අත්හදා බැලීමට යෝජනා
ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“ඔයා හිතන විදිහට, අපි කරන යාච්ඤාවලට දෙවියන් සවන් දෙන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ ජූලි 1
“හැම දේම කරන්න දෙවියන්ට බලය තියෙනවා නම් නරක දේවලටත් වග කියන්න ඕන දෙවියන් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඊටපස්සේ යාකොබ් 1:13 කියවන්න.] නරක දේවල් වෙන්නේ ඇයි කියලත් දෙවියන් දුක් කරදර නැති කරන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූලි
“ස්වාභාවික විපත්, දරුණු රෝග, අපේම කෙනෙක්ගේ මරණය වගේ දේවලට අපි මුහුණ දෙනවා. ඒ වගේ වෙලාවට මානසිකව වැටෙන්නේ නැතුව ඉන්න එක වැදගත් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒවාට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ තියෙන දේවල් හුඟක් අයට උදව් වෙලා තියෙනවා. [රෝම 15:4 කියවන්න.] කරදරයකට මුහුණ දෙද්දී බයිබලයේ තියෙන දේවල් අපිට උදව් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ විස්තර කරනවා.”