නොවැම්බර් 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 100 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 25වෙනි පරි. 14-21 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: තීතස් 1-3–ෆිලෙමොන් 1-25 (විනා. 10යි)
අංක 1: තීතස් 2:1-15 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ප්‍රශ්න ගැටලුවලට හේතුව දැනගන්න වැරදුණේ කොතනද කියා තේරුම්ගමු—ph 25 පි. (විනා. 5යි)
අංක 3: ‘නිෂ්ඵල වූ අසත්‍ය කථාවලට කාලය යොමු නොකළ යුත්තේ’ ඇයි?—1 තිමෝ. 1:3, 4; 2 තිමෝ. 4:3, 4 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නොවැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාව ගොඩනැඟීමට පහත සඳහන් ප්‍රශ්න යොදාගන්න. ‘රාජ්‍ය ආරංචි’ අංක 38 බෙදාහරිද්දී සතිඅන්තවල සුදුසු අවස්ථාවලදී සඟරා ඉදිරිපත් කළ යුත්තේ ඇයි? සඟරා ඉදිරිපත් කළ හැක්කේ මොන වගේ අවස්ථාවලදීද? ‘රාජ්‍ය ආරංචි’ පත්‍රිකාව දුන් පසු සඟරාවක් හඳුන්වා දීමට අපිට කියන්න පුළුවන් මොනවාද? ‘රාජ්‍ය ආරංචි’ පත්‍රිකාව සමඟ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ජීවිත වෙනස් කළ පොතක්. (හෙබ්‍රෙ. 4:12) 2012 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 11-13 පිටු මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් දේ ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 114 සහ යාච්ඤාව