දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2007 අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 මාර්තු 5 සිට අප්‍රියෙල්30 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න. ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අපේ දළ සටහන සරලව තබාගන්නේ කෙසේද? [be 168 පි. 4 ඡේ.]
2. තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ක්‍රම හතරක් නම් කරන්න. [be 170 පි. 3 ඡේ.–172 පි. 4 ඡේ.]
3. කතාවකට ඇතුළත් කරන්නේ මොනවාදැයි තීරණය වන්නේ කුමකින්ද? [be 173 පි. 1-2 ඡේ.]
4. හිටිවන කතාවක තිබෙන ප්‍රයෝජන මොනවාද? [be 175 පි. 2-4 ඡේ.]
5. සංවාදාත්මක ශෛලයක් වැදගත් වන්නේ ඇයි? අපට එය දියුණු කරගත හැක්කේ කෙසේද? [be 179 පි. 4 ඡේ., කොටුව; 180 පි., කොටුව]
පැවරුම් අංක 1
6. බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කිරීමට පැවරුම් ලබන සහෝදරයෙක් එයට සූදානම් විය යුත්තේ කෙසේද? [be 47 පි. 3-4 ඡේ.]
7. ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාවෙන් අපිට ලැබෙන ආශීර්වාදයන්ටත් වඩා එය වැදගත් වන්නේ ඇයි? [w05 11/1, 14 පි. 1 ඡේ.]
8. ප්‍රසිද්ධ කථාවක් සූදානම් වෙද්දී යොමු දක්වා ඇති ශුද්ධ ලියවිලි පද යොදාගත යුත්තේ කෙසේද? [be 53 පි. 1-2 ඡේ.]
9. ගුරුවරයෙක් හැටියට යේසුස්ගේ පරමාර්ථය වුණේ කුමක්ද? අපට ඔහුව අනුගමනය කළ හැක්කේ කෙසේද? [be 57 පි. 1 ඡේ.]
10. වෙනස්කම් ගෙනහැර දැක්වීම ප්‍රබල ඉගැන්වීමේ ක්‍රමයක් වන්නේ ඇයි? [be 57 පි. 3-4 ජේ.]
සතිපතා බයිබල් කියවීම
11. යෙරෙමියා 6:16 පවසන පරිදි, “පරණ මාවත් සොයා යහපත් මාර්ගය කොයිදැයි අසා එහි” ගමන් කිරීමට අපට හැක්කේ කෙසේද?
12. යෙහෝවා දෙවි මුරණ්ඩු යුදෙව්වන්ට පාඩමක් ඉගැන්වීමට මාන කොකාව යොදාගත්තේ ඇයි? ඉන් අපට ගත හැකි පාඩම මොකක්ද? (යෙරෙ. 8:7)
13. යෙරෙමියා 15:17හි සඳහන් දෙය අපි විනෝදාස්වාදය සලකන ආකාරයට බලපාන්නේ කෙසේද?.
14. මිනිසුන් ශ්‍රේෂ්ඨ කුම්භකාරයා වන යෙහෝවා දෙවි අතේ තිබෙන මැටි පිඩක් මෙන් වන්නේ කෙසේද? (යෙරෙ. 18:5-11)
15. යෙරෙමියා 25:17-26 දක්වා ලයිස්තුගත කර තිබෙන ජාතීන් අපේ කාලයට වැදගත් වන්නේ කෙසේද?