ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 2 පාඩම
  • එදිනෙදා කතාබහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එදිනෙදා කතාබහ
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ෆිලිප් කරපු දේ
  • ෆිලිප්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • ෆිලිප්ව ආදර්ශයට ගන්න
  • පිලිප් ජ්වලිත එවැන්ජලිස්තවරයෙක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අනිත් අය ගැන හිතන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • “යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 2 පාඩම

කතාබහක් පටන්ගද්දී

රථයක ඉඳගෙන ලියවිල්ලක් කියවන ඉතියෝපියානු ජාතිකයෙක් එක්ක ෆිලිප් ශුභාරංචිය කියනවා.

ක්‍රියා 8:30, 31

2පාඩම

එදිනෙදා කතාබහ

ප්‍රතිපත්තිය: “හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!”—හිතෝ. 15:23.

ෆිලිප් කරපු දේ

රථයක ඉඳගෙන ලියවිල්ලක් කියවන ඉතියෝපියානු ජාතිකයෙක් එක්ක ෆිලිප් ශුභාරංචිය කියනවා.

වීඩියෝ: ‘ෆිලිප් ඉතියෝපියානු නිලධාරියෙක්ට දේශනා කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 8:30, 31 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. ෆිලිප් කතාබහ පටන්ගත්තේ කොහොමද?

  2. ආ. ෆිලිප් කතාබහ පටන්ගත්ත විදිහ, ශුද්ධ ලියවිල්ලෙන් අලුත් දෙයක් කියලා දුන්න විදිහ ගැන හිතන්න. ඒක එදිනෙදා කතාබහ කරන විදිහක් කියලා කියන්නේ ඇයි?

ෆිලිප්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අපි සාමාන්‍ය විදිහට කතාබහ කරගෙන යනවා නම් අනිත් කෙනාට අපිත් එක්ක කතා කරන්න පහසුවක් දැනෙයි. එයා පණිවිඩය අහන්නත් කැමති වෙයි.

ෆිලිප්ව ආදර්ශයට ගන්න

3. හොඳට නිරීක්ෂණය කරන්න. කෙනෙක්ගේ මූණෙන්, ඉරියව්වලින් හුඟක් දේවල් තේරුම්ගන්න පුළුවන්. ඒවා බලලා එයා කතා කරන්න කැමතිද නැද්ද කියලා හිතන්න. “ඔයා දැනන් හිටියාද . . . ” වගේ ප්‍රශ්නයක් අහලා බයිබලයේ තියෙන දෙයක් කියලා දෙන්න. එයා කතා කරන්න කැමති නැත්නම් බලෙන් කතා කරන්න එපා.

4. ඉවසන්න. කතාබහ පටන්ගත්ත ගමන්ම පණිවිඩේ කියන්න ඕනෙ කියලා හිතන්න එපා. සාමාන්‍ය විදිහට කතා කරගෙන යද්දී ඒකට සුදුසු වෙලාවක් එයි. එතකල් ඉන්න. සමහරවිට ඒක කියන්න වෙන්නේ ඊළඟ වතාවේ එයාව හම්බ වෙද්දී වෙන්න පුළුවන්.

5. උනන්දු වෙන දේට අනුව හැඩගැහෙන්න. සමහරවිට එයා අපි හිතුවෙවත් නැති දෙයක් ගැන කතා කරයි. ඔයා ලෑස්ති වෙලා හිටියේ වෙන දෙයක් ගැන කතා කරන්න වුණත් එයා කියපු දේට ගැළපෙන දෙයක් බයිබලයෙන් පෙන්නන්න.

මේ පදත් බලන්න

දේශ. 3:1, 7; 1 කොරි. 9:22; 2 කොරි. 2:17; කොලො. 4:6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න