ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 1 10-11 පි.
  • 2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනවශ්‍ය විදිහට කනස්සලු වීම
  • වැඩ කල් දැමීම
  • තනිකමක් දැනීම
  • 3 දුක දරාගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද?
    2001 පිබිදෙව්!
  • ඔබගේ ජීවිතය පාළු කිරීමට තනිකමට ඉඩ නොදෙන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තනිකමට සාර්ථකව මුහුණ දීම
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 1 10-11 පි.
කනස්සල්ලෙන් හිටිය කාන්තාවක් දරුවන් එක්ක ඇවිදින්න යමින්

2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න

සමහර ප්‍රශ්නවලට විසඳුමක් පේන තෙක් මානයකවත් නැහැ. ඒවා බරපතළ තත්වයට පත් වෙන්නේ නොදැනුවත්වමයි. ඒ වගේ ප්‍රශ්න විසඳගන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවාද? ඒක තේරුම්ගන්න අපි අද්දැකීම් තුනක් බලමු.

අනවශ්‍ය විදිහට කනස්සලු වීම

රෝසි මෙහෙම කියනවා. “ප්‍රශ්න ගැන මං ඕනෑවට වඩා හිතනවා. මට හිතෙන්නෙම මට ලොකු කරදරයක් වෙන්න යනවා කියලා. නැති ප්‍රශ්නත් ඔළුවට දාගන්න එකෙන් වුණේ මට ලොකු පීඩනයක් දැනුණු එක විතරයි.” මතෙව් 6:34 කියන මේ දේ රෝසිට උදව් වෙලා තියෙනවා. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”

යැස්මින් කියපු දේ බලන්න. “මට දුක හිතෙන දෙයක් වුණාම මං ඒ ගැන හිතහිත දවස් දෙක තුනක්ම අඬනවා. සමහර දවස්වල රෑට නින්ද යන්නෙත් නැහැ. අධෛර්යය කරවන දේවල් ගැන හිතන්න හිතන්න මගේ මුළු ඇඟම දුර්වල වෙනවා වගෙයි මට දැනුණේ.” 1 පේතෘස් 5:7 කියන මේ දේ එයාට උදව් වෙලා තියෙනවා. “ඔහු [දෙවියන්] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” යැස්මින් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මං දිගටම ඒ ගැන යෙහෝවා දෙවියන්ට කිව්වා. ඒ නිසා මට දැනුණේ හරියට ලොකු බරක් බිමින් තිබ්බා වගෙයි. තාමත් මට අධෛර්යය කරවන සිතුවිලි එනවා. හැබැයි ඒ වගේ වෙලාවට කරන්න ඕන දේ දැන් මං දන්නවා.”

වැඩ කල් දැමීම

යෞවනියක් වන ඉසබෙලා මෙහෙම කියනවා. “වැඩ කල් දාන පුරුද්ද මට ඇවිත් තියෙන්නේ තාත්තාගෙන්. මට ලොකු වැඩක් කරන්න තියෙද්දීත් මං ටීවී බලබල ඉන්නවා. නැත්නම් පැත්තකට වෙලා ඔහේ ඉන්නවා. ඒකෙන් අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. වැඩෙත් හරියට කරගන්න බැරි වෙනවා.” 2 තිමෝති 2:15 කියන මේ දේ තමයි එයාට උදව් වෙලා තියෙන්නේ. “දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන කෙනෙකු වන්න.” ඒ ගැන ඉසබෙලා කිව්වේ මෙහෙමයි. “වැඩ කල් දාලා යෙහෝවා දෙවියන්ව දුකට පත් කරන්න මට ඕන වුණේ නැහැ.”

කෙල්සි මෙහෙම කියනවා. “මං වැඩක් කරන්න අන්තිම මොහොත වෙන කල්ම ඉන්නවා. වෙලාවකට ඒකෙන් දැනෙන පීඩනය දරාගන්න බැරුව මං අඬනවා. නින්ද යන්නෙත් නැහැ.” හිතෝපදේශ 13:16 කියන මේ දේ එයාට උදව් වෙලා තියෙනවා. “සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරති. නමුත් අඥානයා සෑම තැනම මෝඩකම පතුරුවයි.” ඒ ගැන කෙල්සි කිව්වේ මෙහෙමයි. “කල් ඇතුවම වැඩ සැලසුම් කරන එක කොච්චර වටිනවාද කියලා මං තේරුම්ගත්තා. දැන් නං මං කරන්න තියෙන වැඩ ඔක්කොම සටහන් කරගෙන ඒවා කරන්න ඕන විදිහත් සැලසුම් කරනවා. අන්තිම මොහොත වෙන කල් ඉන්නේ නැතුව පිළිවෙළට වැඩ කරන්න ඒක මට උදව් වුණා.”

තනිකමක් දැනීම

“මගේ මහත්තයා මාවයි, දරුවෝ හතරදෙනාවයි දාලා යන්න ගියා” කියලා ක්‍රිස්ටීන් කියනවා. ඒ වෙලාවේ එයාට මතක් වෙලා තියෙන්නේ හිතෝපදේශ 17:17 කියන මේ දේ. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” එයාට හිතිලා තියෙනවා එයාගේ ආගමේ අයගෙන් (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන්) උදව් ගන්න ඕනෙ කියලා. එයා මෙහෙම කියනවා. “මගේ යාළුවෝ මට හුඟක් උදව් කළා. සමහර දවස්වල එයාලා දොරේ බඩු මල්ලක්, මල් පොකුරක් එල්ලලා තිබුණා. මගේ පදිංචිය මාරු කරපු අවස්ථා තුනකදීම එයාලා හැමෝම මටයි, මගේ දරුවන්ටයි පුදුම විදිහට උදව් කළා. එක් කෙනෙක් මට රස්සාවකුත් හොයලා දුන්නා. මගේ යාළුවෝ මාව තනි කළේ නැහැ.”

කලින් ලිපියේ සඳහන් වුණු ඩෙල්ෆින්ටත් ලොකු තනිකමක් දැනුණා. “අනිත් හැමෝම සතුටින් ඉන්නවා දකිද්දී මට දැනුණේ මං විතරක් තනි වෙලා වගේ” කියලා එයා කිව්වා. දෙවියන් ‘තනි වූ අයට සුරක්ෂිත නිවහනක් සපයා දෙන්නේය’ කියලා ගීතාවලිය 68:6 කියන දේ එයාට උදව් වුණු විදිහ ගැන එයා කිව්වේ මෙහෙමයි. “ඒ පදයේ කියන්නේ දෙවියන් ඇත්තටම ගෙයක් දෙනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන්ට ආදරේ කරන ඔහුගේ සෙනඟ එක්ක ඉද්දී දැනෙන සුරක්ෂිත හැඟීම ගැනයි. ඒක මං අද්දැක්කා. මට දැනුණේ මං ආදරණීය පවුලක සාමාජිකයෙක් වෙලා කියලයි. එයාලා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් මං මුලින්ම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනෙ කියලා මට තේරුණා. ඒක තේරුම්ගන්න මට උදව් වුණේ ගීතාවලිය 37:4 කියන මේ දේයි. ‘යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.’”

එයා මෙහෙමත් කිව්වා. “මට තේරුණා මං යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඕනෙ කියලා. මොකද ඔහු තමයි අපිට ඉන්න පුළුවන් හොඳම යාළුවා. ඒකට යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව මගේ යාළුවන් කරගන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා එයාලත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් දේවල් මං සටහන් කරගත්තා. එයාලගේ හොඳ පැති විතරක් දකින්නත් මං උත්සාහ කළා.”

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අයටත් පව්කාරකම උරුම වෙලා තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. අනිත් අය අද්දකින ප්‍රශ්න එයාලත් අද්දකිනවා. ඒ වුණත් පුළුවන් උපරිමයෙන් අනිත් අයට උදව් කරන්න බයිබලයේ තියෙන තොරතුරු එයාලට උදව් වෙලා තියෙනවා. ඒ වගේ අයව යාළුවන් කරගන්න එක හුඟක් වටිනවා නේද? බරපතළ අසනීප, අපිට කිට්ටු කෙනෙක් මැරුණාම දැනෙන දුක වගේ දේවල් දරාගන්නත් බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවාද කියලා අපි දැන් බලමු.

හොඳ යාළුවන්ව හොයාගන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න