දේවවචනය නිධානයක් | නික්මයාම 1-3
“තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි”
යෙහෝවා දෙවියන් තමන්ගේ පෞද්ගලිකත්වයට අයිති හරිම විශේෂ දෙයක් ගැන මෝසෙස්ට කියලා දුන්නා. තමන්ගේ අරමුණ ඉටු කරන්න, ඕනම තත්වයකට අනුව හැඩගැහිලා ඕනම දෙයක් කරන්න දෙවියන්ට පුළුවන්. ඒත් ඒ කිසිම අවස්ථාවකදී ඔහු තමන්ගේ පරිපූර්ණ ප්‍රමිති කඩ කරන්නේ නැහැ. ආදරණීය තාත්තා කෙනෙක් වගේ යෙහෝවා දෙවියනුත් තමන්ගේ දරුවන්ට මුහුණ දෙන්න වෙන ඕනම තත්වයකදී එයාලට ඕන කරන උදව් විවිධාකාරයෙන් ලබා දෙමින් එයාලව රැකබලා ගන්නවා.
විවිධ තත්වයන්වලට මුහුණ දීපු අවස්ථාවලදී යෙහෝවා දෙවියන් මට අවශ්‍ය උපකාරය, අවශ්‍ය වෙලාවටම ලබා දුන්නේ මොන විදිවලින්ද?