ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/05 1 පි.
  • නොකඩවා දේශනා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොකඩවා දේශනා කරන්න
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත් නෑර දේශනා කරන්න!
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “යෙහෝවා දෙවිගේ නමට ප්‍රශංසා කරන්න”
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය” කරමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2005 අපගේ රාජ්‍ය සේවාව
km 4/05 1 පි.

නොකඩවා දේශනා කරන්න

1 අද අප සිටින්නේ අන්තරා සහිත කාලයකයි. සිවිල් යුද්ධ, වාර්ගික ගැටුම්, ස්වාභාවික විපත් හා වෙනත් භයානක දේවල් දසත පැතිර තිබෙන නිසා අද වෙන කවරදාකටත් වඩා මිනිසුන්ට ඇසීමට උවමනා වන්නේ හොඳ ආරංචියි. එහෙත් බොහෝදෙනෙක් ආගමික කාරණා ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. සමහර ප්‍රදේශවල මිනිසුන්ව ඔවුන්ගේ නිවෙස්වලදී හමුවීමට නොහැකියි. අපට සවන් දෙන අයව හෝ බයිබලය පාඩම් කිරීමට කැමැත්තක් දක්වන අයව සොයාගැනීම ඊටත් වඩා අමාරුයි. කොහොමවුණත්, දෙවි පිහිටුවා තිබෙන රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නොකඩවා දේශනා කිරීම අත්‍යවශ්‍යයි.—මතෙ. 24:14.

2 ජනයා සඳහා ප්‍රේමය: ජනයාට යෙහෝවා ප්‍රේම කරන බව අපේ දේශනා සේවයෙන් පිළිබිඹු වෙනවා. ‘සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ.’ (2 පේතෘ. 3:9; එස. 33:11) එම නිසා ඔහු යේසුස් මගින් අණ කළේ “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය” කියායි. (මාක් 13:10) සාතන්ගේ ලෝකයට ගෙනෙනු ලබන විනිශ්චයෙන් ගැලවීම ලබාගැනීම සඳහා තමා වෙතට හැරෙන්න කියා දෙවි මිනිසුන්ට ආයාචනා කරනවා. (යෝවෙ. 2:28, 29, 32; ශෙප. 2:2, 3) එම කාර්යය සඳහා අපව තෝරාගෙන තිබීම ගැන අපි යෙහෝවාට ස්තුතිපූර්වක නොවන්නෙමුද?—1 තිමෝ. 1:12, 13.

3 ලෝක ව්‍යාප්ත වාර්තාවෙන් පෙන්වන්නේ 2004 සේවා වසරේ සෑම මසකම බයිබල් පාඩම් 60,85,387ක පමණ සාමාන්‍යයක් පවත්වා ඇති අතර සෑම සතියකම නවක ගෝලයන් 5,000ක් පමණ බව්තීස්ම වී තිබෙන බවයි. අලුතෙන් කැප වූ මේ අයගෙන් සමහරෙකුව සම්බ වුණේ ප්‍රචාරකයන් තම බලප්‍රදේශයේ සිටින සෑම කෙනෙක් සමඟ නොකඩවා කතා කරන්න දැරූ වෑයමට යෙහෝවා ආශීර්වාද කළ නිසයි. මෙය සභාවලට කොතරම් ප්‍රීතියක්ද! එමෙන්ම ජීවිත ගලවන මෙම වැඩයෙහි දෙවිගේ හවුල් සේවකයන් වීමට ලැබී තිබෙන වරප්‍රසාදය මොන තරම් අගනේද!—1 කොරි. 3:5, 6, 9.

4 දෙවිගේ නාමයට ප්‍රශංසාව: අප නොකඩවා දේශනා කරන්නේ, ප්‍රසිද්ධියේ යෙහෝවාට ප්‍රශංසා කිරීමට හා සියලු මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ ඔහුගේ නාමය මහිමවත් කිරීමටයි. (හෙබ්‍රෙ. 13:15) මිනිසාගේ ප්‍රශ්න ගැටලු විසඳීමට දෙවිට බලයක් නැති බවත්, මිනිසාගේ වේදනාව ඔහුට දැනෙන්නේ නැති බවත්, දෙවියන් කියා කෙනෙක් නැති බවත් විශ්වාස කිරීමට සලස්වමින් සාතන් “මුළු පොළොවම” නොමඟ යවා තිබෙනවා. (එළි. 12:9) අප දේශනා සේවයේ නියැලීමෙන් අපේ ශ්‍රේෂ්ඨ ස්වර්ගික පියාණන් පිළිබඳ සැබෑව තහවුරු කරනවා. අපි දැනුත් සදහටත් ඔහුගේ නාමයට නොකඩවා ප්‍රශංසා කරමින් සිටිමු.—ගීතා. 145:1, 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න