ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 7 පි.
  • සේවයේ දක්ෂ වීමට - පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හිතට ධෛර්යය ගන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 7 පි.
සහෝදරයෙක් බයිබල් ශිෂ්‍යයෙක් එක්ක කතා කරමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න

ඒක වැදගත් ඇයි? ගැලවෙන්න නම් මිනිසුන් යෙහෝවා දෙවියන්ගේ නම කියලා අයැදින්න ඕනේ. (රෝම 10:13, 14) අපිත් එක්ක බයිබලය පාඩම් කරන සමහරු දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න කැමති නැහැ. ඒ නිසා සේවයට යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් දෙවියන්ව සතුටු කරන්න කැමති, ඉගෙනගන්න දේවලට එකඟව ජීවිතේ වෙනස්කම් කරන්න කැමති අය වෙනුවෙන් අපේ කාලය දෙන්න ඕනේ. ප්‍රමාණවත් කාලයක් දුන්නාට පස්සෙත් ශිෂ්‍යයෙක් ජීවිතේ වෙනස්කම් කරන්නේ නැත්නම් හොඳම දේ තමයි පාඩම නතර කරන එක. එතකොට අපිට පුළුවන් ඒ වටිනා කාලය දෙවියන්ටත් ඔහුගේ සංවිධානයටත් ළං වෙන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් යොදවන්න. (යොහ 6:44) පස්සේ කාලෙක ශිෂ්‍යයා ‘සත්‍යය පිළිගන්න’ කැමැත්තෙන් ඉන්නවා කියලා පේන්න තිබුණොත් අපිට පුළුවන් ආයෙත් එයාගේ පාඩම පටන්ගන්න.—ක්‍රියා 13:48.

ඒක කරන්නේ කොහොමද?

  • බයිබලය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ආශාවක් තියෙන එක ගැන ශිෂ්‍යයාව අගය කරන්න.—1තිමෝ 2:4

  • ඉගෙනගන්න දේට එකඟව ජීවිතේ වෙනස්කම් කරන එකේ වැදගත්කම ගැන එයාට පෙන්නලා දෙන්න.—ලූක් 6:46-49

  • වපුරන්නාගේ උපමාව එයාත් එක්ක සාකච්ඡා කරන්න. අවශ්‍ය වෙනස්කම් කරන්න එයාට අමාරු ඇයි කියන එක ගැන හිතලා බලන්න එයාව උනන්දු කරන්න.—මතෙ 13:18-23

  • පාඩම නතර කරන හේතුව ගැන එයාට කාරුණිකව පැහැදිලි කරන්න

  • විටින් විට එයාව බලන්න එනවා කියලත් වෙනස්කම් කරන්න කැමති නම් පස්සේ කාලෙක ආයේ පාඩම පටන්ගන්න පුළුවන් කියලත් එයාට කියන්න

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බයිබල් ශිෂ්‍යයා දෙවියන්ට ළං වෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා එයාත් එක්ක කරපු කතාබහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

  • ජීවිතේ අවශ්‍ය වෙනස්කම් කරන එකේ වැදගත්කම ප්‍රචාරකයා ශිෂ්‍යයාට පෙන්නලා දුන්නේ කොහොමද?

  • ප්‍රචාරකයා කොහොමද පෙන්වන්නේ එයා ශිෂ්‍යයාව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා නැහැ කියලා?

බයිබල් පාඩමක් නතර කරන්න කලින් යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න. ශිෂ්‍යයාගේ වයස සහ තත්වයන් සැලකිල්ලට ගන්න. ඒ වගේම එයා දෙවියන්ට ළං වෙන්න උත්සාහයක් දරනවාද නැද්ද කියලා හොඳට හිතලා බලන්න.

  • ශිෂ්‍යයා අතපසු කරන්නේ නැතුව පාඩම දිගටම කරනවාද?

  • එයා පාඩමට හොඳින් සූදානම් වෙනවාද?

  • රැස්වීම්වලට සහභාගි වෙනවාද?

  • බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහයක් දරනවාද?

  • ඉගෙනගන්න දේවල් අනිත් අය එක්ක කතා කරන්න පෙලඹෙනවාද?

  • අසත්‍යය උගන්වන ආගම්වලින් අයින් වෙන්න එයා පියවර අරන් තියෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න