මාර්තු 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 122 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 15වන පරි. 8-16 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 1-4 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 3:14-25 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවිගේ නාමය දැරීම ගැන අප ආඩම්බර විය යුත්තේ ඇයි?—යෙසා. 43:12 (විනා. 5යි)
අංක 3: දික්කසාදය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?—පිබිදෙව්! 2/10 4 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2012. පෙරවදන මත පදනම් කතාවක්. දිනපදය සාකච්ඡා කරන්නේ කුමන වේලාවේද කියාත් ඉන් පවුලේ අය ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද කියාත් සබයෙන් අසන්න. වර්ෂ 2012 වාර්ෂික පදය සලකා බලා අවසන් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා හෝ තුන්වන පිටුවේ ඇති “ඔබට මතකද?” යන කොටස සාකච්ඡා කරන්න.
විනා. 10: මාර්තු මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට යෝජනා. සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දක්වන ලිපි කිහිපයක් විනාඩියක් හෝ දෙකක් ඇතුළත සලකා බලන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව