සේවා රැස්වීම් වැඩසටහන
නොවැම්බර් 13න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 13: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 22: “රාජ්‍ය ආරංචි අංක 36 මගින් ඇති කළ උනන්දුව වර්ධනය කිරීම.” ඡේද 1-5 ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් ලෙස හසුරුවන්න. තවමත් රාජ්‍ය ආරංචි බෙදාහැර නොමැති ප්‍රදේශවල සේවය කිරීමට සභාව යොදා තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න. හත්වන හා අටවන ඡේදවල නැවත බැලීම් කිරීම සඳහා දී තිබෙන යෝජිත ඉදිරිපත් කිරීම් දෙක සලකා බලා, ඒ දෙකම නිරූපණය කරන්න. උනන්දුව දැක්වූ සියලුදෙනාවම නැවත හමු වී, බයිබල් පාඩම් ආරම්භ කිරීමේ තිබෙන වැදගත්කම අවධාරණය කරන්න. නවවන ඡේදය හා එහි සඳහන් කර තිබෙන බයිබල් පද සාකච්ඡා කර අවසන් කරන්න.
ගීතිකාව 63 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 20න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීම ගැන තිබෙන අද්දැකීම්. සභා බලප්‍රදේශය තුළ රාජ්‍ය ආරංචි බෙදාහැරීමේදී ලබා තිබෙන සාර්ථකත්වය ගැන සඳහන් කරන්න. මුල් වතාවට සේවයේ හවුල් වූ අය සභාවේ සිටිනවාද? ගෙවැසියන් රාජ්‍ය ආරංචි අගය කරමින් පැවසූ දේවල් ගැන සඳහන් කරන්න. සමහර ප්‍රචාරකයන්ට බයිබල් පාඩම් පටන්ගන්න හැකි වුණාද? එසේ නම්, ඒ ගැන යමක් කීමට හා තමන් මුලින්ම එය කළ ආකාරය නිරූපණය කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. උනන්දුව දැක්වූ අයගේ උනන්දුව වර්ධනය කරන්න කියා සියලුදෙනාටම සිහිගන්වන්න.
විනා. 20: “අත් නෑර දේශනා කරන්න!” කතාවක් සහ සම්මුඛ සාකච්ඡාවක්. යෙහෝවාගේ සංවිධානය සමඟ ඇසුරු කරන සමහර අය ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම අත් නෑර දේශනා කර තිබෙනවා. නිතරම ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටින ඔවුන් දේශනා කිරීමෙන් සතුටක් ලබනවා. (දැනුම පොතේ 179 පිටුවේ 20වන ඡේදය සහ 1992 මැයි 1 මුරටැඹ [ඉංග්‍රීසියෙන්] සඟරාවේ 21-2 පිටුවල තිබෙන 14-15 දක්වා ඡේද බලන්න.) අවුරුදු ගණනාවක සිට ක්‍රියාශීලී ප්‍රචාරකයෙකු ලෙස සේවය කරන කෙනෙකුට තමන් අත් නෑර දේශනා සේවයේ හවුල් වීමට හේතු වී තිබෙන දේවල් ගැන යමක් පවසන්න කියා ආරාධනා කරන්න.
ගීතිකාව 141 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 27න් පටන්ගන්නා සතිය
ගීතිකාව 153
විනා. 10: සභා නිවේදන. නොවැම්බර් මාසය සඳහා තමන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යන්නේ දැනුම පොතයි.
විනා. 20: තර්ක කිරීම (රීසනිං) නමැති පොතෙන් ප්‍රයෝජන ගන්න. පිටු 7-8 දක්වා තොරතුරු මත පදනම් වූ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දේවසේවයේදී අපට වඩාත් බලපෑමෙන් යුක්ත වීම සඳහා උපකාර කිරීමේ අරමුණ ඇතුව මෙම පොත සකස් කර තිබෙන ආකාරය පැහැදිලි කරන්න. දුරකථනයෙන් සාක්ෂි දැරීමේදී මේ පොත යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. යම් ප්‍රශ්නයකට උත්තර දීමේදී උපකාරවත් වන තොරතුරු සොයාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. මේ පොතේ සඳහන් තොරතුරු හොඳින් දැන සිටීමටත්, මේ පොත දේශනා සේවයේ යද්දී රැගෙන යන බෑගයේ තබාගැනීමටත්, නිතරම එය භාවිත කිරීමටත් සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 15: රූපවාහිනිය බැලීම මට පාලනය කළ හැක්කේ කෙසේද? දිනපතා රූපවාහිනිය බැලීම සඳහා පැය කිහිපයක් ගත කරන තරුණ සහෝදරයෙකු සමඟ වැඩිමහල්ලෙක් කතා කරයි. එසේ රූපවාහිනිය බැලීම හානියක් නොවන බව මෙම කතාව ආරම්භයේදී තරුණ සහෝදරයා අවධාරණයෙන් යුතුව කියා සිටියි. රූපවාහිනිය බලන්නේ විවේකීව කාලය ගත කිරීම සඳහා බවත් එයින් අහිතකර බලපෑමක් ඇති නොවන බවත් ඔහු පවසයි. යෞවනයෝ අසති පොතේ 36වන පරිච්ඡේදයේ සඳහන් මූලික කරුණු වැඩිමහල්ලා ඔහු සමඟ සලකා බලයි. ඕනෑවට වඩා රූපවාහිනිය බැලීමට කාලය වැය කිරීමෙන්, පෞද්ගලික පාඩම, දේවසේවයේ යෑම හෝ සභාවේ වැඩකටයුතුවලට උදව් කිරීම වැනි දේවලට යෙදවිය යුතු කාලය නාස්ති වෙයි. තමන්ට දුන් උපදෙස්වලට තරුණ සහෝදරයා අගය පළ කර, තමන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන සිතා රූපවාහිනිය බලන කාලය සීමා කරගන්න බව පවසයි.
ගීතිකාව 175 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 4න් පටන්ගන්නා සතිය
ගීතිකාව 189
විනා. 10: සභා නිවේදන. “ජා-ඇල රාජ්‍ය ශාලාව කැප කළා!”
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “කලට සුදුසු වචන.” සබය සමඟ සාකච්ඡාවක් සහ නිරූපණ. සාකච්ඡාවක් ආරම්භ කිරීමට තරම් තමන් දක්ෂ නැහැ කියා හුඟදෙනෙකුට හැඟෙනවා. හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් විශේෂ හැකියාවක් තිබිය යුතුයි කියා ඔවුන් සිතනවා. එය වැරදියි. යම් වෑයමක් දැරීමෙන් අලුත් හා බාල ප්‍රචාරකයන් ඇතුළු අපි සෑම කෙනෙකුටම සාකච්ඡාවක් ආරම්භ කරන්න පුළුවන් බව පැහැදිලි කරන්න. යෝජිත ඉදිරිපත් කිරීම්වල තිබෙන සරලබව විශේෂ කොට දක්වමින් ඒවා සලකා බලන්න. ප්‍රචාරකයන් දෙතුන්දෙනෙකු යොදාගනිමින් ඒවා නිරූපණය කරන්න. යොදාගත හැකි අමතර ඉදිරිපත් කිරීම් සඳහා 1998 මාර්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න. දේවසේවයෙන් උපරිම සතුටක් භුක්ති විඳීම සඳහා ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකාව 218 සහ අවසාන යාච්ඤාව.