සේවයට යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
1 දේවසේවය තුළ විශාල වැඩ කොටසක් කිරීමට තව ඉතිරි වී තිබෙන්නේ ඉතාම කෙටි කාලයයි. (යොහ. 4:35; 1 කොරි. 7:29) ඒ නිසා දේවසේවය සඳහා අපි යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ සඳහා අපි හොඳින් සැලසුම් කිරීමත් සූදානම් වීමත් අවශ්‍යයි.
2 සූදානම් වන්න: ඔබ ගෙවැසියන්ට සාක්ෂි දරන ආකාරය කලින්ම සූදානම් වන්න. ක්ෂේත්‍ර සේවය සඳහා අවශ්‍ය පොත් පත් සඟරා කලින්ම බෑගයේ දමාගන්න. සේවයේ යෑමට කලින් පවත්වන රැස්වීමට හවුල් වීම සඳහා කල්වේලා ඇතුව යන්න. යාච්ඤාවකින් පසු එම රැස්වීම අවසන් වූ විගස නිවෙස්වලට යෑමට පිටත් වන්න. එවිට ඔබට මෙන්ම ඔබ සමඟ සේවයේ හවුල් වන අයටත් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්.
3 ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම පැවැත්වීමට පවරා තිබෙන්නේ ඔබට නම් එය නියමිත වේලාවට පටන්ගෙන විනාඩි 10ත් 15ත් අතර කාලයක් තුළ නිම කරන්න. කණ්ඩායම පිටත් කර හැරීමට කලින් ඔවුන් එක් එක්කෙනා සමඟ සේවයේ හවුල් වන අනිත් කෙනා කවුද කියාත් සේවය කරන්නේ කුමන ප්‍රදේශයේද කියාත් ඔවුන්ට පවසන්න.
4 සේවය අතරතුරේදී: ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම අවසන් වූ පසු කතා බහ කරමින් නිකරුණේ කාලය ගත නොකර ඉක්මනින් සේවය ආරම්භ කරන්න. ඔබ කලින් යනවා නම් කණ්ඩායමේ අනිත් අයට දිගටම සේවය කරගෙන යෑමට බාධාවක් නොවන ලෙස එසේ කරන්න. එමෙන්ම කණ්ඩායමක් සමඟ සේවයේ හවුල් වන විට ඔබ ගෙවැසියෙක් සමඟ කරන සාකච්ඡාව නිම කරන තෙක් සෙසු අයට බලා සිටීමට ඉඩ නොහරින්න. ඔවුන් ගැන සැලකිල්ල දක්වමින් ඔබේ සාකච්ඡාව කෙටි කරගැනීමටත් වාද විවාද නැණවත් ලෙස මඟහැරීමටත් අවශ්‍ය විය හැකියි. යම් කෙනෙක් උනන්දුව දක්වනවා නම් ඔහුව පසුව ගොස් හමු වන්න.—මතෙ. 10:11.
5 නැවත බැලීම් කරන විට එක ප්‍රදේශයක අයව එකම දවසේ හමුවීමට සැලසුම් කිරීමෙන් කාලය ඉතිරි කරගන්න. සමහර අය නිවසේ සිටිනවාද කියා දුරකථන ඇමතුමක් දී දැනගත හැකියි. (හිතෝ. 21:5) දිගු වේලාවක් සාකච්ඡාව කෙරෙයි කියා ඔබ සිතනවා නම් ඔබ සමඟ යන අනිත් අයට ළඟ පාරක සේවය කරන්න හෝ නැවත බැලීම් කරන්න කියා ඉල්ලා සිටිය හැකියි.
6 අපි ජීවත් වන්නේ මහත් අස්වැන්නක් එකතු කරන කාලයකයි. (මතෙ. 9:37, 38) දේවසේවය ළඟදීම නිමාවට පත් වෙයි. මේ නිසා දේවසේවය සඳහා යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි වෑයම් කරමු.