ඔබ බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා අලුත් මෙවලම පාවිච්චි කරමින් සිටිනවාද?
බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති අලුත් පත්‍රිකාව ගැන 2001 දෙසැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ නිවේදනය කළා.
අපට හමු වන ජනයාට මේ අලුත් පත්‍රිකාව ලබා දිය හැකියි. ඒ වගේම කිසිවෙක් නොමැති නිවෙස්වල විචාර බුද්ධිය පාවිච්චි කරමින් දොර යටින් මේ පත්‍රිකාවක් තබා එන්නත් පුළුවන්. ආපසු නිවසට පැමිණි විට ගෙවැසියාට එය ලබාගන්න පුළුවන් වෙනවා. මෙම පත්‍රිකාව ගෙයින් ගෙටද, වීදිවලද ව්‍යාපාරික ස්ථානවලද බෙදාහැරිය හැකියි. ජනයා අපේ පොත් පත් ලබාගත්තත් නැතත් මේ පත්‍රිකාවේ පිටපතක් ඔවුන්ට ඉදිරිපත් කරන්න. බෙදාහරිනු ලබන සඟරා හෝ වෙනත් පොත් පත් ඇතුළට මේ පත්‍රිකාවක් ඇතුල් කරන්න. ලිපි ලියන විටද එයින් එකක් ලිපිය සමඟ යවන්න. ඔබ දූරකථනයෙන් සාක්ෂි දරන අයට මේ පත්‍රිකාවක් තැපෑලෙන් එවිය හැකි බව සඳහන් කරන්න. සාප්පු යන විට, පොදු ප්‍රවාහන මාධ්‍යවලින් ගමන් බිමන් යන විට අවිධිමත් ලෙස සාක්ෂි දරන විට බෙදාහැරීම සඳහා මේ පත්‍රිකාවේ පිටපත් නිතරම ළඟ තබාගන්න. ඔබේ නිවසට පැමිණෙන අයටද එයින් පිටපතක් දෙන්න. ඔබේ නෑදෑයන්ට, අසල්වැසියන්ට, රැකියා ස්ථානයේ සිටින අයට, පාසැලේ සිටින අයට හා දන්න හඳුනන වෙනත් අයට මෙය ලබා දෙන්න. ඔබට හමු වන සෑම කෙනෙකුටම මේ පත්‍රිකාව ලබා දීමට වෑයම් කරන්න. ඊට පසු කළ යුත්තේ මොනවාද?
ඔබ පත්‍රිකාව දුන් අවස්ථාවේදීම සමහරුන් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබට පුළුවන්, ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් මුල් අවස්ථාවේදීම පාඩමක් පටන්ගන්න. නැත්නම් පාඩම පටන්ගැනීම සඳහා නැවත ගොස් හමුවීම සඳහා කටයුතු පිළියෙළ කරන්න. තවත් සමහරු පත්‍රිකාව කියවීමෙන් පසු පාඩමක් ඉල්ලමින් එහි තිබෙන සිත්ගන්නා කූපනය පුරවා සමිතියට එවන්න ඉඩ තිබෙනවා.
අපේ මේ අලුත් පත්‍රිකාව මගින් කෙරෙන ආරාධනාවට දැනටමත් හුඟදෙනෙක් ප්‍රතිචාරය දැක්වීමට පටන්ගෙන තිබෙනවා. බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා මේ අලුත් පත්‍රිකාව ඔබ යන සෑම තැනකම රැගෙන යන්න. ඔබ දේවසේවයේ හවුල් වන විට මේ පත්‍රිකාව හැකි තරම් බෙදාහරින්න.