නවකයන්ට උපකාර කරන්න අපි හැමෝටම පුළුවන්
1 අලුත් ගෝලයෙක් ඇති වෙන්නේ එක් කෙනෙකුගේ වෑයමේ ප්‍රතිපලයක් ලෙස නෙවෙයි. බයිබලය ඉගෙන ගන්න මේ නවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට තම සියලුම ‘හවුල් වැඩකරුවන්ව’ යොදාගන්න යෙහෝවා දෙවිට පුළුවන්. (1 කොරි. 3:6-9) අප අලුත් අයට උපකාර කරන්නේ රැස්වීම්ලවදී අප දෙන පිළිතුරුවලින් පමණක් නෙවෙයි. අපේ යහපත් හැසිරීමෙන්ද එය කළ හැකියි. දෙවිගේ බලය අප තුළ ක්‍රියා කරන බවට අපේ යහපත් හැසිරීම ඔවුන්ට ප්‍රබල සාක්ෂියක් වෙනවා. (යොහ. 13:35; ගලා. 5:22, 23; එෆී. 4:22, 23) අලුත් අයට උපකාර කරන්න අපට කළ හැකි තවත් දේවල් තිබෙනවා.
2 සභාවක් ලෙස: රැස්වීම්වලට පැමිණෙන අලුත් අය සමඟ රැස්වීමට පෙරත් පසුවත් කතා කරන්න අපිට පුළුවන්. මේ සඳහා මුල් පියවර ගත යුත්තේ අපිමයි. රැස්වීමට පැමිණි නවකයෙක් ඔහුගේ අද්දැකීම් විස්තර කළේ මෙසේයි. “මම පොඩිකාලයේ ඉඳන්ම පල්ලියට ගිය කෙනෙක්. ඒත් අවංකව ප්‍රේමය පෙන්වන අයව මට මුණගැහුණේ රැස්වීමේදීයි. ඒ වගේ අයව මීට ඉස්සර කවදාවත් මට මුණගැහිලා නැහැ. මම ඔවුන්ට එක දවසකින් ළං වුණා. මම දැන් දන්නවා මට සත්‍යය ලැබුණා කියලා.” ඔහු පළමුවෙනි රැස්වීමට සහභාගී වී මාස හතකින් බව්තීස්ම වුණා.
3 අලුත් ගෝලයෙක් සත්‍යය තුළ වර්ධනය වන විට ඔහුට ප්‍රශංසා කරන්න. යම් බයිබල් ශිෂ්‍යයෙක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටිනවාද? නිතිපතා රැස්වීම්වලට සහභාගී වෙනවාද? රැස්වීම්වලදී පිළිතුරු දීමට වෑයමක් දරනවාද? දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වෙලාද? සේවයේ හවුල් වෙනවාද? ලබා තිබෙන මෙම දියුණුව ගැන ශිෂ්‍යයාට අවංකව ප්‍රශංසා කරන්න. මෙවැනි ප්‍රශංසා කිරීම් මගින් ඔහු මහත් ප්රබෝධයක් ලබන අතර එය ඔහුට ශක්තියක්ද වෙයි.—හිතෝ. 25:11.
4 බයිබල් පාඩම පවත්වන ඔබ: සමහර ප්‍රචාරකයන් තමන්ගේ බයිබල් පාඩමට සභාවේ අනිත් ප්‍රචාරකයන්ව රැගෙන යනවා. මෙමගින් බයිබලය පාඩම් කරන තැනැත්තාට සභාවේ අන් අයව දැන හඳුනාගැනීමට අවස්ථාවක් ලැබෙනවා. හැකි විගස බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට පැමිණෙන ලෙස ආරාධනා කරන්න. ඔහු හෝ ඇය රැස්වීම්වලට පැමිණි විට අන් අයට එම තැනැත්තාව හඳුන්වා දෙන්න. ඔහු දුම්පානය වැනි යම් නරක පුරුද්දක් අත් හැරීමට පොර බඳිමින් සිටිනවාද? ඔහුගේ පවුලේ යම් කෙනෙක් ඔහු බයිබලය පාඩම් කරනවාට විරුද්ධද? සභාවේ එවැනිම දුෂ්කරතා තිබී ඒවා ජයගත් කෙනෙක් සමඟ කතා කිරීම ඔහුට හෝ ඇයට ප්‍රයෝජනවත් විය හැකියි.—1 පේතෘ. 5:9.
5 නවකයන්ට සත්‍යය තුළ වර්ධනය වීමට සභාවේ හැමෝගේම සහයෝගය අත්‍යවශ්‍යයි. අවංක සැලකිල්ලක් දැක්වීම තුළින් ඔවුන්ට වර්ධනය වීමට අත හිත දීමට සභාවේ සිටින සියලුම දෙනාට හැකියි.