ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/13 1 පි.
  • මෙදා සැරෙත් රස බලමුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙදා සැරෙත් රස බලමුද?
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වැඩි සේවයක් කිරීමට දැන්ම සැලසුම් කරන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමේ කාලයේ ප්‍රීතිය වැඩි කරගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ සෑම තැනම ප්‍රකාශ කරන්න
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමේ කාලයේදී වැඩි සේවයක් කරමු!
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 2/13 1 පි.

මෙදා සැරෙත් රස බලමුද?

1. ඇයි යේසුස්ගේ මරණය සිහිකරන කාලය සේවය වැඩි කිරීමට හොඳම කාලය වෙන්නේ?

1 සේවය වැඩි කරන්න පුළුවන් හොඳම කාලය තමයි යේසුස්ගේ මරණය සිහි කිරීමේ කාලය. මොකද ඒ කාලෙදි යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ ජීවිතය දීම ගැන අපි වැඩියෙන් කල්පනා කරනවා. (යොහ. 3:16) දෙවි කළ දේ අපි මුළු හදවතින්ම අගය කරන නිසා ඔහු ගැනත් ඔහු අපි වෙනුවෙන් කළ දේත් ජනයාට දැනුම් දීමට අපි තුළ තියෙන ආශාව තව තවත් වැඩි වෙනවා. (යෙසා. 12:4, 5; ලූක් 6:45) අපි අඳුරන අයටත් අපේ ප්‍රදේශයේ ඉන්න අයටත් යේසුස්ගේ මරණය සිහි කිරීමට අපිත් එක්ක හවුල් වෙන්න කියලා ආරාධනා කරන්නෙත් මේ කාලයේදීමයි. සිහි කිරීමට එන අයව නැවත ගිහින් බලන්නත් අපිට පුළුවන්. ඉතිං ඔයාලට පුළුවන්ද මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවල සහායක පුරෝගාමි සේවය කරන්න?

2. මාර්තු මාසය සහායක පුරෝගාමි සේවයට කදිම මාසයක් වෙන්නෙ ඇයි?

2 කදිම මාසයක්: සහායක පුරෝගාමි සේවයේ රස බලන්න මාර්තු කියාපු මාසයක්. මොකද මේ මාසෙදි සහායක පුරෝගාමියෙක්ට පැය 30ක් හරි 50ක් හරි කරන්න පුළුවන්. මේ මාසෙදි චාරිකා සේවක සභාවට ආවොත් විශේෂ හා ස්ථාවර පුරෝගාමීන්ගේ මුළු රැස්වීමටම සහභාගී වෙන්නත් සහායක පුරෝගාමීන්ට පුළුවන් වෙනවා. ඒ වගේම මාර්තු 26වෙනි අඟහරුවාදා යේසුස්ගෙ මරණය සිහිකරනවා. ගිය අවුරුද්දෙ වගේ නෙමේ මේ අවුරුද්දේ ආරාධනා පත් දෙන්න පටන්ගන්නේ මාර්තු පළවෙනිදා ඉඳන්මයි. ඒ විතරක්ද මේ මාසේ සති අන්ත පහක්ම තියෙනවා. මේ විශේෂ මාසෙ වැඩිපුර සේවයක් කරන්න පුළුවන්ද කියලා ඔයාලත් ටිකක් හිතලා බලන්න.

3. අපේ සේවය වැඩි කරන්න මොන වගේ දේවල් සැලසුම් කරන්න පුළුවන්ද?

3 දැන්ම සැලසුම් කරන්න: පුරෝගාමි සේවය වෙනුවෙන් මොන වගේ වෙනස්කම් කරන්න ඕනෙද කියලා දැන් ඉඳන්ම හිතලා බලන්න. ඒ සඳහා පවුලේ අයගේ සහයෝගය ඉතා වැදගත්. පවුලේ නමස්කාරය වෙලාවෙදී එක් එක්කෙනා කරන්න හිතාගෙන ඉන්න දේවල් මොනවද කියලා සාකච්ඡා කරලා කාලසටහනක් හදන්න. (හිතෝ. 15:22) ඔයාට සහායක පුරෝගාමි සේවය කරන්න බැරි නම් ඒ ගැන දුක් වෙන්න එපා. ඒත් සේවයේ යන දවස්වලදී ටිකක් වැඩිපුර වැඩ කරන්න ඔයාට පුළුවන්ද? සේවයේ යන දවසට අමතරව තවත් දවසක් සේවයේ යන්න පුළුවන්ද?

4. මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවල අපේ සේවය වැඩි කිරීමෙන් මොන වගේ ප්‍රයෝජනද ලැබෙන්නේ?

4 මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවල වැඩිපුර සේවය කරද්දී යෙහෝවා දෙවිටත් අන් අයටත් අපේ කාලය වැඩියෙන් දෙන නිසා අපිට දැනෙන සතුට හා තෘප්තියත් වැඩියි. (යොහ. 4:34; ක්‍රියා 20:35) මේ හැම දේටම වඩා අපි කරන කැප කිරීම් ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා.—හිතෝ. 27:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න