සිහි කිරීමේ කාලයේදී වැඩි සේවයක් කරමු!
1. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවල අපගේ සේවය වැඩි කිරීමට තිබෙන හේතු මොනවාද?
1 ළඟ ළඟම එන සිහි කිරීමේ කාලයේදී ඔබේ සේවය වැඩි කරන්න ඔබට පුළුවන්ද? එම කාලයේදී සමහර ප්‍රචාරකයන්ට රැකියාවෙන් සහ පාසැලෙන් නිවාඩු ලැබෙන නිසා ඒ කාලය සේවය සඳහා යොදාගත හැකියි. අප්‍රියෙල් 17වනදා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණීම සඳහා ආරාධනා පත් බෙදා දීමේ විශේෂ සේවයක් අප්‍රියෙල් දෙවෙනිදායින් ආරම්භ වෙනවා. එදිනට පැමිණෙන අයගේ උනන්දුව වැඩි කිරීම සඳහා ඔවුන්ව නැවත හමු වීමටත් අප්‍රියෙල් 25වනදායින් පටන්ගන්නා සතියේ පැවැත්වෙන විශේෂ කතාවට ආරාධනා කිරීමටත් අපට අවස්ථාව තිබෙනවා. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවල අපගේ සේවය වැඩි කිරීමට ඇත්තෙන්ම අපට බොහෝ හේතු තිබෙනවා.
2. ඔබේ සේවය වැඩි කිරීමට කදිම ක්‍රමයක් වන්නේ කුමක්ද?
2 උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වීම: ඔබේ සේවය වැඩි කිරීමට කදිම ක්‍රමයක් වන්නේ උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වීමයි. අප හැමදෙනාම කාර්යබහුල නිසා ඒ සඳහා කල් ඇතුව සැලසුම් කිරීම අවශ්‍යයි. (හිතෝ. 21:5) ඒ සඳහා ජීවිතයේ අත්‍යවශ්‍ය නොවන දේවල් කල් දැමීමට ඔබට පුළුවන්. (ෆිලි. 1:9-11) උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වීමට තිබෙන ඔබේ ආශාව සභාවේ අනික් අයටත් පවසන්න. එවිට ඔවුන්ද ඔබ සමඟ පුරෝගාමි සේවයේ හවුල් වීමට ඉඩ තිබෙනවා.
3. සේවය වැඩි කිරීමට පවුලක් ලෙස සැලසුම් කරන්න පුළුවන් කොහොමද?
3 සේවය වැඩි කිරීමට ඔබ තබා තිබෙන ඉලක්ක ගැන පවුලේ නමස්කාරයට වෙන් කළ ඊළඟ රාත්රියේදී සාකච්ඡා කරන්න. (හිතෝ. 15:22) සියලුදෙනාම සහයෝගයෙන් වැඩ කිරීමෙන් පවුලේ කිහිපදෙනෙකුට මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමි සේවයේ හවුල් විය හැකියි. නමුත් එය කළ නොහැකි බව ඔබට වැටහෙනවා නම් කුමක් කළ හැකිද? පවුලක් ලෙස සති අන්තවල වැඩි කාලයක් හා සවස් වරුවල සේවයේ යෙදීමෙන් වැඩිපුර සේවයක් කිරීමට ඔබට හැකියි.
4. සිහි කිරීමේ කාලයේදී ඔබේ සේවය වැඩි කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?
4 කැප කිරීම් කරමින් අප කරන සේවය යෙහෝවා දෙවි දකින අතර එය ඔහුට ඉතා අනර්ඝයි. (හෙබ්‍රෙ. 6:10) දෙවි හා අන් අය වෙනුවෙන් සේවය කිරීමෙන් අපට සන්තෝෂය අද්දැකිය හැකියි. (1 ලේක. 29:9; ක්‍රියා 20:35) ළඟ ළඟම එන සිහි කිරීමේ කාලයේදී ඔබේ සේවය වැඩි කරගෙන ඉන් ප්‍රීතිය හා ආශීර්වාද අද්දකින්න ඔබ කැමතිද?