අත්හදා බැලීමට යෝජනා
ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“කවුරුත් කැමතියි මැරෙන්නැතුව හැමදාටම පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න. මං ආසයි ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. හැමදාම ජීවත් වෙන්න අවස්ථාව උදා කරලා දෙන්න කවදහරි දවසක විද්‍යාඥයන්ට පුළුවන් වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න මෙතන කියන දේ.” ජූලි 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මේ යෝජනාව ජූලි හයවෙනිදා පවත්වන ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී නිරූපණය කළ යුතුයි.
මුරටැඹ ජූලි 1
“හැමෝටම වගේ ආගමක් තියෙනවා. ඒත් ආගම්වල සිද්ධ වෙන දේවල් නිසා හුඟක් අය ඉන්නේ කලකිරිලා. විශ්වාසෙත් බිඳිලා. ආගම් ගැන ඔයාගෙ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යම් ආගමක් දෙවියන් අනුමත කරනවද නැද්ද කියලා හොයලා බලන්න හොඳ මිම්මක් යේසුස් දුන්නා. [ලූක් 6:44අ කියවන්න.] අද හුඟක් ආගම්වල තියෙන නරක පල ගැන මේ සඟරාවේ පෙන්වනවා. විශ්වාස කරන්න පුළුවන් කොයි ආගමද කියන ප්‍රශ්නෙටත් උත්තරේ දීලා තියෙනවා.”
පිබිදෙව්! ජූලි
“අද හැමෝම වගේ අයුක්තියට මුහුණ දෙනවා. සමහරු ඒකට විරුද්ධව පෙළපාළි යනවා. එහෙම කළා කියලා විසඳුම් හම්බ වෙලා තියෙනවද? ඔයා මොකද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අයුක්තියට නියම විසඳුම මොකක්ද කියලා බයිබලේ කියනවා. මේ බලන්න. [මතෙව් 6:9, 10 කියවන්න.] විසඳුම පෙළපාළි යෑමද කියන ප්‍රශ්නෙට උත්තරේ මේ සඟරාවේ තියෙනවා.”
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
“අපි හැමෝත් එක්කම බයිබලේ තියෙන වටිනා අදහසක් ගැන කතා කළා. මිනිස්සු ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මෙච්චර අපරාධ සිද්ධ වෙන්න ඉඩ දීලා තියන්නෙ කියලා හුඟක් අය කල්පනා කරනවා. මිනිස්සු දුක් විඳිනවාට දෙවියන් කැමතිද? ඔයා මොකද හිතන්නෙ?” ප්‍රතිචාරයට ඉඩහරින්න. පස්වෙනි පාඩමට පෙරළා පළමු හා දෙවන ඡේද සහ කියවන්න කියා තියෙන බයිබල් පද කියවා සාකච්ඡා කරන්න. තද කලු අකුරෙන් තියෙන ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.