ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 3 පි.
  • බයිබලය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද?
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දෙවි ඔබට ආදරෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දානියෙල් පොත සහ ඔබ
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • අන්තිම කාලයේ සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීම
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබලය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද?

ප්‍රශ්න මැද්දෙත් දානියෙල් වගේ දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔයාත් ආසද? එහෙනම් දානියෙල් වගේ ඔයාත් අනාවැකි ඇතුළු බයිබලයේ සඳහන් තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. (දානි 9:2) දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒක උදව් වෙන්නේ කොහොමද? දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන සහතිකය ඒකෙන් ඔයාට ලැබෙනවා. (යොෂු 23:14) ඒ වගේම දෙවි ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි කරගෙන ඔහු කැමති දේ කරන්නත් ඒක ඔයාට උදව් වෙයි. (ගීතා 97:10) ඒත් බයිබලය අධ්‍යයනය කරන්නේ කොහොමද? ඒකට යෝජනා කිහිපයක් බලන්න.

දානියෙල් දේවවචනය අධ්‍යයනය කරමින්
  • අධ්‍යයනය කරන්න පුළුවන් මොනවාද? හැම සතියකම රැස්වීම්වලට සූදානම් වෙන එක අනිවාර්යය දෙයක්. සතියේ බයිබල් කියවීමට අදාළ කොටස කියවද්දී තේරුම්ගන්න අමාරු බයිබල් පද ගැන තොරතුරු හොයන්න. අනාවැකි, දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග, පාවුල්ගේ සංචාරයන්, දෙවිගේ නිර්මාණ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන්නත් පුළුවන්. බයිබලයෙන් හොයලා බලන්න ඕනෙ කියලා හිතෙන ප්‍රශ්න ලියාගෙන පස්සේ ඒ ගැන අධ්‍යයනය කරන්නත් පුළුවන්.

  • අමතර තොරතුරු හොයාගන්නේ කොහෙන්ද? ‘දේවවචනය ගැඹුරින් හොයන්න අත්වැලක්’ කියන වීඩියෝ එකේ අමතර තොරතුරු හොයාගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. දානියෙල් 7වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයන්ගෙන් නියෝජනය වෙන ලෝක බලයන් ගැන හොයන්න. අමතර තොරතුරු හොයාගන්න ඒකෙන් ඔයාට පුහුණුවක් ලැබෙයි.

  • කොච්චර වෙලාවක් අධ්‍යයනය කරන්න ඕනෙද? දෙවිට විශ්වාසවන්තව ඉන්න නම් නිතිපතා අධ්‍යයනය කරන්න වෙලාව හොයාගන්න එක වැදගත්. මුල් කාලේ ඒකට කෙටි වෙලාවක් යොදවලා ටිකෙන් ටික වෙලාව වැඩි කරන්න ඔයාට පුළුවන්. දෙවිගේ වචනය අධ්‍යයනය කරන එක හරියට නිධාන හොයනවා වගේ. වටිනා තොරතුරු හම්බ වෙන්න හම්බ වෙන්න තවත් තොරතුරු හොයන්න ලොකු ආසාවක් ඇති වෙයි. (හිතෝ 2:3-6) දෙවිගේ වචනය ගැන ඔයාට තියෙන ඇල්මත් වැඩි වෙයි. දෙවිගේ වචනය අධ්‍යයනය කරන පුරුද්ද නතර කරන්න හිතෙන එකකුත් නැහැ.—1පේතෘ 2:2.

    බයිබලය අධ්‍යයනය කරන එකෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න 2012 පෙබරවාරි ‘පිබිදෙව්!’ සඟරාවේ 18-20 පි. බලන්න.

දානියෙල් 7වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවාද?

  • රාජාලියෙකුගේ පියාපත් තියෙන සිංහයෙක් වගේ මෘගයෙක්

    දානි 7:4

  • ඉළ ඇට තුනක් හපාගෙන ඉන්න වලසෙකු වගේ මෘගයෙක්

    දානි 7:5

  • පියාපත් හතරක් සහ හිස් හතරක් තියෙන දිවියෙකු වගේ මෘගයෙක්

    දානි 7:6

  • යකඩ දත් සහ අං දහයක් තියෙන භයානක මෘගයෙක්

    දානි 7:7

අමතර ප්‍රශ්නය:

දානියෙල් 7:8, 24 ඉටු වුණේ කොහොමද?

ඇස් සහ කටක් තියෙන අඟක් අං දසය අතර හටගෙන අං තුනක් උගුලා දමනවා

ඊළඟ අධ්‍යයනයට:

එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න