ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මැයි 13න් පටන්ගන්නා සතිය
  • මැයි 20න් පටන්ගන්නා සතිය
  • මැයි 27න් පටන්ගන්නා සතිය
  • ජූනි 3න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 5/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මැයි 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 37

විනා. 15: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හයවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් මැයි 1 මුරටැඹ සඟරාව සහ මැයි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. “මට හුඟාක් වැඩ තියෙනවා” කියා පවසමින් ගෙවැසියෙකු අකමැත්ත පළ කරන අවස්ථාවලදී කටයුතු කළ හැකි එකිනෙකට වෙනස් ආකාර දෙකක් ඒ නිරූපණවලට ඇතුළත් කරන්න.

විනා. 15: “‘ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ’ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2002.” ලේකම් විසින් කරනු ලබන සාකච්ඡාවක්. 4-8 දක්වා ඡේදවලට වැඩි අවධානයක් දෙන්න. දැන් සිටම සමුළුව සඳහා සැලසුම් කරමින් සිටීම ගැන සභාවට උණුසුම් ලෙස ප්‍රශංසා කරන්න.

විනා. 15: “වැඩි විස්තර දැනගන්න කැමති නම්, . . . ”a වර්ෂ 1999 ජූලි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ පළ වූ ලිපිය සලකා බලන්න. දෙවන ඡේදය සලකා බැලීමෙන් පසු නැවත බැලීමක් සඳහා කටයුතු පිළියෙළ කරන ආකාරය නිරූපණය කරන්න. නිවසින් පිට වූවාට පසු ප්‍රචාරකයා ගෙයින් ගෙට වාර්තාවෙහි සටහනක් ලියයි. මොනවාද කරන්නේ කියා ඔහු සමඟ සේවයේ යන අනිත් ප්‍රචාරකයා අසද්දී, මේ කුඩා පෝරමය පාවිච්චි කිරීමේ වැදගත්කම ඔහු පැහැදිලි කරයි. ගෙයින් ගෙට වාර්තා පාවිච්චි කිරීමට දිරිගන්වන්න. රැස්වීමෙන් පසු ඒවා ලබාගන්න පුළුවන් බව පවසන්න. සෑම ප්‍රචාරකයෙකුගේම අතට කිහිපයක් දෙන්න පුළුවන්.

ගීතිකා අංක 115 සහ අවසාන යාච්ඤාව.

මැයි 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 13

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ප්‍රශ්න පෙට්ටිය සලකා බලන්න.

විනා. 12: සභා අවශ්‍යතා.

විනා. 18: “දායක වෙනුවට සඟරා මාර්ග.” කිරීමට අවශ්‍ය වෙනස්කම් ගැන සඳහන් කරමින් හා තමන් පිට පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කිරීමට ප්‍රචාරකයන්ට හැකි ආකාර පැහැදිලි කරමින් කරන කතාවක්. කියවීම සඳහා සඟරා ලබාගැනීමට කලින් උනන්දුවක් දැක්වූ අයව නැවත ගොස් හමු වී, සඟරා මාර්ගයක් පටන්ගැනීමට සියලුම ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. සේවයේදී වර්ග දෙකෙන්ම සඟරා ඉදිරිපත් කිරීමටත් ඔවුන්ව උනන්දු කරන්න.

ගීතිකා අංක 169 සහ අවසාන යාච්ඤාව.

මැයි 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 208

විනා. 12: සභා නිවේදන. මැයි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. හයවන පිටුවේ සඳහන් යෝජනා සැලකිල්ලට ගනිමින් මැයි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය වැඩිහිටි ප්‍රචාරකයෙකු ලවාද මැයි 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය යෞවන ප්‍රචාරකයෙකු ලවාද නිරූපණය කරන්න. එක් එක් නිරූපණයෙන් පසු, පහසුවෙන්ම ශුද්ධ ලියවිලි පාඨයක් එම ඉදිරිපත් කිරීම්වලට ඇතුළත් කරගත හැකි ආකාරය ගැන සබයේ අදහස් විමසන්න.

විනා. 15: “ඔබේ සභාවට තිබෙන්නේ විශාල බලප්‍රදේශයක්ද?” සේවා අවේක්ෂක විසින් කරන කතාවක් හා සබය සමඟ සාකච්ඡාවක්. (සීමිත බලප්‍රදේශයක් තිබෙන සභාවන්ට පුළුවන්, 1999 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ තිබෙන “ඔබේ කාලය ඵලදායී ලෙස භාවිත කරන්න” නමැති ලිපිය නැවත සලකා බලන්න.) සභාවට අයත් බලප්‍රදේශය කොතරම් විශාලද කියාත් පසුගිය වසරේදී කොතරම් ප්‍රමාණයක සේවය කළාද කියාත් පෙන්වා දෙන්න. ලිපියේ දී තිබෙන යෝජනා සභා මට්ටමින් අදාළ කරගත හැකි ආකාරය පැහැදිලි කරන්න. ඉඳ හිට සේවය කරන ප්‍රදේශවල ඉදිරියේදී සේවය කිරීමට යොදනු ලබන සැලසුම් ගැන සඳහන් කරන්න.

විනා. 18: “ඔබ පාඩම් පටන්ගැනීමට ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් සිටිනවාද?” (මේ සාකච්ඡාව සඳහා සියලුදෙනා ළඟම 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකය තිබිය යුතුයි.) තුන්වන ඡේදයේ සඳහන් උදාහරණය යොදාගනිමින් හොඳින් සූදානම් වූ ප්‍රචාරකයෙක් පාඩමක් පටන්ගන්න ආකාරය ගැන නිරූපණය කිරීමෙන් මේ කොටස පටන්ගන්න. ඉන්පසු විවරණිකාවේ තිබෙන විශේෂ කරුණු සඳහන් කරන්න. පාඩම් පටන්ගැනීම සඳහා එය හොඳින් සකස් කර තිබෙන ආකාරය පැහැදිලි කරන්න. වර්ෂ 2002 ජනවාරි අතිරේකයේ සඳහන් යෝජිත ඉදිරිපත් කිරීම් නැවත සලකා බැලීමේ තිබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. සාර්ථකයි කියා ඔවුන් සොයාගෙන තිබෙන්නේ කුමන යෝජනාද කියා සබයෙන් අසන්න. ආරම්භයේදී කළ නිරූපණය නැවත කිරීමෙන් අවසන් කරන්න.

ගීතිකා අංක 93 සහ අවසාන යාච්ඤාව.

ජූනි 3න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 178

විනා. 15: සභා නිවේදන. මාර්තු, අප්‍රියෙල් හෝ මැයි මාසවලදී උපකාරික හෝ ස්ථාවර පුරෝගාමී සේවය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමන් අද්දැක්ක ආශීර්වාද ගැන ප්‍රචාරකයන්ට පැවසීම සඳහා කටයුතු පිළියෙළ කරන්න.

විනා. 15: දේවසේවයේදී බයිබලය පාවිච්චි කරන්න. සේවා අවේක්ෂක විසින් කරනු ලබන දිරිගන්වනසුලු සාකච්ඡාවක්. යේසුස් ශුද්ධ ලියවිලි හොඳින් දැන සිටියා. ඔහු අනිත් අයට උගන්වද්දී නිතර නිතර ඒවා යොදාගත්තා. (ලූක් 24:27, 44-47) ඔහු ඉගැන්වූ දේවල් ඔහුගේම අදහස් නොවේ කියා කියන්න ඔහුට ඇත්තෙන්ම හැකි වුණා. (යොහන් 7:16-18) දෙවිගේ වචනය මත එසේ රඳා සිටීම අපි දේවසේවයේ හවුල් වෙන විටත් දකින්න තිබිය යුතු ලක්ෂණයක්. මේ සඳහා අපව හොඳින් සූදානම් කරවීමේ අරමුණින් අපගේ රාජ්‍ය සේවාවේ, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අලුත් කලාප සඳහා ආදර්ශ ඉදිරිපත් කිරීම් දක්වා තිබෙනවා. දේවසේවය සඳහා සූදානම් වෙද්දී, සවන් දෙන මිනිසුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ශුද්ධ ලියවිලි පාඨයක් හෝ කිහිපයක් සැමවිටම තෝරාගන්න. යේසුස් කළා වගේ ජනයාට කල්පනා කර බැලීම සඳහා හොඳ ප්‍රශ්නයක් අසා, ඉන් අනතුරුව කෙළින්ම ශුද්ධ ලියවිලිවලට අවධානය යොමු කරන්න. (මතෙ. 22:41-46) අමතර මාතෘකා කිහිපයක් පහත සඳහන් වෙනවා. ඔයාටත් මටත් නමක් තියෙනවා. දෙවිටත් නමක් තියෙනවාද? අපිට පුළුවන් ගීතාවලිය 83:17 කියවලා උත්තරය හොයාගන්න. මුළු මනුෂ්‍යවර්ගයාවම පාලනය කරන එක ආණ්ඩුවක් කවදා හරි එයිද? බලන්න, දානියෙල් 2:44, 45අ ඒ ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද කියලා. අපේ කාලයේ සමාජයේ තියෙන තත්වයන් ගැන බයිබලයේ කතා කරනවාද? 2 තිමෝති 3:1-5 දක්වා සඳහන් කරලා තියෙන දේවලුයි අද සමාජයේ ඔයා දකින දේවලුයි සසඳලා බලන්න. දුක් වේදනා හා මරණය කවදා හරි නැති වෙයිද? මේ ප්‍රශ්නයට බයිබලයේ දෙන උත්තරය එළිදරව් 21:4, 5 කියවලා හොයාගන්න පුළුවන්. හදවතට කතා කිරීම සඳහා ඵලදායක ඉගැන්වීමේ ක්‍රම යොදාගන්න. ශුද්ධ ලියවිල්ලෙන් කියවද්දී කියවන කොටසට ගැළපෙන විදිහට උණුසුම් හැඟීමෙන් යුතුව කියවන්න. ඔබ ඉදිරිපත් කරන මූලික කරුණු කැපීපෙනෙන්න සලස්වන වචන හා ප්‍රකාශ අවධාරණය කරන්න. අදාළ කිරීම ඔබට සවන්දෙන්නාට පැහැදිලි වෙන විදිහට කරන්න. ප්‍රායෝගිකයි කියා සිතන සෑම අවස්ථාවකදීම ඔබට සවන්දෙන්නා ළඟ තිබෙන බයිබලයෙන් පද පෙන්වන්න. දේවවචනය පාවිච්චි කිරීමෙන් දේවසේවය වඩාත් බලපෑමෙන් යුක්තව කරන්න පුළුවන්.

විනා. 15: “යහපත් ක්‍රියාවලට අපව පොලඹවන්නේ අපේ ඇදහිල්ලයි.”b දෙවන ඡේදය සාකච්ඡා කරද්දී ජ්වලිතවත් සාක්ෂිකරුවෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. අනිත් අයට සාක්ෂි දැරීම මගින් ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ල පෙන්වන්නේ හා ශක්තිමත් වෙන්නේ කොහොමද කියා පැවසීමට ප්‍රචාරකයාට ආරාධනා කරන්න.

ගීතිකා අංක 56 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න