නිවේදන
◼ පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත හෝ සභාවේ ඇති එවැනි ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් බයිබල් පාඩමක් කිරීමට කැමති නැත්නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව උනන්දුව දැක්වූ කෙනෙකුට ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් බයිබල් පාඩමක් කිරීමට කැමති නැත්නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි.
◼ යේසුස්ගේ මරණය සිහි කිරීමට නියමිත දිනයට අදාළ සති අන්තයේ විශේෂ ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “අප ජීවත් වන්නේ විනාශය අද්දරද?”
◼ ඔබ යම් හේතුවක් සඳහා වෙනත් රටකට යෑමට සැලසුම් කරන විට එම රටේ සාක්ෂිකරුවන් සිටිනවාද කියා ලෝක ව්‍යාප්ත සේවා වාර්තාවෙන් හෝ එම රටේ ශාඛා කාර්යාලයේ ලිපිනය වාර්ෂික පොතේ අවසන් පිටුවෙන් සොයා බැලීමට කැමති විය හැකියි. නමුත් ඒවායේ ඒ ගැන සඳහන් වී නැත්නම් ඔබේ රටේ ශාඛා කාර්යාලයෙන් විමසන්න. ඊට හේතුව එම රටේ සාක්ෂිකරුවන්ට යම් තහංචි පනවා තිබීම විය හැකියි. (මතෙ. 10:16) සමහරවිට විදේශිකයන් එම රටේ සිටින සාක්ෂිකරුවන්ව මුණ ගැසීම එතරම් නුවණට හුරු දෙයක් නොවිය හැකියි. තවත් සමහර රටවලට අපේ ප්‍රකාශන රැගෙන යෑම හෝ එහිදී අවිධිමත් ලෙස සාක්ෂි දැරීම මගින් අනවශ්‍ය ගැටලු මතු විය හැකියි. මෙසේ ශාඛා කාර්යාලයෙන් ඔබට ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරනවා නම් එම රටේ නමස්කාර කටයුතුවලට බාධාවක් නොවන අතර එය ඔබටත් ආරක්ෂාවක් වෙයි.—1 කොරි. 14:33, 40.