‘දෙවිගේ වචනය භය නැතිව කතා කරන්න’
1 පාසැලේ හෝ රැකියා ස්ථානයේ ඔබේ විශ්වාසයන් ගැන කතා කිරීමට ප්‍රස්තා ලැබෙන විට සමහර අවස්ථාවලදී එසේ කරන්න ඔබ ටිකක් පසුබට වෙනවාද? ඔබේ නෑදයන්ට, අසල්වාසීන්ට හෝ ඔබ හඳුනන්නේ නැති කෙනෙකුට සාක්ෂි දැරීම ඔබට අපහසු කාර්යයක්ද? අවස්ථාවක් ලැබුණු විට ‘දෙවිගේ වචනය භය නැතිව කතා කරන්න’ අපිට උපකාරවත් වන්නේ කුමක්ද? —ෆිලි. 1:14.
2 පසුබට වන්න එපා: ඔබේ ළඟම නැදෑයෙක් ගැන හෝ මිත්‍රයෙක් ගැන කෙනෙක් බොරු චෝදනාවක් කරනවා නම් ඔබ නිශ්ශබ්දව සිටිනවාද? අපේ හොඳම මිත්‍රයා වන යෙහෝවා දෙවිට මුළු මිනිස් ඉතිහාසය පුරාම බොරු චෝදනා කර තිබෙනවා. අපේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවාගේ නම දරමින් ඔහු ගැන සාක්ෂි දරන්න විශේෂ වරප්‍රසාදයක් අපට හිමි වී තිබෙනවා. (යෙසා. 43:10-12) අන් අයට සාක්ෂි දරන විට ඔවුන් මා ගැන කුමක් හිතයිද යන හැඟීම හෝ බිය නැති කරගෙන නිර්භීතව සාක්ෂි දැරීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ යෙහෝවා දෙවි කෙරෙහි අපිට තිබෙන මහත් ප්‍රේමයයි.—ක්‍රියා 4:26, 29, 31.
3 අප අන් අයට පවසන්නේ ශුභාරංචියක් බව මතක තබා ගන්න. එයට සවන් දී ඒ අනුව ක්‍රියා කරන අයට සදාකාල ප්‍රයෝජන ලැබෙනවා. අපිට විරුද්ධ වන අය ගැනවත් අපි ගැනවත් වුවමනාවට වඩා හිතන්නේ නැතුව දේවරාජ්‍ය පිළිබද පණිවිඩයේ තිබෙන වටිනාකම ගැන සිතනවා නම් අපිට එය භය නැතිව කතා කරන්න පුළුවන්.
4 අන් අයගෙන් ඉගෙන ගනිමු: දෙවිගේ වචනය නිර්භීතව කතා කළ ඇදහිලිවන්තයන්ගේ ආදර්ශ සලකා බැලීමෙන් අපටත් එසේ කිරීමට ශක්තිය ලැබෙනවා. උදාහරණයක් ලෙස ඒනොක් නිර්භීත ලෙස යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය ගැන එදා සිටි අභක්තික මිනිසුන්ට ප්‍රකාශ කළා. (යූද් 14, 15) දෙවිගේ පණිවිඩයට එතරම් උනන්දුවක් නොදැක්වූ සෙනඟකට නෝවා අත් නෑර දේශනා කළා. (මතෙ. 24:37-39) පළමුවෙනි සියවසේ සිටි “නූගත්, සාමාන්‍ය” ක්‍රිස්තියානීන් විරුද්ධකම් මැද දිගටම දේශනා කළා. (ක්‍රියා 4:13, 18-20) යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම නිසා මිනිසුන්ට තිබූ භය නැති කරගෙන උද්යෝගයෙන් දේශනා කළ නවීන දින සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා මුරටැඹ හා පිබිදෙව් සඟරාවල පළවෙනවා.
5 ඉපැරණි කාලවලදී විවිධ දුෂ්කරතා මැද යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි සේවකයන්ගේ අදර්ශ ගැන සලකා බැලීමෙන් අපට ශක්තිය ලබා ගත හැකියි. (1 රාජා. 19:2, 3; මාක් 14:66-71) ඔවුන් “දෙවිගෙන් නිර්භීතකම” ලැබූ නිසා භය නැතුව දේශනා කළා. අපටත් එසේ කළ හැකියි.—1 තෙස. 2:2.