ප්‍රාණවත්බවක් ගෙන දෙන කාර්යයක්
1 බයිබලයේ සඳහන් පණිවිඩය පිළිගෙන, ඊට එකඟව ජීවත් වන සෑම කෙනෙක්ම ප්‍රාණවත්බවක් අද්දකියි. (ගීතා. 19:7, 8) බොරු ඉගැන්වීම්වලින් හා හානිකර පුරුදුවලින් නිදහස් වීමට එම පණිවිඩය උපකාරවත් වන අතර අනාගතය සඳහාද ස්ථිර බලාපොරොත්තුවක් එමගින් සපයයි. කෙසේවෙතත්, මින් ප්‍රයෝජන ලබන්නේ ශුභාරංචිය ලබන අය පමණක් නොවේ. බයිබලයේ සඳහන් ප්‍රාණවත්බවක් ගෙන දෙන සත්‍යය අන් අය සමඟ බෙදාගන්න අයද ප්‍රාණවත්බවක් අද්දකිති.—හිතෝ. 11:25.
2 දේවසේවයෙන් ශක්තියක් ලැබ: තමන්ගේ ගෝලයෙකු වීමේ වියගහ දැරීමට ඉදිරිපත් වන ‘අයගේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා’ කියා යේසුස් පැවසුවේය. දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය එම වියගහට ඇතුළත් වේ. (මතෙ. 11:29, NW) අන් අයට සාක්ෂි දැරීමෙන් යේසුස්ද ශක්තියක් ලැබුවේය. එය ඔහුට ආහාරයක් මෙන් විය. (යොහ. 4:34) ඔහු ගෝලයන් 70දෙනාව දේශනා කිරීම සඳහා පිටත් කර හැරිය අවස්ථාවේදී, ඔවුහු තමන් දැරූ වෑයම්වලට යෙහෝවාගේ උපකාරය ලැබුණු බව තේරුම්ගත් විට ඉමහත් ප්‍රීතියක් ලැබූහ.—ලූක් 10:17.
3 ඒ හා සමානව අද සිටින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්ද දේශනා කිරීමේ හවුල් වීමෙන් ශක්තියක් ලබති. එක් සහෝදරියක් මෙසේ පැවසුවාය. “මගේ ජීවිතයට නියම මඟ පෙන්වීමක් දේවසේවයෙන් ලැබෙන නිසා මට ඒකෙන් ප්‍රාණවත් ගතියක් දැනෙනවා. ඒ වගේම අරමුණක්ද ගෙන දෙනවා. මම දේවසේවයේ හවුල් වෙද්දී, මගේ පෞද්ගලික ගැටලු ප්‍රශ්න හා එදිනෙදා ඇති වන මානසික පීඩන පැත්තකට තල්ලු වෙලා යනවා.” දේවසේවයේ ජ්වලිතව හවුල් වන තවත් සහෝදරියක් පැවසුවේ මෙසේය. “හැමදාම යෙහෝවාව සැබෑ පුද්ගලයෙකු හැටියට සලකන්න දේවසේවය . . . නිසා මට හැකි වෙලා තියෙනවා. වෙන කිසිම දෙයකින් ලබාගන්න බැරි සාමයක් හා ඇතුළාන්තයේ ප්‍රීතියක්ද දේවසේවයෙන් ලැබෙනවා.” ‘දෙවිගේ හවුල් වැඩකරුවන්’ වීම මොනතරම් වරප්‍රසාදයක්ද!—1 කොරි. 3:9.
4 ක්‍රිස්තුස්ගේ වියගහ පහසුය: ‘දැඩි උත්සාහයක් දරන්න’ කියා ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබුණද, අපට කළ හැකි දෙයට වඩා වැඩියෙන් දේවල් කරන්න කියා යේසුස් අපෙන් ඉල්ලන්නේ නැත. (ලූක් 13:24, NW) ඇත්තෙන්ම ඔහු ප්‍රේමණීය ලෙස අපට ඇරයුම් කරන්නේ ‘ඔහුත් සමඟ එක්ව ඔහුගේ වියගහ පිටට ගන්න’ කියායි. (මතෙ. 11:29, NW පාදසටහන) දුෂ්කර තත්වයන් සමඟ සටනක් කිරීමට සිදු වී තිබෙන අයට කළ හැකි දෙය සීමිත වුණත් තමන් කරන ආත්ම පූර්ණ සේවය ගැන දෙවි හුඟාක් සතුටු වන බවට නිසැක වීමට ඔවුන්ට හැකියි.—මාක් 14:6-8; කොලො. 3:23.
5 ඔහුගේ නාමය වෙනුවෙන් අප කරන දෙය කුමක් වුණත් එය ඉතා අගය කොට සලකන දෙවි කෙනෙකුට සේවය කරන්න ලැබීම මොනතරම් ප්‍රාණවත්භාවයක් ගෙන දෙන දෙයක්ද! (හෙබ්‍රෙ. 6:10) අපට කළ හැකි උපරිමය ඔහු වෙනුවෙන් සැම විටම කිරීමට දැඩි වෑයමක් දරමු.