අත්හදා බැලීමට යෝජනා
මාර්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“බොහෝදෙනෙක් යේසුස්ගේ උපන් දිනය සමරනවා. නමුත් යේසුස්ගේ මරණය සිහි කිරීම වැදගත් දෙයක් කියලා ඔබ සිතන්නේ නැද්ද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පසුව මාර්තු පළමුවෙනිදා මුරටැඹ සඟරාව ඔහුට දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාවට අදාළ මුල් ඡේදය සලකා බලන්න. පසුව බයිබල් පදයක් කියවන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා දිනයක් සැලසුම් කරගන්න.
මුරටැඹ මාර්තු 1
“අද හුඟක් ක්‍රිස්තියානි කියන ආගම් සහ නිකායන් තියෙනවා. ඒවායේ ඉගැන්වීම් ක්‍රමත් විවිධයි. ඒ හැම ආගමකම ඉන්න අය ඇත්තටම යේසුස්ගේ අනුගාමිකයන් කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඇත්තටම යේසුස්ගේ අනුගාමිකයෙකුව හඳුනගන්න පුළුවන් ලකුණක් යේසුස් දුන්නා. [යොහන් 13:34, 35 කියවන්න.] යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගන්න පුළුවන් ආකාරය ගැන යේසුස්ම සඳහන් කළ දේවල් පහක් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! මාර්තු
“අද බොහෝදෙනෙක් අද්දකින ගැටලුවක් ගැන අපි ඔබගේ අසල්වාසින් එක්ක කතා කළා. ඒ තමයි අද ගොඩක් අයට ඉක්මනින් කේන්ති යනවා. ඉවසීම අඩුයි. ඔබ හිතන්නේ ඒකට හේතුව කුමක් කියලද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] කෝප වීම ගැන බයිබලයේ සඳහන් දෙයක් මම ඔබට පෙන්වන්නම්. [ගීතාවලිය 37:8 කියවන්න.] කෝප වීමේ නැඹුරුවාව එන්න එන්නම වැඩි වෙන්න හේතුවත් කෝපය පාලයන කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනත් මේ සඟරාවේ තියෙනවා.”