සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! පෙබ.
“මේ ලෝකයේ තිබෙන ප්රශ්නවලට එක හේතුවක් වෙන්නේ මේ දෙය කියලා ඔයා හිතනවාද? [1 යොහන් 5:19 කියවා පිළිතුරට ඉඩ හරින්න.] බයිබලයේ මේ පදයේ සඳහන් කරන ‘දුෂ්ටයා’ කවුද කියන එකත් ඔහුගේ බලපෑමට හසු නොවී සිටින්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ පැහැදිලි කරනවා.” සඟරාවේ 12වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ මාර්. 1
“හුඟක් මිනිස්සු විශ්වාස කරන්නේ හැම ආගමක්ම එකම දෙවියන් වෙතට මඟ පෙන්වනවා කියලයි. කෙනෙක් ආගම තෝරාගැනීම වැදගත් කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩ හරින්න.] මම කැමතියි ඒ ගැන දීලා තියෙන යෝජනාවක් ඔයාට පෙන්වන්න. [1 යොහන් 4:1 කියවන්න.] අපි ඉගෙනගන්න දේවල් දෙවිගේ කැමැත්තට එකඟද කියලා පරීක්ෂා කරලා බලන්න මේ සඟරාව උපකාරවත් වෙනවා. ඒ වගේම මේ ලෝකයට මෙතරම් ආගම් ගණනාවක් බිහි වුණේ කොහොමද කියලත් මේකෙ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මාර්.
“ඔයා හිතන විදිහට යෞවන අය මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්නේ? [ප්රතිචාරයට ඉඩ හරින්න.] හොඳ යාළුවන්ව ඇති කරගැනීම ඒ අභියෝගවලින් එකක් කියලා බයිබලයේ සඳහන් මේ පදයෙන් පැහැදිලි වෙනවා. [හිතෝපදේශ 13:20 කියවන්න.] දැන් දැන් අන්තර්ජාලය හරහා යාළුවන්ව ඇති කරගැනීම යෞවන අය අතරේ ජනප්රිය දෙයක් වෙලා තියෙනවා. ඒකෙ තියෙන භයානකකම සහ ඒකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ පෙන්වනවා.”
මුරටැඹ පෙබ. 15
“හුඟක් වෙලාවට මිනිසුන්ගේ කතා බහට ලක් වෙන දෙයක් තමයි යේසුස්ගේ නැවත පැමිණීම. ඔයා හිතන්නේ ඒක ආශාවෙන් බලාගෙන ඉන්න ඕන දෙයක්ද නැතිනම් භය වෙන්න ඕන දෙයක් කියලද? [ප්රතිචාරයට ඉඩ හරින්න.] බයිබලයේ ලේඛකයෙක් වූ යොහන්ට ඒ ගැන හැඟුණේ කොහොමද කියලා මම ඔයාට පෙන්වන්නම්. [එළිදරව් 22:20 කියවන්න.] යේසුස්ගේ නැවත පැමිණීම මගින් ඉටු වන දේ ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”