දක්ෂ විදිහට උගන්වන්න නම් සූදානම් වෙන්න
සදාකාල ජීවනය ගැන අඩුම තරමින් දෙන්නෙක්වත් යේසුස්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ අවස්ථා දෙකේදීම ඔහු උත්තර දුන්නේ ප්රශ්නය අහපු කෙනාට ගැළපෙන විදිහටයි. (ලූක් 10:25-28; 18:18-20) අපි තොරතුරු හොඳින් දැනගෙන හිටියත් ශිෂ්‍යයාව මනසේ තියාගෙන කලින්ම සූදානම් වෙන්න ඕනේ. ඒකට මෙහෙම හිතලා බලන්න. ශිෂ්‍යයාට තේරුම්ගන්න, පිළිගන්න අමාරු වෙන්නේ මොන කරුණුද? කියවන්න ඕන මොන බයිබල් පදද? එක වතාවකදී කොච්චර තොරතුරු ප්‍රමාණයක් සාකච්ඡා කරන්න ඕනෙද? සමහර වෙලාවට ශිෂ්‍යයාට තොරතුරු කාවද්දන්න උදාහරණයක්, අමතර තොරතුරු, ප්‍රශ්න කීපයක් කලින්ම සූදානම් කරගන්න වෙයි. සත්‍යයේ බීජ වර්ධනය වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා අපි පාඩමකට සූදානම් වෙද්දී දෙවිගෙන් උදව් ඉල්ලන්න ඕනේ. ඒ වගේම ශිෂ්‍යයාටත් ඔහුට දියුණු වෙන්න උදව් කරන්න අපි දරන වෑයමටත් ආශීර්වාද කරන්න කියලත් ඉල්ලන්න ඕනේ.—1 කොරි. 3:6; යාකො. 1:5.