ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 14න් පටන්ගන්නා සතිය
  • ගීතිකා අංක 103
  • ඔක්තෝබර් 21න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 4න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 10/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ඔක්තෝබර් 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 103

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී කරනු ලබන සාකච්ඡාවට සූදානම් වීමක් වශයෙන් ගණන් කථාව 25වන පරිච්ඡේදය කියවීමටත්, ඉන්පසු අපේ කාලය සඳහා අනතුරු අඟවන ආදර්ශ නමැති වීඩියෝ පටය නැරඹීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ඔක්තෝබර් 1 මුරටැඹ සහ ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ඔක්තෝබර් 8 පිබිදෙව්! සඳහා පළමු යෝජනාව යොදාගන්න. “ඔබ කරන සේවය ගැන මම නං හොඳට දන්නවා” කියා කියමින් සාකච්ඡා කිරීමට අකමැත්ත පළ කළ හැකි අවස්ථාවලදී, දිගටම සාකච්ඡාව පවත්වාගෙන යා හැකි එකිනෙකට වෙනස් ආකාර දෙකක් ඒ එක් එක් නිරූපණයෙන් පෙන්වන්න. (යෝජනා: ‘මට සන්තෝෂයි ඒ වගේ දෙයක් අහන්න ලැබීම ගැන. සාක්ෂිකාරයෙක් වෙන කිට්ටු නෑදෑයෙක් හෝ මිතුරෙක් ඔබට ඉන්නවාද? . . . මම ආසයි මේ කාරණය ගැන ඔබගේ අදහස් දැනගන්න. අපි බයිබලයෙන් මිනිසුන්ට උගන්වනවා, අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” කියලා. ඒ වගේම ළඟදීම දෙවි දුෂ්ට අයව විනාශ කර දමලා මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ පාරාදීසයේ හැම කෙනෙක්ම සම්පූර්ණ නිරෝගී සෞඛ්‍යයකින් සදහටම ජීවත් වෙනවා. අසල්වැසියන් එකිනෙකාට ප්‍රේම කරනවා. ඔබ මෙය විශ්වාස කරනවාද?’)

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “සභා පොත් පාඩම් අවේක්ෂක පෞද්ගලික සැලකිල්ල පෙන්වන අයුරු.” පොත් පාඩම් අවේක්ෂකයෙකු විසින් ප්‍රශ්නෝත්තර ක්‍රමයට හසුරුවනු ලබන සාකච්ඡාවක්. හැඳින්වීමේදී පොත් පාඩම් සැලැස්ම මුලින්ම ආරම්භ වූ ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. (වර්ෂ 1895 මෙම පාඩම් කණ්ඩායම් හඳුන්වනු ලැබුවේ බයිබල් අධ්‍යයන සඳහා වූ උදාවේ හමුව [Dawn Circles for Bible Study] ලෙසයි. ශුද්ධ ලියවිලිවල විවිධ පරිවර්තනද ඇතැම් බයිබල්වල තිබෙන තීරුවල සඳහන් යොමුදැක්වීම්ද බයිබල් වචන ඇතුළත් තේමා පටුනක් හෝ සූචියක්ද යොදාගැනීමට සහෝදර රසල් මෙම පාඩම්වලට හවුල්වන අයට නිර්දේශ කළේය. බොහෝ අවස්ථාවලදී මෙම කණ්ඩායම්වලට හවුල්වන සංඛ්‍යාව සාධාරණ මට්ටමක තබාගන්නා ලදි. මෙම පාඩම පෞද්ගලික නිවසක පවත්වනු ලැබුවේ කණ්ඩායමේ අයට පහසු සැන්දෑවකයි.) සභා පොත් පාඩම් විධිවිධානය මගින් තමන්ට පෙන්වා තිබෙන පෞද්ගලික සැලකිල්ලෙන් තමන් ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැන අදහස් දැක්වීමට ප්‍රචාරකයන් දෙතුන්දෙනෙකුව කල් ඇතුව සූදානම් කරවන්න.

ගීතිකා අංක 65 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 206

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 35: “‘ජ්වලිතවත් රාජ්‍ය ප්‍රකාශකයෝ’ දිස්ත්‍රික් සමුළුවෙන් පූර්ණ ප්‍රයෝජන ගනිමු.” මෙම කොටස මෙහෙයවිය යුත්තේ මුරටැඹ පාඩම පවත්වන්නා විසිනි. මිනිත්තුවක හැඳින්වීමකින් පසු ලිපියේ සඳහන් ප්‍රශ්න යොදාගනිමින් දිස්ත්‍රික් සමුළු වැඩසටහන ගැන සබය සමඟ සාකච්ඡා කරන්න. ඔබේ කාලය පරෙස්සමින් කොටස්වලට වෙන් කරගන්න. වැදගත් කරුණු සබයේ මතකයට නැඟීම සඳහා කෙටි අදහස් දැක්වීම් මීට ඇතුළත් කළ හැකියි. තමන් ඉගෙනගත් දේවල් අදාළ කරගනිමින් සිටින ආකාරය ගැනත්, එසේ කිරීමෙන් තමන් ලබමින් සිටින ප්‍රයෝජන ගැනත් යෝග්‍ය අවස්ථාවලදී සබයෙන් අසන්න.

ගීතිකා අංක 194 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 110

විනා. 8:සභා නිවේදන. ඊළඟ සතියේ සේවා රැස්වීමේදී කෙරෙන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට පසුගිය විශේෂ එක්දින එක්රැස්වීම් දින වැඩසටහනේදී තමන් ගත් කෙටි සටහන් බලාගෙන ඒමට සියලුදෙනාවම දිරිමත් කරවන්න. ඔක්තෝබර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය සහෝදරියක ලවා නිරූපණය කරවන්න. දෙවන යෝජනාව යොදාගනිමින් ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාව සහෝදරයෙකු ලවා නිරූපණය කරවන්න. මේ එක් එක් නිරූපණයෙන් පසු එම ඉදිරිපත් කිරීම්වල ඵලදායක පැති කෙටියෙන් සඳහන් කරන්න.

විනා. 12: සභා නිවේදන. දිස්ත්‍රික් සමුළුවට යද්දී හා ආපසු නිවසට එන අතරේදී හෝ සමුළුවේදී තමන් ලැබූ අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න. එමෙන්ම රැකියා ස්ථානයේදී, පාසැලේදී, සාප්පු යද්දී හෝ වෙනත් අවස්ථාවලදී සාක්ෂි දැරීමෙන් ලැබූ අද්දැකීම්ද පැවසීමට ආරාධනා කරන්න.

විනා. 25: “අපේ කාලය සඳහා අනතුරු අඟවන ආදර්ශ—ඊට අවනත වන්නට උණුසුම් ආයාචනයක්.” හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කරගන්න. අනතුරුව ලිපියේ තිබෙන ප්‍රශ්න යොදාගනිමින් සබය සමඟ එය සාකච්ඡා කරන්න. දෙසැම්බර් මාසයේදී අප නරඹන්නේ රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි නමැති වීඩියෝ පටයයි.

ගීතිකා අංක 41 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 66

විනා. 10: සභා නිවේදන. ඕනෑ කරන්නේ විවරණිකාව සහ දැනුම පොත ඉදිරිපත් කිරීම සඳහා 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ යෝජනා කිහිපයක් කෙටියෙන් නැවත සලකා බලන්න. ඒවායින් එකක් නිරූපණය කරන්න.

විනා. 13: ශුභාරංචිය ගැන ලැජ්ජා නොවන්න. (රෝම 1:16) ගැටලුවක් ඇති තරුණයෙක් පියා වෙත පැමිණෙයි. පාසැලේ සිටින තුල්‍යයන්ගේ සමච්චල් කිරීමට ලක් වෙයි යන බිය නිසා තමා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බව අනිත් අය දැනගන්නවාට මේ දරුවා අකමැතියි. කාරණය අවංකව පැවසීම ගැන පියා දරුවාට ස්තුති කරයි. එක් අවස්ථාවකදී පේතෘස් තුල්‍ය පීඩනය ඉදිරියෙහි කටයුතු කළ ආකාරය ඔහු විස්තර කරයි. (මතෙ. 26:69-74) පියා දරුවාට පහත සඳහන් උපදේශය සපයයි. ක්‍රිස්තියානීන් වශයෙන් අප කවුරුන්ද යන්න ගැන අපි කවදාවත් ලැජ්ජාවට පත් නොවිය යුතුයි. (මාක් 8:38) තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බව පාසැලේ සිටින සෙසු අයට දැනගන්න සැලැස්වීම ප්‍රයෝජනදායකයි. මෙසේ දැන්වීමෙන් පසු ගුරුවරුන් බොහෝදෙනෙක් ඔබේ විශ්වාසයන්ට ගරු කරන්න පුළුවන්. එමෙන්ම ඔබට හවුල් විය නොහැකි දේවල ඔබව හවුල් කරවාගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ප්‍රතිපත්තිවලට ගරු නොකරන සිසුන් ඔබව වැරදි දේවලට පොලඹවාගැනීමට තැත් නොකරයි. ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්නේ නැත්තේ ඇයි, පාසැල් විෂයන්ට බාහිරව කෙරෙන ක්‍රීඩාවල හෝ පාසැලෙන් පසු තිබෙන නොයෙක් ක්‍රියාකාරම්වලට ඔබ හවුල් වෙන්නේ නැත්තේ ඇයි කියා පන්තියේ සෙසු සිසුන් ඔබට සමච්චල් නොකර ඒ වෙනුවට ඔබව තේරුම්ගනී. කාලය තිබේ නම් පියා සහ දරුවා එක්ව යෞවනයෝ අසති පොතේ 315-318 දක්වා පිටුවල තිබෙන “දෙවි සමඟ ඔබේ මිත්‍රත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම” නමැති උප මාතෘකාව යටතේ තිබෙන කරුණු සාකච්ඡා කරයි. තමන්ට ලැබුණු කදිම උපදේශයට දරුවා ස්තුති කරයි.

විනා. 22: දෙවිට යටත් වී යක්ෂයාට විරුද්ධව සිටින්න. (යාකො. 4:7) වැඩිමහල්ලෙක් මෙහි සඳහන් ප්‍රශ්න යොදාගනිමින් පසුගිය සේවා වසරේදී පවත්වන ලද විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේදී ඉගෙනගත් දේවල් සබයද හවුල් කරවාගනිමින් ප්‍රාණවත් ආකාරයට සාකච්ඡා කරයි. තමන් ඉගෙනගත් දේවල් අදාළ කරගැනීමට තමන්ට හැකි වී තිබෙන ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. (කොටස් කලින් පැවරිය හැකියි.) වැඩසටහනේ පහත සඳහන් කොටස් කැපීපෙනෙන්න සලස්වන්න. (1) “වහල් වූ ලොවක දෙවිට යටත් වීම.” ලෝකයේ මලපත්වලට හසු නොවී සිටීම සඳහා අප සුපරීක්ෂාකාරීව සිටිය යුත්තේ මන්ද? (2) “පවුලේ සාමාජිකයන් වශයෙන් දේවභක්තික යටත්කම විදහාපෙන්වීම.” පවුල් බැඳීම් තව තවත් ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවක් යෙහෝවාගේ සංවිධානය තුළ තිබෙන්නේ මන්ද? අපට පවුලේ බැඳීම් ශක්තිමත් කළ හැක්කේ කෙසේද? (3) “යෙහෝවාගේ පැත්තෙහි ස්ථිරව සිටීමට නවක ගෝලයන්ට උපකාර කරන්න.” නවකයන්ගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් කෙරෙන බාධා ජයගැනීමට ඔවුන්ට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද? (4) “යක්ෂයාට විරුද්ධව සිටීම යන්නෙන් අදහස් කරන දේ.” යක්ෂයාට විරුද්ධව සිටීමෙහි සාර්ථක වීමට මූලිකව අවශ්‍ය කරන්නේ කුමක්ද? එපීස 6:11-18 විස්තර කර තිබෙන ආත්මික යුද්ධායුධ කට්ටලය අපට ආරක්ෂාවක් විය හැක්කේ කෙසේද? (w92 10/1 21-3) (5) “නපුරාට එරෙහි වීමේදී සාර්ථක වන යෞවනයෝ” සහ “දෙවිට යටත් වීමෙන් ප්‍රයෝජන ලබන යෞවනයෝ.” යෞවනයන් ආරක්ෂා විය යුතු සාතන්ගේ උපක්‍රමවලින් සමහරක් මොනවාද? යෙහෝවාට යටත් වීමෙන් යෞවනයන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද? (w90 8/1 පිටු 13-14, ඡේ. 15-17; සිංහලෙන් නැහැ.) (6) “දෙවිට යටත් වීමෙන් ප්‍රයෝජන ලැබීම.” ක්‍රිස්තියානීන් ආණ්ඩු බලධාරීන්ට, සේවා ස්ථානවල ස්වාමිවරුන්ට හා පවුල් කවයේ මෙන්ම ක්‍රිස්තියානි සභාව තුළ යටත්කම පෙන්වන ආකාරය පැහැදිලි කරන්න. මෙය කිරීමට අපට උපකාරවත් වන ගුණාංග මොනවාද?

ගීතිකා අංක 185 සහ අවසාන යාච්ඤාව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න