ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 දෙසැම්බර් 9 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා සැලකිලිමත් දෙවි කෙනෙක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “මම කෙළින්ම ඒ ගැන ඔහුට කතා කළෙමි”
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බඳින කෙනාව බුද්ධිමත්ව තෝරගන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 දෙසැම්බර් 9 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

දෙවි අපිව තේරුම්ගන්නවා කියලා බයිබලෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ඊජිප්තුවේ වහලුන් විදිහට ඊශ්‍රායෙල්වරුන් හුඟක් දුක් විඳිද්දී එයාලා විඳපු දුක දෙවි දැක්කා විතරක් නෙමෙයි ‘ඔවුන් විඳින වේදනාව ඔහු තේරුම්ගත්තා.’ (නික්. 3:7; යෙසා. 63:9) දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිසා අනිත් අයව තේරුම්ගන්න අපිටත් පුළුවන්. දෙවිගේ ආදරේ ලබන්න අපි වටින්නේ නැහැ කියලා අපිට හිතුණත් දෙවි අපිව තේරුම්ගන්නවා.—wp18.3, 8-9 පිටු.

භේද ඇති කරන හැඟීම් පරාජය කරන්න යේසුස්ගේ ඉගැන්වීම් උදව් වුණේ කොහොමද?

යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් හුඟදෙනෙක් අනිත් අයව පහත් කරලා සැලකුවා. නිහතමානී වෙන්න ඕනෙ ඇයි කියලත් තමන්ගේ ජාතිය ගැන ආඩම්බර වෙන එක වැරදි ඇයි කියලත් යේසුස් ඉගැන්නුවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ එකිනෙකාව සහෝදරයන් හැටියට සලකන්න කියලා.—w18.06, 9-10 පිටු.

දෙවි මෝසෙස්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැති එකෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

මෝසෙස්ට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. (ද්වි. 34:10) ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ගිය දුර ගමන අවසන් කරන්න ළං වෙලා තියෙද්දී බොන්න වතුර නැහැ කියලා දෙවෙනි වතාවටත් මැසිවිලි නඟන්න පටන්ගත්තා. ඒ වෙලාවේ දෙවි මෝසෙස්ට කිව්වා පර්වතයට කතා කරන්න කියලා. ඒත් මෝසෙස් පර්වතයට සැරයටියෙන් ගැහුවා. යෙහෝවා දෙවි දුන්න මඟ පෙන්වීමට මෝසෙස් අකීකරු වුණ නිසා එහෙම නැත්නම් දෙවිට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙවිට දුන්නේ නැති නිසා වෙන්න පුළුවන් දෙවි මෝසෙස් එක්ක උදහස් වුණේ. (ගණන්. 20:6-12) දෙවිට කීකරු වෙන එකත් ඔහුට ගෞරවය දෙන එකත් කොයි තරම් වැදගත්ද කියලා ඒකෙන් අපි ඉගෙනගන්නවා.—w18.07, 13-14 පිටු.

පිටින් බලලා විනිශ්චය කරන එක වැරදි ඇයි?

අනිත් අය ගැන නිගමනවලට එන්න හේතු වෙන කරුණු 3ක් තියෙනවා. ඒවා නම් කෙනෙකුගේ ජාතිය, කෙනෙක්ට කොච්චර සල්ලි තියෙනවාද කියන දේ සහ කෙනෙක්ගේ වයස. යෙහෝවා දෙවි වගේ හැමෝටම එක හා සමානව සලකන්න අපිත් උත්සාහ කරන්න ඕනේ. (ක්‍රියා 10:34, 35)—w18.08, 8-12 පිටු.

අනිත් අයට උදව් කරන්න මහලු සහෝදරයන්ට පුළුවන් මොන පැතිවලින්ද?

පැවරුමේ යම් වෙනසක් අද්දැක්ක මහලු වයසේ ඉන්න සහෝදරයන්ව යෙහෝවා දෙවිට තවමත් හුඟක් වටිනවා. සත්‍යයේ නැති පුරුෂයන්ව දිනාගන්න උත්සාහ කරන්න එයාලට පුළුවන්. අක්‍රියාශීලී අයට උදව් කරන්න, බයිබල් පාඩම් පවත්වන්න, සේවයේ විවිධ අංගවලට හවුල් වෙන්න එයාලට පුළුවන්.—w18.09, 8-11 පිටු.

ඉගැන්වීම් කට්ටලයේ තියෙන්නේ මොනවාද?

කන්ටැක්ට් කාඩ්, ආරාධනා පත්‍ර, පත්‍රිකා 8ක්, ‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ සඟරා, තව සඟරා කීපයක්, පොත් 2ක්, ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක ඇතුළුව වීඩියෝ 4ක් ඒ කට්ටලයට ඇතුළත්.—w18.10, 16 පිටුව.

හිතෝපදේශ 23:23 කියන විදිහට “සත්‍යය මිල දී ගන්න” අපිට පුළුවන් කොහොමද?

සත්‍ය ඉගැන්වීම් දැනගන්න අපි මුදල් ගෙවන්න ඕනෙ නැහැ. ඒත් ඒවා දැනගන්න අපි අපේ පැත්තෙන් වෑයමක් දරන්න ඕනේ. ඒ වෙනුවෙන් කාලය දෙන්න ඕනේ.—w18.11, 4 පිටුව.

හොෂෙයා ගොමෙර්ට සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ගොමෙර් කීප සැරයක්ම වේශ්‍යාකමේ යෙදුණත් හොෂෙයා එයාව දික්කසාද කළේ නැහැ. තමන්ගේ බිරිඳ, සැමියා වේශ්‍යාකමේ යෙදුණොත් එයාට සමාව දෙන්න තීරණය කරන්න නිදොස් කෙනාට පුළුවන්. වරද කරපු කෙනා එක්ක ආයෙත් ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් ඒකෙන් පේන්නේ නිදොස් කෙනා වරදකරුට සමාව දීලා කියලයි. ඊටපස්සේ දික්කසාද වෙන්න එයාට පදනමක් නැහැ.—w18.12, 13 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න