ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/08 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජනවාරි 14න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 21න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 28න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 4න් පටන්ගන්නා සතිය
2008 අපගේ රාජ්‍ය සේවාව
km 1/08 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජනවාරි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 41

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන දෙසැම්බර් 15 මුරටැඹ හා දෙසැම්බර් පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: ‘සේවයට යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න’a ක්ෂේත්‍ර සේවයට පැමිණෙන කණ්ඩායම මෙහෙයවීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් සපයන සහෝදරයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔහු කණ්ඩායම සේවයේ යැවීම සඳහා කල් ඇතුව සූදානම් වන්නේ කෙසේද කියාත් සේවයට යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කරන්නේ කුමක්ද කියාත් අසන්න.

විනා. 20: ‘ඔබේ කතාව සැමවිටම ලුණෙන් රසවත්ව තිබේවා!’b දෙවන ඡේදය සාකච්ඡා කරන විට යොහන් 4:7-15, 39 කියවන්න.

ගීතිකා අංක 85

ජනවාරි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 215

විනා. 10: සභා නිවේදන. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත් ගැන සඳහන් කර නිරූපණයක් ඉදිරිපත් කරන්න. පෙබරවාරි 4න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී සාකච්ඡා කරනු ලබන රුධිර ප්‍රවේශනය සඳහා තිබෙන විකල්ප ප්‍රතිකාර හා රෝගීන්ගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් ගැන තොරතුරු ඇතුළත් වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිගන්වන්න.—Transfusion-Alternative Health Care—Meeting Patient Needs and Rights.

විනා. 10: සභා අවශ්‍යතා.

විනා. 25: ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දරමු.’c (1-10 ඡේද) සේවා අවේක්ෂක මෙහෙයවයි. කාර්ය බහුලව සිටි හෝ දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසු වූ නමුත් පසුගිය අවුරුද්දේ උපකාරික පුරෝගාමි සේවය කළ ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන්ට එය කළ හැකි වූයේ කෙසේද? ඔවුන් අද්දැක්කේ මොන වගේ ප්‍රීතියක්ද? හත්වන ඡේදය සලකා බලන විට මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවලදී ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට යොදා තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න.

ගීතිකා අංක 177

ජනවාරි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 52

විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි පිබිදෙව්! සඟරා පදනම් කරගෙන සබය සමඟ සාකච්ඡාවක් කරන්න. සෑම කලාපයකම සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් පසු තම බලප්‍රදේශයේ සිටින ජනයාගේ සිත්ගන්නා ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. ඔවුන් සේවයේදී යොදාගැනීමට බලාපොරොත්තු වන්නේ කිනම් කරුණුද කියා පැවසීමට සබයට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීම සඳහා කුමන ප්‍රශ්නයක් ඇසිය හැකිද? ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? ලිපියත් බයිබල් පදයත් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? අටවන පිටුවේ ඉදිරිපත් කිරීම් යොදාගනිමින් මේ සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.

විනා. 20: ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දරමු.’d (11-17 ඡේද) සිහි කිරීමේ ආරාධනා පත්‍ර සභාවට ලැබී තිබෙනවා නම් දහහතර වන ඡේදය සලකා බලද්දී සබයේ සෑම කෙනෙකුටම එහි පිටපතක් දෙන්න. ඉන්පසු බලප්‍රදේශය පුරා මෙය බෙදාහැරීමට යොදා තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න.

විනා. 15: ‘ප්‍රචාරකයන් වීමට ශිෂ්‍යයන්ට උපකාර කරන්න.’e කාලය තිබේ නම් බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 22

පෙබරවාරි 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 161

විනා. 10: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය සලකා බලන්න.

විනා. 10: දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචයෙන් ඔබ ප්‍රයෝජන ගන්නවාද? දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2008 පොත් පිංචයේ තිබෙන පෙරවදන පදනම් කරගෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සෑම දවසකටම නියමිත බයිබල් පදය සහ විස්තරය නොවරදවාම සලකා බැලීමට කාලය ගැනීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. දිනපදය සාකච්ඡා කිරීමට තමන් කාලය වෙන් කර තිබෙන ආකාරය ගැනත් එයින් ලබා තිබෙන ප්‍රයෝජන ගැනත් සබයෙන් විමසන්න. මේ ගැන අදහස් දැක්වීමට එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කළ හැකියි. කෙටියෙන් 2008 වාර්ෂික පදයේ වැදගත්කම සලකා බලන්න.

විනා. 25: “ඔබ එය කල් දමනවාද?” වැඩිමහල්ලෙක් මෙහෙයවයි. දී තිබෙන ප්‍රශ්න යොදාගනිමින් රෝගීන්ගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් නමැති වීඩියෝ පටය ගැන කෙළින්ම සාකච්ඡා කරන්න. අවසානයේදී අන්තිම ඡේදය කියවා ලිපියේ සඳහන් කර තිබෙන මුරටැඹ හා අපගේ රාජ්‍ය සේවාවේ ලිපි නැවත හොඳින් සලකා බැලීමට සියලුදෙනාවම දිරිගන්වන්න. දැනටමත් DPA පත්‍රය පුරවා නැති අයට හැකියි 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ඇතුළත් විශේෂ අතිරේකයේ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු රුධිරයේ අතුරු කොටස් හා සැත්කම් ගැන තමන්ගේ තීරණය කුමක්ද කියා මුලින්ම ඒ ලිපියේ ලකුණු කිරීමෙන් පසු එය DPA පත්‍රයේ හැකි විගස සඳහන් කරන්න. දැනටමත් DPA පත්‍රය පුරවා තිබෙන අයට තමන් කලින් කළ තේරීම් වෙනස් කරන්න අවශ්‍යයි කියා හැඟෙනවා නම් අලුත් පත්‍රයක් පුරවන්න පුළුවන්.

ගීතිකා අංක 4

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න