ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අප්‍රියෙල් 11න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 18න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතිය
  • මැයි 2න් පටන්ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 4/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

අප්‍රියෙල් 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 4

විනා. 15: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අප්‍රියෙල් 23වන සෙනසුරාදා සඟරා සේවයේ නියැලෙන්න කියා සියල්ලන්ව දිරිගන්වන්න. මෙය සේවය සඳහා විශේෂ සැලසුම් යොදා තිබෙන දිනයකි. එම දවසේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් ගැන නිවේදනය කරන්න. “දුකේදී සරණ හා ශක්තිය” නමැති ලිපිය සබය සමඟ සාකච්ඡා කරන්න.

විනා. 15: “නොකඩවා දේශනා කරන්න.”a කාලය ඉඩ දෙන පරිදි උපුටා දක්වා නැති බයිබල් පද ගැන අදහස් දක්වන්න සබයට ආරාධනා කරන්න.

විනා. 15: “යහපත්කම් කරමින් අන් අය සමඟ බෙදාගන්න.”b අන් අයට උපකාර කළ හැකි ප්‍රායෝගික ක්‍රම ගැන සඳහන් කරමින් මේ රටේ උද්ගත වී ඇති තත්වයට අදාළ වන සේ තොරතුරු සාකච්ඡා කරන්න.

ගීතිකා අංක 47 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 76

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාව සහ පළමු යෝජනාව යොදාගනිමින් අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක නිරූපණයකදී ප්‍රචාරකයා වීදි සේවයේ නියැලෙන අයුරු පෙන්වන්න. මේ සෙනසුරාදා තියෙන විශේෂ සඟරා දිනයේ සැලසුම් ගැන සියල්ලන්ට මතක් කරන්න. හොඳ සහයෝගයක් දීමට දිරිගන්වන්න. සභාවේ තිබෙන සඟරා ගැනද සඳහන් කරන්න.

විනා. 20: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—8වන කොටස”cප්‍රචාරකයෙක් නවක බයිබල් ශිෂ්‍යයෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව කෙටි නිරූපණයක් කරන්න. ප්‍රචාරකයා 20වන පිටුවේ ඇති පින්තූරය යොදාගෙන ප්‍රසිද්ධ රැස්වීම ගැන කෙටි විස්තරයක් කරයි. ඊළඟ ප්‍රසිද්ධ කතාවේ තේමාව ගැන ඔහු සඳහන් කරන අතර එයට සහභාගි වන ලෙස ශිෂ්‍යයාට ඇරයුම් කරයි.

විනා. 15: ඉලෙක්ට්‍රොනික යුගයේ සිහිකල්පනාවෙන් කටයුතු කිරීම. (තීත. 2:11, 12) වර්ෂ 2002 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ ඡේද 1-7 සහ 1999 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ 24-6 සහ 6වන පිටුවේ 35-6 දක්වා පදනම් කතාවක්. කාලය ඉතිරිව ඇත්නම් 1999 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ තියෙන වෙනත් කරුණුද ඇතුළත් කළ හැක.

ගීතිකා අංක 169 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 111

විනා. 15: සභා නිවේදන. ලැබුණ සම්මාදම් ගැන සඳහන් කරමින් ගිණුම් වාර්තාව කියවන්න. අප්‍රියෙල් සේවා වාර්තාව දමන්න කියා ප්‍රචාරකයන්ට සිහිගන්වන්න. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාව සහ දෙවන යෝජනාව යොදාගනිමින් අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක ඉදිරිපත් කිරීමකදී “මං කැමති නෑ” කියා සංවාදයට බාධා කරන කෙනෙකුට පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න. බලප්‍රදේශයේ සිටින ජනයාගේ සිත්වලට වැඩියෙන් කාවැදිය හැකි ලිපි ගැන සඳහන් කරන්න.

විනා. 30: “වසර 2005 ‘දෙවිට කීකරු සේවකයෝ’ නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව.”d සභා ලේකම් විසින් මෙහෙය විය යුතුයි. තුන්වන ඡේදය සාකච්ඡා කරන විට 4වන පිටුවේ තියෙන කොටුවට අවධානය යොමු කර ඔබේ සභාවට නියමිත සමුළු දිනයන් ගැන සඳහන් කරන්න. සමුළුව සඳහා තමන්ගේ සැලසුම් හැකි විගස කිරීමට දිරිගන්වන්න.

ගීතිකා අංක 8 සහ අවසාන යාච්ඤාව.

මැයි 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 148

විනා. 10: සභා නිවේදන. “සෝදිසියෙන් සිටින්න! විවරණිකාව අධ්‍යයනය කිරීම” යන 6වන පිටුවේ ඇති කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. මේ විවරණිකාව පාඩම් කිරීම සඳහා වැඩසටහන මෙම කොටසේ පළ වී ඇති බව සඳහන් කරන්න. මැයි 23න් පටන්ගන්නා සතියෙන් ආරම්භ වන මෙයට හොඳින් සූදානම් වී සහභාගි වන ලෙස සියල්ලන්ට දිරිගන්වන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “සියලු ආකාර මිනිසුන් ගලවනු ලබයි”e මෙහි සඳහන් කරුණු සභා බලප්‍රදේශයට ප්‍රායෝගිකව අදාළ වන ආකාරය පෙන්වන්න.

ගීතිකා අංක 112 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න