‘දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න’
1 ඔබට කෙනෙක් යම් වටිනා දෙයක් දුන් විට ඔබ එය අවංකවම අගය කරනවා නම්, ඔබ ඒ බව පෙන්වන්නේ ඔබේ ආකල්පයෙන් හා ක්‍රියාවලින් නොවේද? ඇත්තෙන්ම, ඔව්! යෙහෝවා මනුෂ්‍යවර්ගයාට පෙන්වන යහපත්කම හා ප්‍රේමනීය කරුණාව ප්‍රේරිත පාවුල් සැලකූ ආකාරය ගැන සිතා බලන්න. ඔහු හැඟීමෙන් යුතුව මෙසේ පැවසුවා. ‘දෙවිගේ කියා නිම කළ නොහැකි දීමනාව [ත්‍යාගය, NW] ගැන ඔහුට ස්තුති වේවා!’ එම ‘ත්‍යාගයට’ අයත් වන්නේ කුමක්ද? අපට පෙන්වා තිබෙන “දෙවිගේ අනූපමේය මහත් කරුණාව” [NW] ඊට අයත් වන අතර, එම කරුණාව පෙන්වා තිබෙන විශිෂ්ටතම ආකාරය වන්නේ අපේ පාප උදෙසා මිදීමේ මිලයක් හැටියට තමන්ගේම පුත්‍රයාව ත්‍යාගයක් ලෙස දීමයි.—2 කොරි. 9:14, 15; යොහ. 3:16.
2 පාවුල්ගේ ස්තුතිය වචනවලට පමණක් සීමා වුණාද? කොහෙත්ම නැහැ! ඔහු විවිධාකාරවලින් ඔහුගේ ගැඹුරු අගය කිරීම පෙන්නුවා. ඔහු සෙසු ක්‍රිස්තියානීන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන මහත් සැලකිල්ලක් දැක්වූ අතර දෙවිගේ ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණ ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා ඔවුන්ට උපකාර කරන්න ඔහු තුළ සැබෑ වුවමනාවක් තිබුණා. ඔවුන් ගැන පාවුල් මෙසේ පැවසුවා. “නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, [දෙවිගේ] ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රිය වූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.” (1 තෙස. 2:8) ඒ වන විටත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ව සිටි අයට ඔවුන්ගේ ගැළවීම රැකගැනීම සඳහා උපකාර කරනවාට අමතරව, “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති” අයව සෙවීමේ අරමුණ ඇතුව පාවුල් ගොඩබිම් හා මුහුදු හරහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරමින් වෙහෙස නොබලා ශුභාරංචිය දේශනා කළා. (ක්‍රියා 13:48, NW) ‘දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කිරීමට’ පාවුල් පෙලඹුණේ, යෙහෝවා ඔහු වෙනුවෙන් කර තිබූ සෑම දෙයක්ම ඔහු ඉමහත් සේ අගය කළ නිසයි. —කොලො. 1:26.
3 යෙහෝවා අප වෙනුවෙන් කර තිබෙන සෑම දෙයක් සඳහාම අප තුළ තිබෙන අගය කිරීම, අපේ සභාවේ සිටින ආත්මිකව උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න අපව පොලඹවන්නේ නැද්ද? (ගලා. 6:10) අපේ බලප්‍රදේශය පුරා අපට හැකි උපරිමයෙන් රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීමට එම අගය කිරීම අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ නැද්ද?—මතෙ. 24:14.
4 අගය කිරීම පෙන්වීමට අවස්ථාවක්: යෙහෝවා සහ යේසුස් අප වෙනුවෙන් කර තිබෙන දේවල් සඳහා අපේ අගය පෙන්වීමට සෑම වසරකම ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම පැවැත්වෙන සමයේදී අපට විශේෂ ප්‍රස්තාවක් උදා වෙනවා. මෙය හුදෙක් තවත් රැස්වීමක්වත් යම් සිද්ධියක් නිකම්ම සිහි කිරීමක්වත් නොවෙයි. ‘මා සිහි කිරීම පිණිස මෙය කරන්න’ කියා යේසුස් පැවසුවා. (ලූක් 22:19, අකුරු ඇල කළේ අපය.) යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද කියා මෙනෙහි කිරීමට හොඳ අවස්ථාවක් වන්නේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ කාලයයි. විශ්වාසවන්තකම දිගටම රැකගනිමින් තම ජීවිතය පූජා කිරීම නිසා රජෙකු ලෙස මහත් ගෞරවයක් අත් කරගෙන තිබෙන යේසුස් අද ජීවමානව හා ක්‍රියාශීලීව සිටින බව වඩාත් හොඳින් තේරුම්ගැනීමට එය හොඳ කාලයක් වෙයි. යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ මූලිකත්වය යටතේ තිබෙන ක්‍රිස්තියානි සභාවේ කටයුතු හසුරුවන විට අප එයට යටත් බව පෙන්වීමට එම සිහි කිරීම මගින් කදිම ප්‍රස්තාවක් ලැබෙයි. (කොලො. 1:17-20) දෙවිගේ සියලුම ජනයා ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම සඳහා ගෞරවාන්විත ආකල්පයකින් යුතුව පැමිණීම වැදගත්. මේ අවුරුද්දේ මෙය පවත්වන්නේ 2002 මාර්තු 28වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුවයි.
5 පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ යේසුස්ගේ මරණය සිහි කිරීමට 9,310දෙනෙක් පැමිණ සිටි අතර, එය මෙතෙක් පැමිණි ඉහළම සංඛ්‍යාවයි. මෙවැනි වාර්තාගත සංඛ්‍යාවක් පැමිණියේ පසුගිය වසරේ සිහි කිරීමට කලින් වෙහෙස නොබලා සෑහෙන වැඩ කොටසක් කළ නිසායි. මේ අවුරුද්දේ කීදෙනෙක් පමණ පැමිණෙයිද? බොහෝ දේ රඳා පවතින්නේ හැකි තරම් පිරිසකට පැමිණීමට උපකාර කිරීම සඳහා ‘අප වෙහෙස වී කරන වැඩ හා වීර්යය කිරීම’ මතයි.—1 තිමෝ. 4:10.
6 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පැමිණෙනවාට අමතරව අපට කළ හැකි තවත් දෙයක් වන්නේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වීමයි. සහෝදර සහෝදරියන් සිය ගණනක් මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමී සේවය කරනවාට සැකයක් නැහැ. පසුගිය අවුරුදු පහේ සෑම අවුරුද්දකම මාර්තු සිට මැයි දක්වා වූ සිහි කිරීමේ කාලයේදී උපකාරික පුරෝගාමීන් 251දෙනෙකුගේ සාමාන්‍යයක් වාර්තා වී තිබෙනවා. මේ අවුරුද්දේද උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා ඔබේ වැඩකටයුතු සකස් කරගන්න ඔබට පුළුවන්ද? මෙසේ උපකාරික පුරෝගාමී සේවය කිරීම, දෙවි ප්‍රේමනීය ලෙස සැපයූ ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව සඳහා ඔබේ අවංක අගය කිරීම පෙන්විය හැකි කදිම මාර්ගයක් වෙයි. මතු දැක්වෙන අද්දැකීමෙන් පැහැදිලි වෙන්නාක් මෙන් යෙහෝවාගේ ආශීර්වාද ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව සිටින්න ඔබටත් පුළුවන්.
7 පසුගිය මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කළ රැකියාවක නියුතු සහෝදරියක් ඇගේ අද්දැකීම ගැන මෙසේ සඳහන් කළා. “සිහි කිරීම පවත්වන කාලයේදී හැකි සෑම කෙනෙකුටම උපකාරික පුරෝගාමී සේවය කරන්න කියලා 2001 පෙබරවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වුණ ලිපියක දිරිගන්වා තිබුණා. මාර්තු මාසයේ සෙනසුරාදාවල් පහක් තිබුණු හින්දා මට කාලය වෙන් කරගන්න පුළුවන් වුණා. මමත් අයදුම්පතක් ඉදිරිපත් කළා.” ඇය මාසය පටන්ගත්තේ බයිබල් පාඩමක් පටන්ගැනීමේ ඉලක්කය ඇතුවයි. උපකාරික පුරෝගාමි සේවය සාර්ථකව කරන්න ඇයට පුළුවන් වුණාද? ඔව්, ඇය ඒ මාසයේදී පැය 52ක් වාර්තා කළා. අවසාන වශයෙන් ඇය මෙසේ පැවසුවා. “අමතර වෑයමක් දරද්දී මවිතකර ආශීර්වාද අපි අද්දකිනවා.”
8 පවුලේ සාමාජිකයන් එකට එකතු වී පුරෝගාමී සේවය කිරීමෙන් මොන වගේ ප්‍රයෝජන ලබන්න පුළුවන්ද? පසුගිය අප්‍රියෙල් මාසයේදී සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක් උපකාරික පුරෝගාමී සේවය කළා. ඒ මාසය ඔවුන්ට අමතක නොවන මාසයක් වුණා. “අපි පවුලක් හැටියට එකට එකමුතුව සේවයේ ගිය හින්දා හැම දවසක්ම අපි බොහොම සන්තෝෂයෙනුයි ගත කළේ. රෑ කෑම වේලාවේදී සේවයේ අද්දැකීම් ගැන අපි කතා කළා. ඒක හින්දා ඒ වේලාව හරිම ප්‍රීතිමත් අවස්ථාවක් වුණා” කියා මව පැවසුවා. ඒ පවුලේ පුතා මෙසේ සඳහන් කළා. “සාමාන්‍යයෙන් සතියේ දවස්වල තාත්තා වැඩට යනවා. ඒ වුණත් ඒ මාසයේ සතියේ දවස්වලදීත් මට තාත්තා එක්ක සේවය කරන්න පුළුවන් වුණා. ඒකෙන් මම ලොකු ප්‍රීතියක් ලැබුවා.” තාත්තාද මෙසේ අදහස් පළ කළා. “අපි පවුලක් හැටියට හවුල් වුණේ අපේ කාලයේදී කෙරෙන වැදගත්ම වැඩයේ කියලා දැන සිටීමෙන් පවුලේ මූලිකයා හැටියට මට ලොකු තෘප්තියක් දැනුණා.” ඔබේ පවුලේ අයටත් එකට එකතු වෙලා පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද? මේ සිහි කිරීමේ කාලයේදී පවුලක් හැටියට උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද කියලා පවුලේ හැම කෙනෙක්ම එකට එකතු වෙලා සාකච්ඡා කර බැලීම හොඳ අදහසක් නොවේද?
9 අපට මාර්තු මාසය වාර්තාගත මාසයක් කළ හැකිද? වසර 2000 මුල්භාගයේ පළ වූ අපගේ රාජ්‍ය සේවාවක මෙම ප්රශ්නය අසා තිබුණා. “අපිට 2000 අප්‍රියෙල් මාසය වාර්තාගත මාසයක් කළ හැකිද?” එයට මොන වගේ ප්රතිචාරයක්ද ලැබුණේ? ඒ මාසයේදී නව ඉහළ සංඛ්‍යා කිහිපයක් වාර්තා වුණා. උපකාරික පුරෝගාමීන්ගේ මෙතෙක් වාර්තා වී තිබෙන ඉහළම සංඛ්‍යාව වූ 637 වාර්තා වුණේ ඒ මාසයේදීයි. මීට අමතරව පැය, විවරණිකා, සඟරා හා නැවත බැලීම්වලද නව ඉහළ සංඛ්‍යාවන් වාර්තා වුණා. ආත්මික ක්‍රියාකාරකම්වලින් පිරී ඉතිරී ගිය ඒ විශේෂ මාසයේදී ඔබේ සභාවේ තිබූ උද්යෝගය ඔබට මතකද? මේ අවුරුද්දේදී අපිට ඒ වාර්තාව සම කරන්න හෝ එය ඉක්මවා යන්න පුළුවන්ද? සෑම කෙනෙක්ම එකට එකතු වී වෑයම් කළොත් 2002 මාර්තු මාසය “මෙතෙක් වාර්තා වූ හොඳම මාසය” බවට පත් කරන්න අපිට පුළුවන්. ඇයි මාර්තු මාසය විශේෂ මාසයක් වෙන්නේ?
10 මාර්තු මාසය විශේෂ මාසයක් වීමට හේතු දෙකක් තිබෙනවා. මුල්ම හේතුව වන්නේ, සිහි කිරීම පවත්වන්නේ මාර්තු මාසයේ අවසානයේ වීමයි. මේ නිසා හැකි තරම් පිරිසකට සිහි කිරීමට ආරාධනා කරන්න ඇති තරම් කාලයක් මාර්තු මාසයේ මුල් සතිවල අපිට තිබෙනවා. මාර්තු මාසයේ සති අන්ත පහක් තිබීම දෙවන හේතුවයි. මේ නිසා රැකියා කරන අයට හා පාසැල් යන අයට උපකාරික පුරෝගාමී සේවය කරන්න පහසුයි. මේ අතිරේකයේ තිබෙන දින දර්ශනය යොදාගනිමින් ඔබට ගැළපෙන කාලසටහනක් දැන්ම සකස් කරගැනීම හොඳ අදහසක් නොවේද? උපකාරික පුරෝගාමී සේවය කිරීම ඔබ හිතනවාට වඩා ලෙහෙසි විය හැකියි. උදාහරණයක් හැටියට, සති අන්ත පහේ සෑම සති අන්තයකම පැය 8ක් ක්ෂේත්‍ර සේවය සඳහා වෙන් කරනවා නම්, ඒ මාසයේ පැය 50ක් සම්පූර්ණ කිරීමට තව අවශ්‍ය වන්නේ පැය 10ක් පමණයි.
11 ‘දෙවිගේ වචනය සම්පූර්ණයෙන් දේශනා කරන්න’ හැකි වෙන විදිහට සභාවේ සිටින සියලුදෙනාටම උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් මොනවාද? රැස්වීමේ පැවරුම් ඉදිරිපත් කරන විටත්, පෞද්ගලික කතා බහේදීත් උද්යෝගය ගොඩනංවන්න. පොත් පාඩම් අවේක්ෂකයන් හා ඔවුන්ගේ සහායකයන්ට පුළුවන්, තම කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුම සමඟ කතා කර, ඔවුන්ට අවශ්‍ය උපකාරය පිරිනමන්න. සමහරවිට අවශ්‍ය වන්නේ දිරිගැන්වීමේ වචන කිහිපයක් හෝ ප්‍රායෝගික යෝජනා කිහිපයක් පමණයි. (හිතෝ. 25:11) තමන්ගේ කාලසටහනෙහි සුළු වෙනස්කම් කිරීමෙන් උපකාරික පුරෝගාමී සේවය කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳින්න තමන්ටත් පුළුවන් බව හුඟදෙනෙක් තේරුම්ගනීවි. සිහි කිරීම පවත්වන කාලයේදී සභාවන් බොහොමයක සිටින වැඩිමහල්ලන් හා සභා සේවකයන් හුඟදෙනෙක්, සමහර සභාවල ඔවුන් සියලුදෙනාම, ඔවුන්ගේ භාර්යාවන් සමඟ එක්ව උපකාරික පුරෝගාමී සේවය කිරීමෙන් හොඳ ආදර්ශයක් තබනවා. ප්‍රචාරකයන් බොහෝදෙනෙකුට ඔවුන් සමඟ එක්වීමට එයින් ලැබෙන්නේ මහත් දිරිගැන්වීමක්. දුර්වල සෞඛ්‍යය නිසා හෝ වෙනත් හේතු නිසා සමහර ප්‍රචාරකයන්ට උපකාරික පුරෝගාමී සේවය කරන්න නොහැකි විය හැකියි. ඒ වුණත්, සභාවේ සිටින අනිත් අයත් එක්ක එකතු වී තමන්ට හැකි පමණ සේවයේ හවුල් වීමෙන් තමන්ගේ අගය කිරීම පෙන්වීමට ඔවුන්වද දිරිගන්වන්න පුළුවන්.
12 සාර්ථකත්වය රඳා පවතින්නේ වැඩිමහල්ලන් කල්පනාකාරිව කරන සැලසුම් මතයි. සතිය පුරා පහසු වේලාවන්වලදී ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ යුතුයි. හැකි නම් සේවා අවේක්ෂකට පුළුවන් සේවය සඳහා රැස්වීම් සියල්ලම පැවැත්වීම සඳහා කල් තියා සුදුසුකම් ලත් සහෝදරයන්ව පත් කරන්න. මෙම රැස්වීම විනාඩි 10කට හෝ 15කට සීමා විය යුතු අතර, මේ සඳහා හොඳ සූදානමක් අවශ්‍යයි. කණ්ඩායම සංවිධානය කිරීම, යා යුතු තැන් පැවරීම සහ යාච්ඤාවද ඒ කාලයට ඇතුළත් වෙනවා. (2001 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.) මාසය පුරාම කරන සේවා ක්‍රියාකාරකම් ඇතුළත් කාලසටහනක් සභාවට හොඳින් පැහැදිලි කර, එය දැන්වීම් පුවරුවේ දැමිය යුතුයි.
13 සේවය සඳහා ප්‍රමාණවත් ප්‍රදේශද තිබිය යුතුයි. සේවා අවේක්ෂක බලප්‍රදේශය භාරව සිටින සහෝදරයාව හමු වී, නිතර නිතර සේවය නොකරන ප්‍රදේශවල සේවය කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළියෙළ කළ යුතුයි. ගෙවැසියන් නොමැති නිවෙස්වලට ආපසු යෑම, වීදිවල හා කඩ සාප්පුවල සාක්ෂි දැරීම සහ සන්ධ්‍යා කාලයේ සේවය කිරීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුදුසුයි කියා හැඟෙන අවස්ථාවලදී දුරකථනයෙන් සාක්ෂි දැරීම සඳහා සමහර ප්‍රචාරකයන්ට උපකාර කළ හැකියි.
14 නැවත සේවය කිරීමට ඔවුන්ට උපකාර කරන්න: ශුභාරංචිය දේශනා කිරීමෙහි තවදුරටත් ක්‍රියාශීලීව හවුල් නොවන අය ඔබේ සභා බලප්‍රදේශයේ සිටිනවාද? එවැනි අය තවමත් සභාවේ සාමාජිකයන් වන අතර, ඔවුන්ටද උපකාරය අවශ්‍යයි. (ගීතා. 119:176) අක්‍රියාශීලී අයට උපකාර කිරීම සඳහා අපට හැකි සෑම වෑයමක්ම දැරීමට අපට හොඳ හේතු තිබෙනවා. මන්ද වත්මන් ලෝක ක්රමයේ අවසානය ඉතාමත් ආසන්න වන අතර, නව ලෝකයට තව තිබෙන්නේ කෙටි කාලයක් පමණයි. (රෝම 13:11, 12) පසුගිය අවුරුදු තුන තුළදී, සෑම අවුරුද්දකම 70දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් යළි ක්‍රියාශීලී වීම සඳහා දී තිබෙන උපකාරයට හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. මුලදී තමන් තුළ තිබූ ප්‍රේමය හා නිසැකකම යළි පණගන්වා ගැනීම සඳහා තව බොහෝදෙනෙකුට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?—හෙබ්‍රෙ. 3:12-14.
15 පසුගිය අවුරුදු කිහිපය තුළ අක්‍රියාශීලී වී සිටින අයට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි දේවල් ගැන සාකච්ඡා කරන්න වැඩිමහල් මණ්ඩලයට හැකියි. (මතෙ. 18:12-14) ලේකම් සභාවේ ප්රචාරක කාඩ්පත් පරීක්ෂා කර බලා අක්‍රියාශීලී වී සිටින සෑම කෙනෙකු ගැනම ලියාගත යුතුයි. එඬේර බැහැදැකීම් කරමින් මේ අයට අවශ්‍ය උපකාර සැපයීම සඳහා කාලසටහනක් පිළියෙළ කිරීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. යම් ප්‍රචාරකයෙක් අක්‍රියාශීලී ප්‍රචාරකයෙකුව හොඳින් හඳුනනවා නම් හෝ කලින් ඔහු හෝ ඇය සමඟ කිට්ටුවෙන් ඇසුරු කර තිබෙනවා නම්, ඒ තැනැත්තාට උපකාර කරන්න කියා වැඩිමහල්ලෙක් එම ප්‍රචාරකයාගෙන් ඉල්ලා සිටිය හැකියි. නැත්නම් උපකාර කරන්න කියා වෙනත් ප්රචාරකයන්ගෙන්ද ඉල්ලා සිටින්න පුළුවන්. මෙම ප්‍රචාරකයන් දැන් අක්‍රියාශීලී වී සිටින තැනැත්තා සමඟ කලින් පාඩම් කර තිබෙනවා නම් අක්‍රියාශීලී කෙනාට උපකාරය පිරිනමන්න එම ප්‍රචාරකයන් කැමති විය හැකියි. අක්‍රියාශීලී වී සිටින අයගෙන් බොහෝදෙනෙක් දෙවිගේ වචනය දේශනා කිරීම නැවත ආරම්භ කරන්න පියවර ගනියි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන් සුදුසුකම් ලබයි නම්, ඔවුන්ට නැවත සේවය ආරම්භ කරන්න තිබෙන හොඳම කාලය සිහි කිරීමේ කාලයයි!—වැඩි විස්තර සඳහා 2000 නොවැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.
16 දේශනා කිරීමට තවත් අය සුදුසුකම් ලබයිද? ‘සියලු ජාතීන්ගෙන් ආශා වෙන දේවල්’ ගෙන ඒමෙන් යෙහෝවා දිගටම ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා. (හග්. 2:7) සෑම වසරකම දහස් ගණනක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබනවා. ඔවුන් කවුද? ඔවුන් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් හා ප්‍රගතියක් ලබන බයිබල් ශිෂ්‍යයන්ය. ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන් සුදුසුකම් ලබනවාද කියා අප දන්නේ කොහොමද?
17 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්: බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස තවමත් සුදුසුකම් නොලැබුවත්, දරුවන් බොහෝදෙනෙක් අවුරුදු ගණනාවක සිට තමන්ගේ දෙමාපියන් සමඟ ගෙයින් ගෙට ගොස් තිබෙනවා. ඔවුන්ට සේවය පටන්ගන්න මාර්තු මාසය හොඳ කාලයක්. ඔබේ දරුවා මේ සඳහා සුදුසුකම් ලබනවාද කියා ඔබ දැනගන්නේ කොහොමද? අපගේ දේවසේවය සම්පූර්ණ කිරීම නමැති පොතේ 100වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා. “දරුවෙක් තමාගේ හැසිරීමෙහි ආදර්ශවත් වන විට සහ ශුභාරංචිය ගැන අන්‍යයන්ට කතා කිරීම මගින් තම ඇදහිල්ල ගැන පෞද්ගලික ප්රකාශනයක් කිරීමට හැකි වන විට, හෘදයෙන් පෙලඹී එසේ කරයි නම්” ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් ලබයි. ඔබේ දරුවා සුදුසුකම් ලබනවා කියා ඔබ සිතනවා නම්, ඒ ගැන සේවා කමිටුවේ වැඩිමහල්ලෙකු සමඟ කතා කරන්න.
18 සුදුසුකම් ලබන බයිබල් ශිෂ්‍යයන්: බයිබල් ශිෂ්‍යයෙක් කලක සිට දැනුම ලබාගනිමින් රැස්වීම්වලට පැමිණීමෙන් පසු ප්‍රචාරකයෙකු වීමට ඔහුට වුවමනා විය හැකියි. මෙවැනි වුවමනාවක් තිබෙන ශිෂ්‍යයෙකු සමඟ ඔබ පාඩමක් කරනවා නම් මේ ප්‍රශ්න ගැන ටිකක් සිතා බලන්න. ඔහුගේ වයසට හා හැකියාවට අනුව ඔහු දියුණුවක් ලබමින් සිටිනවාද? ඔහුගේ ඇදහිල්ල ගැන අනිත් අය සමඟ අවිධිමත් ආකාරවලින් කතා කිරීමට ඔහු පටන්ගෙන තිබෙනවාද? ඔහු “අලුත් පෞද්ගලිකත්වය” [NW] පැළඳගනිමින් සිටිනවාද? (කොලො. 3:10) අපගේ දේවසේවය සම්පූර්ණ කිරීම පොතේ 97-99 දක්වා පිටුවල සඳහන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් සඳහා තිබෙන සුදුසුකම් ඔහුට තිබෙනවාද? එසේ නම්, ඔබ ඔහු ගැන සේවා කමිටුව සමඟ කතා කළ යුතුයි. ඔබවත් ඔබ සමඟ පාඩම් කරන ශිෂ්‍යයාවත් හමුවීමට වැඩිමහල්ලන් දෙදෙනෙක් කටයුතු පිළියෙළ කරාවි. ඔහු සුදුසුකම් ලබයි නම් ප්‍රසිද්ධ දේවසේවයේ හවුල් වීමට ඔහුට පුළුවන් කියා එම වැඩිමහල්ලන් දෙදෙනා ඔහුට දන්වයි.
19 අප්‍රියෙල් සහ මැයි මාසවලදී අපි කරන්නේ මොනවාද? මේ මාස විශේෂත්වයක් උසුලන්නේ අප ක්ෂේත්‍ර සේවයේ වැඩියෙන් හවුල් වන නිසායි. මාර්තු මාසයේ උපකාරික පුරෝගාමී සේවය කරන හුඟදෙනෙකුට පුළුවන් අප්‍රියෙල් මාසයේ හා හැකි නම් මැයි මාසයෙත් උපකාරික පුරෝගාමී සේවය කරන්න. අප්‍රියෙල් සහ මැයි මාසවලදී අපි දේවසේවයේදී විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. මේ සඟරා කියවන අයට ඒවායින් මොනතරම් ප්‍රයෝජන ලබන්න පුළුවන්ද! ලොව පුරා අද්දැක තිබෙන මවිතකර වර්ධනයට එම සඟරා මහත් සේ දායක වී තිබෙනවා. අප්‍රියෙල් සහ මැයි මාසවලදී හැකි තරම් පිරිසකට සඟරා ඉදිරිපත් කරන්න විශේෂ වෑයමක් දැරීමට නියමිතයි. ඔබේ හැකි උපරිමය කිරීමට දැන්ම සැලසුම් කරන්න.
20 ඉදිරි මාසවලදී වැඩියෙන් සේවයේ හවුල් වීමට බලාපොරොත්තු වන නිසා ඔබ සභාවෙන් ලබාගන්න සඟරා ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යද? මේ සේවා වසර පුරාම තිබෙන සෙනසුරාදා දවස් සඟරා දවස කියා නම් කර තිබෙන අතර, එදින අපි විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. කෙසේවෙතත්, හුඟදෙනෙක් උපකාරික පුරෝගාමී සේවය කරන නිසාත්, අපි සියලුදෙනාම මාස දෙකක් පුරාම විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ සඟරා නිසාත් ඔබේ සඟරා ඇණවුම වැඩි කිරීමට සිදු විය හැකියි. සඟරා ඇණවුම වැඩි කරනවා නම් ඉක්මනින්ම ඒ බව සඟරා සේවකට දන්වන්න. මේ අතර සභා සේවක බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාවේ පිටපත්වල ප්‍රමාණවත් තොගයක් සභාවේ තබාගත යුතුයි.
21 අපගේ රාජ්‍ය සේවාවේ පළ වන “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති විශේෂ කොටස බොහෝදෙනෙකුගේ අගය කිරීමට ලක් වී තිබෙනවා. මේ ආදර්ශ සඟරා ඉදිරිපත් කිරීමෙන් ඔබ ප්‍රයෝජන ගෙන තිබෙනවාද? මේ ඉදිරිපත් කිරීම් පුහුණු වීම සඳහා සෑම සතියකම පවුලේ බයිබල් පාඩමෙන් ටික වේලාවක් වෙන් කිරීම හොඳ අදහසක් නොවේද?
22 මෙම සිහි කිරීමේ කාලයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න: මේ සිහි කිරීමේ කාලය වෙනුවෙන් සැලසුම් කර තිබෙන ආත්මික ක්‍රියාකාරකම්වල අපට හැකි උපරිම අයුරින් හවුල් වෙමින් ප්‍රේරිත පාවුල් මෙන් අපිත් ‘දෙවිගේ කියා නිම කළ නොහැකි ත්‍යාගය’ අගය කරන බව යෙහෝවාට පෙන්වමු. අගය පෙන්වීමට මේ දේවල් ඇතුළත් වෙනවා. (1) වසරේ වැදගත්ම අවස්ථාව වන 2002 මාර්තු 28වන බ්‍රහස්පතින්දා සමරන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පැමිණීම; (2) අක්‍රියාශීලී වී සිටින අයට ඔවුන්ගේ “පළමු ප්‍රේමය” යළි පණගන්වා ගැනීම සඳහා උපකාර කිරීම (එළි. 2:4; රෝම 12:11); (3) බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සුදුසුකම් ලැබීමට අපේ දරුවන්ට හා බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීම; (4) අපට හැකි උපරිමයෙන් එවැන්ජලිස්ත සේවයේ හවුල් වීම හෝ මාර්තු මාසයේ හා ඉන්පසු මාසවලදී උපකාරික පුරෝගාමී සේවය කිරීම. —2 තිමෝ. 4:5.
23 මේ සිහි කිරීමේ කාලයේදී රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙහි අපට හැකි උපරිමයෙන් හවුල් වෙන්න හැකියාව ලැබෙන්න කියා අපි සියලුදෙනාම මහත් ඕනෑකමින් යාච්ඤා කරමු. මෙසේ සේවයේ හවුල් වීමෙන් යෙහෝවා අප වෙනුවෙන් කර තිබෙන සෑම දෙයක් සඳහාම අපේ හදපත්ලෙන්ම නැඟෙන අගය ක්‍රියාවෙන් පෙන්වමු.
[Box on page 6]
2002 මාර්තු මාසයේ ක්ෂේත්‍ර සේවය සඳහා පෞද්ගලික කාලසටහන
ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා 1 2
සඟරා දවස
3 4 5 6 7 8 9
සඟරා දවස
10 11 12 13 14 15 16
සඟරා දවස
17 18 19 20 21 22 23
සඟරා දවස
24 25 26 27 28 29 30
සිහි කිරීම සඟරා දවස
හිරු බැස
31 යෑමෙන් පසු
මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා පැය 50ක් වෙන් කරගන්න ඔබටත් පුළුවන්ද?