සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! පෙබ.
“අද මිනිසුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කරනවා. ඒ වුණත්, ඔබ දන්නවාද යේසුස් යාච්ඤා කරනකොට තම පියාණන් ගැන කිව්වේ මොකක්ද කියලා? [යොහන් 17:3 කියවන්න.] යේසුස් කිව්වා ඉන්නේ එකම දෙවියන් විතරයි කියලා. එහෙමනම් මිනිස්සු අදහන අනෙක් දෙවිවරු කවුද? [පිළිතුරට ඉඩහරින්න.] මේ ලිපියේ පෙන්වලා තියෙනවා ඒ ගැන බයිබලයේ තිබෙන අදහස.” 28-29 පිටුවල තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ මාර්. 1
“යේසුස් කිව්වා අපි එකිනෙකාට ප්‍රේම කළ යුතුයි කියලා. [යොහන් 13:34, 35 කියවන්න.] නමුත් යේසුස් උගන්වපු දේවල් අද මිනිස්සු අදාළ කරගන්නවාද? [පිළිතුරට ඉඩහරින්න.] අද ඉන්න අවංක ක්‍රිස්තියානීන්ව හඳුනගන්න විදිහ ගැන මේ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! මාර්.
“කෙනෙකුගේ සන්තෝෂයට ආදරය හුඟක් අවශ්‍යයි. හුඟාක් අය දන්නේ නැහැ සැබෑ ආදරය, නැත්නම් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා. ඔබ මොනවාද හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] සැබෑ ප්‍රේමයක් ලැබෙන්න නම් අපිත් පරාර්ථකාමි ලෙස අනුන්ට ප්‍රේමය පෙන්වන්න ඕනෑ. මේ කාරණා ගැන මේ සඟරාවේ සාකච්ඡා කරලා තියෙනවා.”—1 කොරින්ති 13:4-7 කියවන්න.
මුරටැඹ මාර්. 15
“අපේ පවුල්වල කවුරු හරි කෙනෙක් මිය ගොස් තියෙනවා. ඒක හරිම දුකක් නේද? හැබැයි, මේ වගේ පොරොන්දුවක් ගැන ඔබ අහලා තියෙනවාද? [ක්‍රියා 24:15 කියවන්න. පසුව යමක් කීමට ඉඩහරින්න.] එහෙත්, හුඟදෙනෙක් කල්පනා කරනවා නැවත නැඟිටුවන්නේ කාවද කියලා. ඇත්තටම මේක සිදු වෙන්නේ කවදාද? කොහේද? මේ සඟරාව කියවලා බලන්න.”