ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • නොවැම්බර් 12න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 19න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 26න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 3න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 11/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

නොවැම්බර් 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 170

විනා. 12: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති කොටසෙහි සඳහන් යෝජනා යොදාගනිමින් හොඳින් සූදානම් කළ නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක් ප්‍රචාරකයෙක් නොවැම්බර් 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරයි. තවත් ප්‍රචාරකයෙක් දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරාව ගැන තිබෙන පළමු යෝජනාවට අනුව ඉදිරිපත් කිරීම සකස් කරගනියි.

විනා. 15: “ශක්තිය සඳහා යෙහෝවා මත රඳා සිටින්න.”a 1999 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ පිටු 18-19හි ඡේද 6-8 දක්වා තිබෙන අදහස් කෙටියෙන් ඉදිරිපත් කරන්න.

විනා. 18: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙකු විසින් කරන කතාවක්.

ගීතිකා අංක 191 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 172

විනා. 8: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 22: “ඔබේ වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගන්න.”b පසුගිය සේවා වසරේදී පවත්වන ලද විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන වැඩිමහල්ලෙකු විසින් උද්‍යෝගයෙන් නැවත සලකා බලයි.

ගීතිකා අංක 195 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 177

විනා. 15: සභා නිවේදන. නොවැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති කොටසෙහි සඳහන් යෝජනා යොදාගනිමින් හොඳින් සූදානම් කළ නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක් නිරූපණයක් සඳහා දෙසැම්බර් 1 මුරටැඹ සඟරාව යොදාගන්න. අනෙක් එක සඳහා දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරාව ගැන තිබෙන දෙවන යෝජනාව යොදාගන්න. ඉන්පසු, 98 ජූනි, අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවට අවධානය යොමු කර, දෙසැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත බෙදාහැරීම සඳහා යොදාගත හැකි ඉදිරිපත් කිරීමක් සලකා බලන්න. ක්ෂේත්‍ර සේවයේදී ඉදිරිපත් කරන ප්‍රකාශන හඳුන්වා දිය හැකි වෙනත් ක්‍රම එකක් හෝ දෙකක් සබය සමඟ බෙදාගන්න.

විනා. 15: “කොහෙන්ද මම වේලාව හොයාගන්නේ?” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. 2000 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ පිටු 20-1හි, “අධ්‍යයනය සඳහා ඇතමෙකු කාලය වෙන් කරන ආකාරය” නමැති උපමාතෘකාව යටතේ තිබෙන ඡේද 9-10හි සඳහන් මූලික කරුණුද ඇතුළත් කරන්න. අනවශ්‍ය දේවල් කපාහැරීමෙන් වඩා වැදගත් දේවල් සඳහා තමන් කාලය සොයාගන්න ආකාරය ගැන පැවසීමට සබයට ඇරයුම් කරන්න. පෞද්ගලික හා පවුලේ පාඩම, සභා රැස්වීම්, ක්ෂේත්‍ර සේවය හා දිනපතා බයිබලය කියවීම සඳහා කාලසටහනක් පිළියෙළ කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න.

විනා. 15: යෞවන දරුවන් යෙහෝවාව පැසසුමට ලක් කරයි. සබය සමඟ සාකච්ඡාවක්. සභා බොහොමයක දේශනා සේවයේ හවුල් වන ළමුන් බොහෝදෙනෙක් සිටිනවා. බොහෝ අවස්ථාවලදී සාක්ෂි දැරීමට සිදු වන්නේ වැඩිහිටියන්ට වුණත් යෞවන දරුවන් සේවයේ හවුල් වීම සුදුසුයි. (ගීතා. 148:12, 13; මතෙ. 21:15, 16) මේ දරුවන්ව පුහුණු කිරීම සඳහා දෙමාපියන් හා අනිකුත් ප්‍රචාරකයන් උනන්දු වෙනවා නම් ඔවුන් සේවයෙන් මහත් ප්‍රීතියක් ලබයි. ගෙයින් ගෙට සේවය හා නැවත බැලීම් සඳහා යෞවනයන්වද හවුල් කරවාගත හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න. සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැනත්, ඔවුන් දේශනා කරන විට බයිබලය යොදාගත හැකි ආකාරය ගැනත්, නිවෙස්වලදී නිසැකකමින් යුතුව කතා කරන ආකාරය ගැනත් තම දරුවන්ට ඉගැන්වීම සඳහා තමන් කර තිබෙන දේවල් ගැන පැවසීමට දෙමාපියන්ට ආරාධනා කරන්න. යෞවන දරුවන්ව පැසසුමට ලක් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අවධාරණය කරන්න. යෞවන ප්‍රචාරකයන් දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවා, දේශනා සේවයේදී ඔවුන් ප්‍රීතිය ලබන්නේ කුමන දේවලින්ද කියාත්, එයට හේතු ගැනත් පැවසීමට ආරාධනා කරන්න.

ගීතිකා අංක 198 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 3න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 179

විනා. 8: සභා නිවේදන.

විනා. 17: “ඔබ බෞද්ධයෙකුට කියන්න යන්නේ මොනවාද?” යනුවෙන් 99 අගෝස්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ පළ වූ ලිපියේ කරුණු සලකා බලන්න. පස්වන හා හයවන ඡේදවල යෝජනා කර තිබෙන හැඳින්වීම් නිරූපණය කර, යොදාගත හැකි පොත් පත් ගැනද සඳහන් කරන්න. අප ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය බලපෑමෙන් යුක්තව කිරීම සඳහා සූදානම්ව සිටීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.

විනා. 20: “යෙහෝවාගේ ප්‍රේමය අගය කිරීමෙන් ලැබෙන ආශීර්වාද—1වන කොටස.”c ඡේද 3-6 දක්වා සාකච්ඡා කරද්දී ගෙයින් ගෙට සේවයේදී, වීදි සේවයේදී, නැවත බැලීම්වලදී හා බයිබල් පාඩම්වලදී තමන් ලබා තිබෙන දිරිගන්වනසුලු අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 200 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න