සිහි කිරීමේ කාලයේ ප්‍රීතිය වැඩි කරගන්න
1. සිහි කිරීමේ කාලයේදී ඔබේ ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?
1 මාර්තු, අප්‍රියෙල් හා මැයි යන මාසවලදී ප්‍රීතිය වැඩි කරගන්න ඔබ කැමතිද? ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන් එක විදිහක් තමයි සේවය වැඩි කිරීම හෝ පුළුවන් නම් සහායක පුරෝගාමි සේවය කිරීම. එතකොට ඔබේ ප්‍රීතිය වැඩි වෙන්නේ කොහොමද?
2. සේවය වැඩි කිරීමෙන් ප්‍රීතිය වැඩි වෙන්නේ කොහොමද?
2 ප්‍රීතිය වැඩි කරගන්න: ප්‍රීතිය හා තෘප්තිය ලබන්න පුළුවන් වෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන ඔහුට නමස්කාර කරනවා නම් විතරයි. (මතෙ. 5:3) ඒ වගේම අන් අයට දීමෙනුත් සතුටක් ලබන්න පුළුවන්. (ක්‍රියා 20:35) දෙවි අපිව නිර්මාණය කළේ ඒ අවශ්‍යතාවන් ඇතුවයි. දේවසේවය කරද්දී දෙවිට නමස්කාර කරන්නත් අන් අයට උදව් කරන්නත් අපිට ප්‍රස්තාව ලැබෙනවා. ඒ නිසා සේවය වැඩි කරද්දී ලැබෙන සතුටත් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ හැකියාවන් දියුණු කරගන්නත් පුළුවන්. හැකියාවන් දියුණු වෙද්දී ආත්ම විශ්වාසය වැඩි වන අතර බය නැති වෙනවා. වැඩිපුර සාක්ෂි දරන්න ලැබෙන නිසා බයිබල් පාඩම් වැඩියෙන් කරන්නත් අවස්ථාව ලැබෙනවා. මේ හැම දේකින්ම අපේ සේවයේ ප්‍රීතිය වැඩි වෙනවා.
3. මාර්තු සහ අප්‍රියෙල් මාස සහායක පුරෝගාමි සේවය කරන්න කදිම මාස කියලා කියන්න පුළුවන් ඇයි?
3 මාර්තු සහ අප්‍රියෙල් මාසවල පැය 30ක් හෝ පැය 50ක් හෝ සේවය කරන්න තෝරගන්න අපිට පුළුවන් නිසා ඒ මාස සහායක පුරෝගාමි සේවය කරන්න කදිම මාසයි. ඒ වගේම මාර්තු 22වෙනි සෙනසුරාදා ඉඳලා සිහි කිරීමේ දිනය එනම් අප්‍රියෙල් 14වෙනි සඳුදා වෙන තුරු සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදා දෙන්න හවුල් වෙන්නත් අපිට පුළුවන්. ඒ කාලය ඇතුළත සභාවට අයිති ප්‍රදේශය හැකි පමණින් ආවරණය කරන්න සභාවේ හුඟදෙනෙක් “එක්සත්කමින්” හවුල් වෙද්දී උද්යෝගය වැඩි වෙනවා.—ශෙප. 3:9.
4. සහායක පුරෝගාමි සේවය කරන්න ඕන නම් මොනවද කරන්න ඕනේ?
4 දැන්ම සූදානම් වෙන්න: ඔබ දැනටමත් සැලසුම් කරලා නැත්නම් මාසයක් හෝ මාස කීපයක් වැඩිපුර සේවය කරන්න මොන වගේ සකස් කිරීම් කරන්න ඕනද කියලා බලන්න. ඒ ගැන යාච්ඤා කරන්න. (යාකො. 1:5) ඔබේ පවුලේ අය එක්ක වගේම සභාවේ අය එක්කත් කතා කරලා බලන්න. (හිතෝ. 15:22) යම් අසනීප තිබුණත් කාර්යබහුලව හිටියත් සහායක පුරෝගාමි සේවය කිරීමෙන් ලැබෙන සතුට අද්දකින්න ඔබටත් පුළුවන්.
5. සිහි කිරීමේ කාලයේදී සේවය වැඩිපුර කරනවා නම් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
5 දෙවි කැමති ඔහුගේ සේවකයන් සතුටින් ඉන්නවාටයි. (ගීතා. 32:11) සිහි කිරීමේ කාලයේදී සේවය වැඩිපුර කරන්න වෑයමක් දරනවා නම් අපිට සතුටක් ලැබෙනවා වගේම අපේ ස්වර්ගික පියාණන්වද සතුටු කරන්න පුළුවන් වෙනවා.—හිතෝ. 23:24; 27:11.