ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/00 1 පි.
  • “කලට සුදුසු වචන”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “කලට සුදුසු වචන”
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • එදිනෙදා කතාබහ
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2000 අපගේ රාජ්‍ය සේවාව
km 11/00 1 පි.

“කලට සුදුසු වචන”

1 ජීවිත ගළවන පණිවිඩය ගැන මිනිසුන් සමඟ කතා කිරීම අභියෝගයක් ලෙස ඔබට හැඟී ගොස් තිබෙනවාද? ඔබට සවන් දෙන්නන්ගේ සිත ඇදගන්න නම්, ගැඹුරු විෂයක් ගැන කතා කළ යුතුයි කියා ඔබ සිතනවාද? යේසුස් ඔහුගේ ගෝලයන්ව දේශනා කිරීමට පිටත් කර යැවූ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවා. “නුඹලා යමින්— ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න.” (මතෙ. 10:7) මේ පණිවිඩය සරලයි. ඒ වගේම අනිත් අයට කියා දීමත් ලෙහෙසියි. අදත් ඒ ක්‍රමයම යොදාගත හැකියි.

2 බොහෝ අවස්ථාවලදී සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නේ වචන කිහිපයක් පමණයි. එතියෝපීය නපුංසකයාව පිලිප්ට හමු වූ අවස්ථාවේදී, “නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි” පිලිප් ඔහුගෙන් ඇසුවා. (ක්‍රියා 8:30) එම “කලට සුදුසු වචන” මගින් ඇති වූ සාකච්ඡාව මොනතරම් ප්‍රතිඵලදායක වුණාද!—හිතෝ. 25:11.

3 ඔබටත් දේශනා සේවයේදී ඒ හා සමාන එළඹීමක් යොදාගත හැකියි. කොහොමද? හොඳින් නිරීක්ෂණය කිරීමෙන් හා තත්වයන්ට ගැළපෙන වචන තෝරාගැනීමෙන් එසේ කළ හැකියි. ප්‍රශ්නයක් අසා එයට දක්වන ප්‍රතිචාරයට සවන් දෙන්න.

4 මූලික ප්‍රශ්න කිහිපයක්: සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඔබට පුළුවන් මතු දැක්වෙන ප්‍රශ්නවලින් ඕනෑම එකක් අත්හදා බලන්න.

◼ “ඔයා ස්වාමීන්ගේ යාච්ඤාව (පරමණ්ඩලයේ යාච්ඤාව) කියනවාද?” (මතෙ. 6:9, 10) ඉන්පසු එම යාච්ඤාවෙන් කොටසක් සඳහන් කර මෙසේ අසන්න. “‘යේසුස් ගෞරව වේවා කියා සඳහන් කළ දෙවිගේ නාමය මොකක්ද’ කියලා සමහරු අහනවා. ‘යේසුස් අපිට ඉල්ලන්න කියපු රාජ්‍යය මොකක්ද?’ කියල තවත් සමහරු අහනවා. මේ ප්‍රශ්නවලට සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර ඔයාට ලැබිල තියෙනවද?”

◼ “‘ජීවිතේ අර්ථය මොකක්ද?’ කියල ඔයා කල්පනා කරල තියෙනවද?” මේ ප්‍රශ්නයට උත්තරය දෙවි පිළිබඳ දැනුමට සම්බන්ධ වෙන බව පෙන්වා දෙන්න.—දේශ. 12:13; යොහන් 17:3.

◼ “මිනිසුන් තවදුරටත් මැරෙන්නේ නැති කාලයක් ගැන ඔයාට හිතන්න පුළුවන්ද?” යෙසායා 25:8 සහ එළිදරව් 21:4 භාවිත කරමින් විශ්වාස කළ හැකි උත්තරයක් සපයන්න.

◼ “මේ ලෝකයේ තියෙන අර්බුදවලට විසඳුමක් තියෙනවද?” ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියා දෙවි උගන්වන බව පැහැදිලි කරන්න.—මතෙ. 22:39.

◼ “යම් දවසක මේ මුළු විශ්වයම විනාශ වෙයිද?” පොළොව සදාකාලයටම පවතින බවට බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන කතා කරන්න.—ගීතා. 104:5.

5 ශුභාරංචිය සරලව හා ඍජුව ඉදිරිපත් කරන්න. කාරුණික වන්න. අනිත් අය සමඟ සත්‍යයේ “වචන” කතා කිරීමට ඔබ ගන්න උත්සාහයන්ට යෙහෝවා ආශීර්වාද කරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න