ඔක්තෝබර් 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 54 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 8වන පරි. 8-16 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: හොෂෙයා 8–14 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 15: “ක්ෂේත්ර සේවා කණ්ඩායමෙන් ප්රයෝජන ලබාගනිමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. හයවන පිටුවේ ඇති කොටුව සලකා බලන විට, ක්ෂේත්ර සේවා රැස්වීම පවත්වන්න තම නිවස ලබා දුන් කෙනෙක් එක්ක කෙටි සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. ඒ සඳහා සෑම සතියකම ඔහු සූදානම් වෙන්නේ කොහොමද? තම නිවසේ එම රැස්වීම පැවැත්වීම ඔහු වරප්රසාදයක් ලෙස සලකන්නේ ඇයි?
විනා. 15: “බයිබල් පාඩම් හොයාගන්න ක්රම 5ක්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. හයවන ජේදය සලකා බැලූ පසු හොඳින් දියුණු වූ බයිබල් පාඩම් පැවැත්වූ අයට තමන් ලැබූ සතුට ගැන කියන්න ආරාධනා කරන්න.
ගීතිකා අංක 122 සහ යාච්ඤාව