අත්හදා බැලීමට යෝජනා
ජනවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“දෙවියන්ගේ නම මොකක්ද කියලා ඔයා දන්නවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන කියන දේ පොඩ්ඩක් බලන්න.” ජනවාරි 1 මුරටැඹ සඟරාව දී එහි අන්තිම පිටුවේ ඇති ලිපිය පෙන්වන්න. එහි පළමු උපමාතෘකාව යටතේ තියෙන ඡේදය සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.
මුරටැඹ ජනවාරි 1
“ලෝකාන්තිමය ගැන හුඟක් අය කතා කරනවා. අපි ඒකට භයෙන් ඉන්න ඕනෙ කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ලෝක විනාශෙන් බේරෙන කට්ටියක් ඉන්නවා කියලා මෙතන කියනවා. [1 යොහන් 2:17 කියවන්න.] ලෝකාන්තිමය ගැන හුඟදෙනෙක්ට තියෙන ප්‍රශ්න හතරකට ශුද්ධ බයිබලයේ දෙන උත්තර මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජනවාරි
“දෙමව්පියන්ට වැදගත් වෙන දෙයක් ගැන අද අපි කතා කළා. [ක්‍රියා 20:35ආ කියවන්න.] යේසුස් කිව්ව මේ දේ පවුලේ හැමෝම පිළිපදින්න ඕනෙ කියලා ඔයා හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අද ඉන්න හුඟක් අය හිතන්නේ තමන් ගැන විතරයි. ඒ නිසා අනුන් ගැන හිතන්න දරුවන්ව පුහුණු කරන එක දෙමාපියන්ට ලේසි නෑ නේද? ඒක කරන්න උදව් වෙන සඟරාවක් තියෙනවා.”