අත්හදා බැලීමට යෝජනා
ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“දේවදූතයන් ගැන ඔයා අහලා ඇති. දේවදූතයන් ඇත්තටම ඉන්නවා කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ ඒ ගැන කියන දේ බලන්න.” ජූලි පළමුවෙනිදා මුරටැඹ සඟරාව දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ තියෙන මුල් ඡේදය සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න. මාසෙට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.
මුරටැඹ ජූලි 1
ගීතාවලිය 65:2 කියවලා මෙහෙම කියන්න. “අපේ ප්‍රශ්න අහන දෙවි කෙනෙක් ඉන්නවා කියලා හුඟක් අය විශ්වාස කරනවා. හැබැයි සමහර අය කියනවා ‘ඒ වගේ දෙවි කෙනෙක් ඉන්නවා නම් ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ’ කියලා. ඒ ගැන ඔයා මොනවාද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහැර හය වෙනි පිටුවට පෙරලන්න.] ‘දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?’ කියන මේ ප්‍රශ්නෙට ශුද්ධ බයිබලේ තියෙන උත්තරේ මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූලි
“මේ ලෝකේ තියෙන නරක දේවල්වලින් එක දෙයක් ඔයාට වෙනස් කරන්න පුළුවන් වුණොත් ඔයා වෙනස් කරන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හැබැයි මුළු ලෝකෙටම බලපාන විදිහට ඒ වගේ වෙනසක් කරන්න අපිට බැහැ. ඒ ඇයි කියලා ශුද්ධ බයිබලයේ කියලා තියෙනවා. [යෙරෙමියා 10:23 කියවන්න.] හැබැයි දෙවියන්, ළඟදීම මේ ලෝකෙට ලොකු වෙනසක් ඇති කරන්න යනවා. ඒ ගැන මේ සඟරාවේ තියෙනවා.”