ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 1 පාඩම
  • අනිත් අය ගැන හිතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අය ගැන හිතන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • එදිනෙදා කතාබහ
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 1 පාඩම

කතාබහක් පටන්ගද්දී

යේසුස් ළිඳක් ළඟදී ස්ත්‍රියක් එක්ක කතා කරනවා.

යොහන් 4:6-9

1පාඩම

අනිත් අය ගැන හිතන්න

ප්‍රතිපත්තිය: ‘ආදරේ තියෙන කෙනෙක් තමන් ගැන විතරක් හිතන කෙනෙක් නෙමෙයි.’—1 කොරි. 13:4, 5.

යේසුස් කරපු දේ

යේසුස් ළිඳක් ළඟදී ස්ත්‍රියක් එක්ක කතා කරනවා.

වීඩියෝ: ‘යේසුස් ළිඳ ළඟට ආපු ස්ත්‍රියකට කතා කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 4:​6-9 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. ස්ත්‍රිය එක්ක කතා කරන්න කලින් යේසුස් එයා ගැන නිරීක්ෂණය කළේ මොනවාද?

  2. ආ. “බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියලා යේසුස් ඇහුවා. කතාබහක් පටන්ගන්න ඒක හොඳ විදිහක් කියන්නේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. අනිත් කෙනා උනන්දු වෙන විෂයක් ගැන කතා කරන එක හොඳ කතාබහක් කරගෙන යන්න උදව් වෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. ගැළපෙන විදිහට කතා කරන්න. කොහොමහරි ඔයා හිතාගෙන ඉන්න දේම කියන්න හදන්න එපා. මේ දවස්වල හුඟක් අය කල්පනා කරන දෙයක් ගැන කතා කරන්න. මෙහෙම හිතන්න.

  1. අ. ‘ප්‍රවෘත්තිවල වැඩියෙන්ම යන්නේ මොනවා ගැනද?’

  2. ආ. ‘අහළ පහළ අය, වැඩපොළේ අය, ඉස්කෝලේ යාළුවෝ කතා වෙන්නේ මොනවා ගැනද?’

4. හොඳට නිරීක්ෂණය කරන්න. මෙහෙම හිතන්න.

  1. අ. ‘එයා කරකර ඉන්නේ මොනවාද? එයා මොනවා ගැන හිතනවා ඇද්ද?’

  2. ආ. ‘එයාගේ ඇඳුම්වලින්, පෙනුමෙන්, ගෙදර වටපිටාවෙන් එයාගේ විශ්වාසයන් ගැන, පසුබිම ගැන තේරෙන්නේ මොනවාද?’

  3. ඇ. ‘මේක එයාත් එක්ක කතා කරන්න හොඳ වෙලාවක්ද?’

5. ඇහුම්කන් දෙන්න.

  1. අ. වැඩිය කතා කරන්න එපා.

  2. ආ. එයාගේ හිතේ තියෙන දේ එළියට ගන්න බලන්න. සුදුසු වෙලාවලදී ප්‍රශ්න අහන්න.

මේ පදත් බලන්න

මතෙ. 7:12; 1 කොරි. 9:20-23; ෆිලි. 2:4; යාකො. 1:19

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න