2004 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල
1 යෙහෝවා විශ්වනීය වැදගත්කමකින් යුත් කාර්යයන් ඉටු කිරීමට සාමාන්‍ය ජන පිරිසක්ව සූදානම් කරවයි. දිව්‍යාණ්ඩු සේවා පාසැල තුළින් සතිපතා ලැබෙන පුහුණුව ඉන් එක් ක්රමයකි. ඔබට හැකි උපරිමයෙන් ඔබ ඊට සහභාගි වෙමින් සිටිනවාද? මෙම පාසැලෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ සිට යම් සකස් වීම් කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත.
2 අමතර උපදේශක මාරු කිරීම: උපදෙස් කතා සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් අමතර උපදේශකගෙන් ලැබී ඇති යෝජනාවලින් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ඇත. සුදුසුකම් ලත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සිටින සභාවක අමතර උපදේශකගේ වගකීම වසරින් වසර මාරු කළ හැකිය. මේ අන්දමින් ක්‍රියා කරන විට වගකීම සම සේ බෙදාගත හැකි වේ. කෙසේවෙතත්, ඊටත් වඩා වැදගත් වන්නේ දක්ෂ කථිකයන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකුගේ අද්දැකීම් සම්භාරයෙන් වැඩිමහල්ලන්ට සහ සුදුසුකම් ලත් සභා සේවකයන්ට ප්‍රයෝජන ලැබීමට හැකිවීමයි.
3 වාචික පුනරීක්ෂණය සඳහා සැලසුම් යෙදීම: වාචික පුනරීක්ෂණය පැවැත්වෙන සතියේදී ඔබේ සභාවට චාරිකා එක්රැස්වීමක් තිබේ නම්, එම පුනරීක්ෂණය (සහ සතියට නියමිත වැඩසටහනේ ඉතිරි කොටස්) එක සතියක් කල් දැමිය යුතු අතර, ඊළඟ සතියට නියමිත වැඩසටහන සතියකට කලින් ඉදිරිපත් කළ යුතුය. කෙසේවෙතත්, චාරිකා අවේක්ෂක සභාව බැහැදකින සතියේ වාචික පුනරීක්ෂණයක් තිබේ නම්, එම සතියේ හා ඊළඟ සතියේ වැඩසටහන සම්පූර්ණයෙන්ම හුවමාරු කිරීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, සතියට නියමිත ගීතිකාව, කථික ගුණාංගය සහ බයිබල් විශේෂාංග වෙනස් නොකොට ඉදිරිපත් කළ යුතුය. (කථික ගුණාංගයෙන් පසු ඉදිරිපත් කරන) උපදෙස් කතාව පදනම් විය යුත්තේ ඊළඟ සතියට නියමිත වැඩසටහනෙන්ය. බයිබල් විශේෂාංගවලින් අනතුරුව පැය භාගයක් දිව යන සේවා රැස්වීමක් පැවැත්වේ. එය සකස් කළ යුත්තේ විනාඩි 10කින් යුත් කොටස් තුනක් ලෙස හෝ විනාඩි 15කින් යුත් කොටස් දෙකක් ලෙසය. (ආරම්භක නිවේදන ඉදිරිපත් නොකළ යුතුය.) සේවා රැස්වීමෙන් අනතුරුව ගීතිකාවක් ගායනා කරනු ලබන අතර, ඉන් අනතුරුව චාරිකා අවේක්ෂක විසින් පැය භාගයකට කොටසක් ඉදිරිපත් කෙරේ. ඊළඟ සතියට නියමිත දිව්‍යාණ්ඩු පාසැලේ ඉදිරිපත් කරන කථික ගුණාංගය සහ බයිබල් විශේෂාංග වැඩසටහනේ සඳහන් පරිදි පැවැත්වෙන අතර, අනතුරුව වාචික පුනරීක්ෂණය සිදු කෙරේ.
4 ආත්මික වශයෙන් වර්ධනය වීම සඳහා ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගන්න. දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන රැසක් නෙළාගත හැකි වේ. එසේ ප්‍රයෝජන ලබාගනිද්දී, ඔබ ඔබේ සභාවට දිරිගැන්වීමක් වන අතර, බයිබල් අනාවැකි ඉටු කිරීමටද දායක වනවා ඇත. එමෙන්ම අප දේශනා කළ යුතු සුවිශේෂ පණිවිඩයේ කර්තෘටද ඔබ ප්‍රශංසාවක් ගෙන දෙනවා ඇත.—යෙසා. 32:3, 4; එළි. 9:19.