ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 8 පි.
  • සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • වර්ධනය ගෙන දෙන සම්භාෂණය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අනිත් අය ගැන හිතන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න

සමරිතානු ස්ත්‍රියට සාක්ෂි දරන්න මඟ පෑදුණේ යේසුස් එයා එක්ක කතා කරන්න මුලපිරුව එකයි. අඳුනන්නේ නැති අය එක්ක කතා කරන්න මුලපුරන්න අපිට පුළුවන් කොහොමද?

යේසුස් ළිඳක් ළඟදී සමරිතානු ස්ත්‍රියක් එක්ක කතා කරමින්
  • ඔයාට මුණගැහෙන අය එක්ක මිත්‍රශීලීව කතා කරන්න. යේසුස් මහන්සි වෙලා හිටියත් සමරිතානු ස්ත්‍රියගෙන් වතුර ඉල්ලලා සාකච්ඡාවක් ආරම්භ කළා. ඔයාටත් පුළුවන් මිනිසුන් එක්ක මිත්‍රශීලී වෙලා කාලගුණය ගැන නැත්නම් මෑතකදී වුණු සිද්ධියක් ගැන කතා කරන්න. එහෙම කතා කරන එකේ අරමුණ ඒ කෙනා එක්ක කතාබහකට මුලපුරන එක නිසා එයා උනන්දු වෙයි කියලා හිතන දෙයක් ගැන කතා කරන්න. එයා කතා කරන්න කැමති වුණේ නැත්නම් දුක් වෙන්න එපා. වෙන කෙනෙක් එක්ක කතා කරන්න. නිර්භීත වෙන්න යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න.—නෙහෙ 2:4; ක්‍රියා 4:29.

  • ශුභාරංචිය ගැන කියන්න ඉක්මන් වෙන්න එපා. ඒකට සුදුසු අවස්ථාවක් එන කල් ඉන්න. ඔයා ඉක්මන් වෙලා ඒක කරන්න ගියොත් ඔයාත් එක්ක කතා කරමින් ඉන්න කෙනා සාකච්ඡාව නතර කරයි. සාකච්ඡාව අතරතුරේදී ඒ කෙනාට ශුභාරංචිය ගැන කියන්න අවස්ථාවක් ලැබුණේ නැත්නම් දුක් වෙන්න එපා. සාක්ෂි දරන්න මුලපුරන එක අමාරුයි කියලා ඔයාට හැඟෙනවා නම් මුලින්ම මිනිසුන් එක්ක සුහදශීලීව කතා කරන්න පුරුදු වෙන්න. [1වෙනි වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.]

  • ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න අවස්ථාවක් උදා කරගන්න උත්සාහ කරන්න. සමරිතානු ස්ත්‍රිය එක්ක කතා කරමින් ඉද්දී යේසුස් ඒ ස්ත්‍රියට කුතුහලයක් ඇති වෙන විදිහේ දේවල් කිව්වා. ඒ නිසා ඒ ස්ත්‍රිය යේසුස්ගෙන් ප්‍රශ්න අහන්න පෙලඹුණා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙද්දී සාක්ෂි දරන්න යේසුස්ට අවස්ථාව ලැබුණා. [2වෙනි වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න. ඊටපස්සේ 3වෙනි වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.]

දෙන්නෙක් බෝලෙකින් සෙල්ලම් කරමින්

කෙනෙක් එක්ක කතාබහකට මුලපුරන එක හරියට බෝලෙකින් කරන සෙල්ලමක් වගෙයි. කෙනෙක් බෝලේ දාද්දී අනිත් කෙනා ඒක අල්ලගන්නවා. කෙනෙක් සෙල්ලම් කරන්න කැමතිද කියලා දැනගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ එයාට බෝලේ දාලා බලන එක විතරයි. ඊළඟ වතාවේ ඔයාට මුණගැහෙන කෙනෙක් එක්ක කතාබහක් පටන්ගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න එයාත් එක්ක ඔයා කතා කරලාම බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න