්, බයිබලය සහ සභාව මාර්ගයෙන් සනසනවා. සහනය අද්දකින්න පුළුවන් කොහොමද කියලත් අනිත් අයට සහනයක් වෙන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් බලමු.
සැප්තැම්බර් 11-17, 2017 සතිය සඳහා
17 “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” ඕනෙ ඇයි?
ගීතාවලිය 147 කීප සැරයක්ම කියන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න කියලයි. දෙවි කරපු මොන දේවල් නිසාද දෙවිට ප්‍රශංසා කරන්න ගීතිකාකරු පෙලඹුණේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ ලිපියෙන් බලමු. ඇයි අපි දෙවිට ප්‍රශංසා කරන්න ඕනෙ කියලත් බලමු.
සැප්තැම්බර් 18-24, 2017 සතිය සඳහා
22 “ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!”
යෞවන යෞවනියන් හුඟදෙනෙක් කැමැත්තෙන්ම පූර්ණකාලීන සේවය පටන්ගන්නවා. ඒ සේවයේ රස බලන්න ඔයාත් ආසද? ඔයාගේ අනාගතය හොඳින් සැලසුම් කරන්න උදව් වෙන බයිබලේ සඳහන් උපදෙස් මේ ලිපියේ කතා කරනවා.