ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/00 1 පි.
  • අත් නෑර දේශනා කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත් නෑර දේශනා කරන්න!
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්නෑර දේශනා කළ යුත්තේ මන්ද?
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ශුභාරංචියක් ප්‍රකාශ කිරීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “දිගටම බොහෝ පල දරන්න” ඕනෙ ඇයි?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2000 අපගේ රාජ්‍ය සේවාව
km 11/00 1 පි.

අත් නෑර දේශනා කරන්න!

1 දෙවිගේ කැමැත්ත ‘සියලු ආකාරයේ මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීමයි.’ (1 තිමෝ. 2:3, 4) මේ නිසා ඔහු ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම අපට භාර දී තිබෙනවා. (මතෙ. 24:14) අපි අත් නෑර දිගටම දේශනා කළ යුතුවීමට හේතුව අපි හොඳින් තේරුම්ගත්තොත්, අධෛර්යය වීම් හෝ අපට බාධා ඇති කළ හැකි මොනම දෙයක් නිසාවත් දේශනා කිරීම අපි අත්හරින්නේ නැහැ.

2 අත් නොහැරිය යුත්තේ ඇයි? අපි මිනිසුන්ට පවසන දෙය ඔවුන්ට අමතක වීමට හෝ එය සුළු කොට තැකීමට හේතු වන දේවල් බොහොමයක් අද ලෝකයේ දක්නට තිබෙනවා. එනිසා අපි ඔවුන්ට දෙවිගේ ගැළවීමේ පණිවිඩය නිතර නිතර මතක් කළ යුතුයි. (මතෙ. 24:38, 39) ඒ වගේම මිනිසුන් මුහුණ දෙන තත්වයන් නිතරම වගේ වෙනස් වෙනවා. ලෝකයේ අද පවතින තත්වය හෙට වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන්න පුළුවන්. (1 කොරි. 7:31) එනිසා අපි දේශනා කරන මිනිස්සු අද හෝ ඊළඟ සතියේ හෝ ඊළඟ මාසයේ හෝ ජීවිතයේ අලුත් ගැටලුවලට මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ඔවුන් සැලකිලිමත් වන කාරණාද වෙනස් විය හැකියි. අපි ඔවුන් වෙත රැගෙන යන ශුභාරංචියට වැඩි අවධානයක් දෙන්න ඒ තත්වයන් හේතු විය හැකියි. අත් නෑර ඔබ වෙතට සත්‍යය ගෙන ආ සාක්ෂිකරුවාට ඔබ ස්තුතිවන්ත වෙන්නේ නැද්ද?

3 දෙවිගේ දයාව අනුකරණය කරන්න: දුෂ්ටයන්ව විනිශ්චය කරන්න කලින් යෙහෝවා ඉවසිලිවන්තව කාලයට ඉඩහැර තිබෙනවා. ඒ කාලය අතරතුර ඔහු වෙත හැරී ගැළවීම ලබාගන්න කියා ඔහු අපි තුළින් අවංක හදවත් ඇති අයගෙන් දිගටම ඉල්ලමින් සිටිනවා. (2 පේතෘ. 3:9) දෙවිගේ දයාව ප්‍රකාශ වෙන පණිවිඩය අපි මිනිසුන් වෙතට රැගෙන යමින් තමන්ගේ වැරදි මාර්ගවලින් හැරෙන්නේ නැති සියලුදෙනාවම දෙවි විනිශ්චය කරන බවට අනතුරු අඟවන්නේ නැත්නම් අපි ලේ වරදට හසු විය හැකියි. (එස. 33:1-11) අප දේශනා කරන පණිවිඩයට සැමවිටම යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත්, දෙවිගේ මහත් දයාව අගය කිරීමට අවංක අයට උපකාර කිරීම සඳහා අපි දරන වෑයම අපි කවදාවත් අත් නොහැරිය යුතුයි.—ක්‍රියා 20:26, 27; රෝම 12:11.

4 අපේ ප්‍රේමය පෙන්වන්න: මුළු පොළොව පුරා ශුභාරංචිය දේශනා කරන්න කියා යේසුස් මාර්ගයෙන් අණ කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. (මතෙ. 28:19, 20) මිනිසුන් සවන් දීම ප්‍රතික්ෂේප කළත්, අත් නෑර දිගටම හරි දෙය කිරීමෙන් දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය හා භක්තිය පෙන්වීමට අපට අවස්ථාවක් ලැබෙනවා.—1 යොහන් 5:3.

5 මේ නිසා අත් නෑර දේශනා කිරීමට අපි අදිටන් කරගනිමු! යෙහෝවාගේ “ගැළවීමේ දවස” පවතින තාක්කල් අපි ජ්වලිතව දේශනා කරමු.—2 කොරි. 6:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න