ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 7 පි.
  • “දේවතා රූප ඉවත දමන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දේවතා රූප ඉවත දමන්න”
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අද්භූත දේවල්වලට සම්බන්ධ දෙයක් විනෝදෙට කරන එක වැරදිද?
    යොවුන් සිතේ ගැටලු
  • භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?
    2017 පිබිදෙව්!
  • යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 7 පි.
භූතවාදයට සම්බන්ධ ඇට මාලයක් වීසි කරමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දේවතා රූප ඉවත දමන්න”

යාකොබ් ජීවත් වුණු කාලේ රූප නමස්කාරය ගැන දෙවියන් නීතියක් දීලා තිබුණේ නැහැ. ඒත් නමස්කාරය ලබන්න වටින්නේ යෙහෝවා දෙවියන් විතරයි කියලා එයා දැනන් හිටියා. (නික් 20:3-5) ඒ නිසයි බෙතෙල්වලට යන්න කියලා දෙවියන් කිව්වාට පස්සේ දේවතා රූප සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා යාකොබ් හැමෝටම කිව්වේ. ඊටපස්සේ හැමෝම ගෙනාපු දේවතා රූප සහ කරාබු යාකොබ් වළලලා දැම්මා. සමහරවිට ඒ ගෙනත් දීපු කරාබු ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතාගෙන එයාලා පළඳපු ඒවා වෙන්න ඇති. (උත් 35:1-4) යාකොබ් කරපු දේ ගැන යෙහෝවා දෙවියන් සතුටු වුණා කියලා නම් සැකයක් නැහැ.

යෙහෝවා දෙවියන්ට විතරක් දෙන්න ඕන නමස්කාරය වෙන කිසි දේකට නොදී ඉන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි රූප නමස්කාරයට සහ භූතවාදයට සම්බන්ධ හැම දේකින්ම වැළකිලා ඉන්න එක. භූතවාදයට සම්බන්ධ දෙයක් අපි ළඟ තියෙනවා නම් ඒක ඉවත් කරන එකත් විනෝදයට තෝරගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන එකත් ඒකට ඇතුළත්. උදාහරණෙකට මෙහෙම හිතන්න. ‘මං බලන චිත්‍රපටිවල, කියවන පොත් පත්වල වැම්පයර්ලා, ඇවිදින මළ මිනී, අද්භූත බලයන් වගේ දේවල් ඇතුළත්ද? මං විනෝදයට තෝරගන්න දේවල්වල මැජික්, හූනියම්, මන්තර ගුරුකම් වගේ දේවල කිසි හානියක් නැහැ කියලා පෙන්වනවාද?’ යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවලින් අපි සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න ඕනේ.—ගීතා 97:10.

‘“යක්ෂයාට විරුද්ධ වන්න”’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඇඳේ ඉන්න පුංචි බබෙක්ගේ අතේ ආරක්ෂාවට පළඳන දෙයක් ගැටගහලා තියෙනවා. පසුබිමේ බබාගේ අම්මා එයාට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන යුවළ එක්ක කතා කරමින්.

    බයිබල් ශිෂ්‍යයෙක් වුණු පලේසාට මුහුණ දෙන්න වුණු ප්‍රශ්නේ මොකක්ද?

  • යුවළ සහ බයිබල් ශිෂ්‍යයා අවශ්‍ය උදව් ලබාගන්න වැඩිමහල්ලන් එක්ක කතා කරමින්.

    භූත බලපෑම් ඇති වෙද්දී වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න ඕනෙ ඇයි?

  • බයිබල් ශිෂ්‍යයා බබාගේ අතේ ආරක්ෂාවට ගැටගහලා තිබුණු දෙය ලිපට දමමින්.

    යක්ෂයාට විරුද්ධ වෙන්න, දෙවියන්ට ළං වෙන්න.—යාකො 4:7, 8

    යෙහෝවා දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න නම් අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනෙ මොන දේවල්ද?

  • කල් දාන්නේ නැතුව පලේසා කළේ මොකක්ද?

  • ඔයා ඉන්න ප්‍රදේශයේ අය, භූතවාදයට සම්බන්ධව කරන විවිධ දේවලින් වළකින්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න