ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 1 12-13 පි.
  • 3 දුක දරාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 දුක දරාගන්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සුව කරන්න බැරි ලෙඩ
  • වියෝදුක
  • යාච්ඤා කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යාච්ඤාවෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිළිතුරු ඇතමුන් ලබාගත් අයුරු
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 1 12-13 පි.
කනත්තක දුකින් ඉන්න කාන්තාවක්; රෝද පුටුවක ඉන්න කාන්තාවක් බයිබලයේ සඳහන් පණිවිඩයට සවන් දෙමින්

3 දුක දරාගන්න

සමහර ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්නවත් ඒවා විසඳගන්නවත් අපිට බැහැ. උදාහරණෙකට හිතන්න කෙනෙක්ගේ මරණය නිසා හරි සුව කරන්න බැරි ලෙඩක් නිසා හරි ඔයා දුක් විඳිනවා කියලා. ඒ වගේ දේවල් දරාගන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයිද?

සුව කරන්න බැරි ලෙඩ

රෝස්ගේ අද්දැකීම බලන්න. “මට හැදිලා තියෙන ලෙඩේ නිසා කාලයක් තිස්සේ මං ඉන්නේ ලොකු වේදනාවකින්. මං දැන් හුඟක් දුර්වල වෙලා.” බයිබලය හොඳින් අධ්‍යයනය කරන්න, දෙවියන් වෙනුවෙන් දේවල් තවත් වැඩියෙන් කරන්න එයාට ලොකු ආශාවක් තිබුණත් වෙලාවකට ඒ දේවල් හරියට කරගන්න එයාට බැරි වුණා. ඒ ගැන එයා ගොඩක් දුක් වුණා. හැබැයි “දෙවිට සියල්ල කළ හැකියි” කියලා මතෙව් 19:26 කියලා තියෙන දේ එයාට හයියක් වෙලා තියෙනවා. පොත් පත් කියවන එක එයාට ලේසි වුණේ නැහැ. හැබැයි බයිබලය සහ තවත් ප්‍රකාශනa පටිගත කරලා තියෙනවා කියලා දැනගත්තාම එයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා. “මට දිගටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන් වුණේ ඒ දේවල් නිසයි” කියලා එයා කිව්වා.

කරන්න බැරි දේවල් ගැන දුකක් දැනෙද්දී 2 කොරින්ති 8:12 කියන මේ දේ රෝස් මතක් කරගන්නවා. “සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.” දෙවියන් සතුටු වෙන්නේ තමන්ට පුළුවන් උපරිමයෙන් දේවල් කරන එක ගැනයි කියලා ඒ පදයේ කියන දෙයින් රෝස්ට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. මොකද එයා තමන්ට පුළුවන් උපරිමය කරමිනුයි ඉන්නේ.

වියෝදුක

කලින් සඳහන් කරපු ඩෙල්ෆින් මෙහෙම කියනවා. “මගේ දුව මැරෙද්දී එයාට වයස 18යි. මං නං හිතුවේ නැහැ දුව නැතුව මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මගේ මුළු ලෝකෙම වෙනස් වුණා.” හැබැයි ගීතාවලිය 94:19 කියන මේ දේ එයාට සැනසීමක් වෙලා තියෙනවා. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” ඩෙල්ෆින් මෙහෙම කියනවා. “මගේ වේදනාව දරාගන්න මං කරන්න ඕනෙ දේ මට පෙන්නලා දෙන්න කියලා මං යෙහෝවා දෙවියන්ට කිව්වා.”

ඩෙල්ෆින් පුළුවන් උපරිමයෙන් අනිත් අයට උදව් කළා. සමහර වෙලාවට එයාට හිතිලා තියෙනවා එයාත් හරියට කැඩිච්ච චෝක් කෑල්ලක් වගේ කියලා. මොකද ඒ වගේ චෝක් කෑල්ලකිනුත් පාට කරන්න පුළුවන්. එයාගේ හිත කැඩිලා, බිඳිලා තිබුණත් එයා තේරුම්ගත්තා තවමත් අනිත් අයට උදව් කරන්න එයාට පුළුවන් කියලා. එයා කියපු දේ බලන්න. “මාත් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න අයව සනසන්න මං බයිබලය පාවිච්චි කරද්දී මට දැනුණේ ඒකෙන් යෙහෝවා දෙවියන් මාව සනසනවා වගෙයි.” වියෝදුක අද්දැකපු බයිබල් චරිත ගැන එයා අධ්‍යයනය කළා. “එයාලා හැමෝටම ඒ වේදනාව දරාගන්න පුළුවන් වුණේ යාච්ඤාව නිසයි” කියලා එයා තේරුම්ගත්තා. “වේදනාව දරාගන්න නම් බයිබලය කියවන්නම ඕනෙ” කියලත් එයා කිව්වා.

බයිබලය අධ්‍යයනය කරපු එකෙන් ඩෙල්ෆින් තවත් දෙයක් තේරුම්ගත්තා. ඒ තමයි අතීතය ගැන හිතහිත ළත වෙනවා වෙනුවට අනාගතය ගැන හිතන්න ඕන කියන දේ. අනාගතයේදී “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා” කියලා ක්‍රියා 24:15 සඳහන් දෙයින් එයා ලොකු සහනයක් අද්දකිනවා. ඉදිරියේදී එයාගේ දුවට දෙවියන් ආයෙත් ජීවිතය දෙන එක ගැන එයාට කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලා එයා කියපු මේ දෙයින් පැහැදිලියි. “දුව ඉපදුණු දවසේ මට දැනුණු සතුට මට තාමත් මතකයි. ළඟදීම යෙහෝවා දෙවියන් එයාට ආයෙත් ජීවිතය දුන්නාම මට ඒ සතුටම අද්දකින්න පුළුවන්. එදාට මං මගේ දුවව ආදරෙන් බදාගන්න විදිහ මට මැවිලා පේනවා.”

a පටිගත කරපු හුඟක් තොරතුරු jw.org කියන වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්.

අමාරුම කාලයන්වලදී වුණත් බයිබලයේ තියෙන දේවලින් සහනයක් ලබාගන්න අපිට පුළුවන්

දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.” (ගීතාවලිය 145:18, 19) ඒ වචන මොන තරම් සහනයක්ද! අපි දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලද්දී ඔහු උත්තර දෙන්නේ කොහොමද?

ඔහු අපිව ශක්තිමත් කරනවා

සමහර ප්‍රශ්න නිසා අපි ශාරීරිකවත් මානසිකවත් දුර්වල වෙනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. (හිතෝපදේශ 24:10) හැබැයි යෙහෝවා දෙවියන් “විඩාවට පත් වූ අයට සවිය දෙනවා. හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත් කරනවා.” (යෙසායා 40:29) දරුණු පීඩාවලට මුහුණ දීපු පාවුල් කිව්වා “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලා. (ෆිලිප්පි 4:13) දෙවියන්ගේ බලය ලැබුණු නිසා පාවුල් ශක්තිමත් වුණා. ඔයාටත් පුළුවන් දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න.—ලූක් 11:13.

දෙවියන් අපිට ප්‍රඥාව දෙනවා

බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්නත් අදාළ කරගන්නත් උදව් ඕනෙ කියලා හිතුණොත් මොකද කරන්නේ? බයිබලයේ මෙහෙම කියනවා. ‘තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඒ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.’ (යාකොබ් 1:5) යාච්ඤා කළාට පස්සේ බයිබලය කියවලා ඒ දේවල් අදාළ කරගන්න උත්සාහ කරන්න. (යාකොබ් 1:23-25) එතකොට බයිබලයේ උපදෙස් කොයි තරම් ප්‍රඥාවන්තද කියලා ඔයාටම තේරෙයි.

දෙවියන් අපිට සමාදානය දෙනවා

ඔයා ලොකු කනස්සල්ලකින් හිටියත් යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔයාට සන්සුන් මනසක් දෙන්න. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසි මිනිසෙකුට වටහාගත නොහැකි සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ (ෆිලිප්පි 4:6, 7) ඔයාටත් පුළුවන් සන්සුන් මනසක් දෙන්න කියලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න.

ඔයා හිතන තරම් ඉක්මනට ප්‍රශ්නේ විසඳුණේ නැත්නම් මොකද කරන්නේ? දෙවියන් ඔයාව අත්හැරලා කියලා හිතන්න එපා. ඔයා අද්දකින ප්‍රශ්නය දරාගන්න ඕන කරන ශක්තිය දෙන්න දෙවියන්ට පුළුවන්. (1 කොරින්ති 10:13) අපි අද්දකින හැම ප්‍රශ්නයක්ම සදහටම විසඳනවා කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න