සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2011 ඔක්තෝබර් 31න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
1. යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්වලට ඇලුම් කළ යුත්තේ ඇයි? (ගීතා. 119:60, 61) [w00 12/1 14 පි. 3 ඡේ.]
2. ගීතාවලිය 133:1-3න් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? [w06 9/1 16 පි. 3 ඡේ.]
3. “යෙහෝවා දෙවි දාවිත්ව “සෝදිසි කර බලා” ඔහු “ගමනක් ගියත් විවේක ගත්තත්” ඔහු ‘ගැන අවධානයෙන් සිටියේ’ කොහොමද? (ගීතා. 139:1, 3) [w06 9/1 16 පි. 6 ඡේ.; w93 10/1 11 පි. 6 ඡේ.]
4. යෙහෝවා දෙවි තම සේවකයන්ට ‘උදව් කරන්නේ’ කුමන අසීරුතා ජය ගැනීමටද? (ගීතා. 145:14) [w04 1/15 17 පි. 11 ඡේ.]
5. හිතෝපදේශ 6:12-14හි සඳහන් පුද්ගලයා කිසි කමකට නැති කෙනෙක් වන්නේ ඔහුගේ කුමන ක්‍රියා නිසාද? [w00 9/15 26 පි. 5-6 ඡේ.]
6. ‘අණ පිළිපැදීමට කැමැත්තක් දක්වන්න’ ඥානවන්ත කෙනෙකුට හැකි වෙන්නේ ඇයි? (හිතෝ. 10:8) [w01 7/15 26 පි. 1 ඡේ.]
7. නින්දා අපහාස හෝ අසාධාරණ විවේචන හමුවේ ඥානවන්ත කෙනෙක් හා අඥාන කෙනෙක් ක්‍රියා කරන්නේ කොහොමද? (හිතෝ. 12:16) [w03 3/15 27 පි. 3-4 ඡේ.]
8. “සෑම දවසක්ම උත්සව දවසක්” කියා සිතන්න නම් අප කල්පනා කළ යුත්තේ කොහොමද? (හිතෝ. 15:15) [w06 7/1 16 පි. 6 ඡේ.]
9. ‘සිත පවිත්‍ර කරගැනීමට’ ඇතුළත් වන්නේ මොකක්ද? එසේ කරන කෙනෙක් ‘තම ජීවිතයට ඇලුම් කරනවා’ කියා පැවසිය හැක්කේ ඇයි? (හිතෝ. 19:8) [w99 7/1 18 පි. 4 ඡේ.]
10. පවුල් මූලිකයෙක් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරන විට පවුලේ අය ලබන ප්‍රයෝජන මොනවාද? (හිතෝ. 24:3) [w06 9/15 27 පි. 11 ඡේ.; be 32 පි. 1 ඡේ.]