අපගේ පොත් පත්වල පෙනුම මොන වගේද?
දේවසේවයේදී අප ඉදිරිපත් කරන සෑම ප්රකාශනයක් හෝ සඟරාවක් ගැනම එසේ කල්පනා කර බැලීම සුදුසුයි. පිටුවල කොන් නැමී, දුර්වර්ණ වී, දූවිලි වැදී හෝ පිටු ඉරී තිබෙනවා නම් කුමක් සිදු විය හැකිද? ඉන් අප නියෝජනය කරන සංවිධානය ගැන හා ගෙන යන පණිවිඩය ගැන අසන්නන් තුළ හොඳ හැඟීමක් ඇති වන්නේ නැහැ. ඒ වගේම අපගේ ප්රකාශනවල තිබෙන ජීවිත ගලවන වටිනා පණිවිඩයද ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී යෑමට ඉඩ තිබෙනවා.
එය වළක්වාගන්න පුළුවන් කොහොමද? සමහර අය ඒ සඳහා දේවසේවයේ රැගෙන යන බෑගයේ පොත්, සඟරා සහ පත්රිකා වෙන වෙනම පිළිවෙළට අසුරා තබාගන්නවා. නිවැසියෙකුට කතා කර අවසන් වූ සෑම වතාවකම බෑගයෙන් එළියට ගත් බයිබලය හා අනික් ප්රකාශන නැවතත් ඒවා තිබූ ස්ථානවලට දමයි. එවිට පොත් පත්වල පෙනුමට හානියක් වන්නේ නැහැ. තවත් ප්රචාරකයන් ඔවුන්ගේ ප්රකාශන ෆයිල් කවරයක හෝ විනිවිද පෙනෙන පොලිතින් කවරයක රැගෙන යනවා. ඒ සඳහා අප භාවිත කරන ක්රමය කුමක් වුණත් අපගේ ප්රකාශනවල පෙනුම නිසා අප රැගෙන යන පණිවිඩයේ වටිනාකම බාල කරන්න කිසිම දෙයකට ඉඩ නොදෙමු.—2 කොරි. 6:3.