අත්හදා බැලීමට යෝජනා
ජනවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“බයිබලය කියන්නේ නිවැරදි අනාවැකි ඇතුළත් පොතක් කියලා සමහර අය විශ්වාස කරනවා. ඒත් තවත් සමහර අය කියන්නේ බයිබලයේ තියෙන අනාවැකි පැහැදිලි නැහැ කියලයි. ඒ නිසා තමන්ට කැමති කැමති විදිහට ඒවා විස්තර කරන්න පුළුවන් කියලත් ඔවුන් හිතනවා. බයිබලය ගැන ඔයා මොනවද හිතන්නේ?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පසුව ජනවාරි 1 මුරටැඹ සඟරාව ඔහුට දී, 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ තිබෙන කරුණ සලකා බලා එක බයිබල් පදයක් හෝ කියවා සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය වෙනත් දවසක සලකා බැලීමට සැලසුම් කරන්න.
මුරටැඹ ජනවාරි 1
“අතීතයේ හිටිය ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔයත් ඒකට එකඟ වෙනවා ඇති. [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ශුද්ධ බයිබලයෙත් එවැනි අය ගැන සඳහන් වෙනවා. ආබ්‍රහම් කියන්නේ ඒ අයගෙන් කෙනෙක්. ඔහුව “දෙවිගේ මිත්‍රයා” කියලා හඳුන්වලා තියෙනවා. [යාකොබ් 2:23 කියවන්න.] ඒ ඇයි කියලත් ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලත් මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
පිබිදෙව්! ජනවාරි
“ව්‍යාපාරික ලෝකයේ අල්ලස් ගැනීම, දූෂණය වගේ වංක ක්‍රියාවන් අද සාමාන්‍ය දෙයක් වෙලා. සමහර අය හිතනවා දියුණු වෙන්න නම් වංක දේවල් කරන්නම වෙනවා කියලා. ඒ ගැන ඔයා මොනවද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ ඒ ගැන කියන දේ බලන්න. [හිතෝපදේශ 20:17 කියවන්න.] අවංකව කටයුතු කිරීම වටින්නේ ඇයි කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”